ආණ්ඩුව විසින් සමෘද්ධි සේවකයින්ටත් සගවමින් හිතුවක්කාරී ලෙස පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට සැරසුන දිවි නැගුම පනත කෙරෙහි ශ්රේෂ්ඨාධිකරණ විසින් ලබා දුන් විශිෂ්ඨ තීන්දුව සමස්ත සමෘද්ධි සේවකයින් මෙන්ම රටේ ජනතාවම ලද ජයග්රහණයක් බව සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය පවසයි. එම සංගමයේ ලේකම් චාමර මද්දුමකළුගේ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව ප්රකාශ කර ඇත.
එම නිවේදනය පහත පළ වේ.
“2012 ඔක්තෝම්බර් මස 08 දින දිවි නැගුම පනතට එරෙහිව දෙවන වරටත් අප සංගමය විසින් ශ්රේෂ්ඨාධිකරණයේ නඩු අංක SC (SD) APPL NO 2012 යටතේ ගොනු කරන ලද නඩුවෙන් සමෘද්ධි සේවකයින් මෙන්ම සමස්ත රටේ ජනතාවම ලද අතිවිශිෂ්ඨ ජයග්රහණයක් බව අප මෙයින් පෙන්වා දෙමු. පනතේ ඇතුලත් වගන්ති 16 ක්ම ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවත් ඇතැම් වගන්ති සම්මත කර ගන්නේනම් ජනමත විචාරණයකට පවා යා යුතු බව සදහාන් වීම තුළ රටේ නීතිය මෙන්ම යුක්තිය, සාධාරණත්වය ආරක්ෂා කර ගැනීම සදහා ලබා දුන් ඓතිහාසික තීන්දුවක් බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. ආණ්ඩුක්රම ව්යවස්ථාවටත් පටහැනි වගන්ති ඇතුලත්කර ඇමතිවරයෙකු විසින් දිවි නැගුම දෙපාර්තමේන්තුවේ පරිපාලන බලය මෙන්ම මුල්ය බලය තම අණසකට යටත්කර ගැනීමට ගත් උත්සහය මෙම නඩු තීන්දුව මගීන් ව්යර්ත වී ඇති බව අප සංගමය වැඩිදුරටත් මෙයින් ප්රකාශ කර සිටිමු.
මෙම පනතෙහි කිසිදු වරදක් නොමැති බව පවසමින් සමස්ථ ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිළධාරී සංගමය හා ශ්රී ලංකා නිදහස් සමෘද්ධි කළමණාකරුවන් හා සම්බන්ධීකරණ නිලධාරීන්ගේ සංගමය ඇතුලු සමෘද්ධි අධිකාරියේ පාලනාධිකාරියේද පුර්ණ සහයෝගයෙන් සේවකයින් මෙන්ම රටේ මහජනතාවත් නොමග යැවීමට කටයුතු කළ අතර නීතියට ගරු නොකරන, අවස්ථාවාදී එම සංගම් විසින් පසුගිය දිනයන්හි සිදු කරන ලද සියලු ප්රකාශයන් මෙන්ම සියලු උද්ඝෝෂණ දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින අතර ආණ්ඩුවේ රෙදි සෝදන විවිධ විද්වතුන්සේ පෙනී සිටින්නන්ද මෙම පනතේ කිසිදු ගැටළුවක් නොමැති බව පවසමින් මාධ්ය මගින් සිදු කරන ලද අවස්ථාවාදී රංගනයන්ට ශ්රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති මෙම තීන්දුව කදිම පිළිතුරක් වී ඇත. තවද සමෘද්ධි ව්යාපාරයෙහි වෘත්තීය සංගම් 14 කින් ඉහත සංගම් ආණ්ඩුව සමග ඝෘජුවම සේවකයින් ඇතුලු මුඵ මහත් සමාජයම අදුරු ඛේදවාචකයකට ඇද දැමීමට කැස කවද්දී සෙසු වෘත්තීය සංගම් සියල්ල පටු වාසිතකා නිහඩ ප්රතිපත්තීන් අනුගමනය කර බලධාරීන්ගේ ඔනෑකම ඉටු කිරීමට තම සාමාජිකයින්ටත් හොරෙන් බලධාරීන් විසින් සංවිධානය කරන ලද මාධ්ය ඉදිරියට විත් මෙම නීති විරෝධී පනතට සුදු හුණු ගෑම තුළ එය ආණ්ඩුවේ යට් අරමුණ ඉටු කිරීමට වෙර දරණ උත්සහයට තවත් රුකුලක් වු බව අප සංගමය මෙයින් පෙන්වා දෙමු.
27,000 ආසන්න සේවක පිරිසකගේ වසර 16 පුරාවට උපයා ඇති සේවක අර්ථසාධක මුදල් හා විශ්රම වැටුප් පාරිතෝෂිත මුදල් සම්බන්දයෙන් ගන්නා ලද තීරණය පනතට ඇතුලත් නොකර සේවකයා හට සගවමින් කටයුතු කර අතරම අප සංගමයෙන් ඊට කරන ලද බලපෑම හමුවේ 2012-11-06 ඊයේ දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක විසින් විෂයභාර ඇමාත්ය බැසිල් රාජපක්ෂ මහතා හට ඊට පිළිතුරු සැපයීමට වීම හා ඊට අදාලකරන සංශෝදනයන් පනතට එකතු කරන බව පාර්ලිමේන්තුවේම ප්රකාශයට පත් කිරීමට සිදු වීම සමස්ත සේවකයින්ම ලද ජයග්රහණයකි.
ඇමතිවරයෙකු විසින් දෙපාර්තමේන්තුවේ පරිපාලන බලය සිය ග්රහණයට නතු කර ගැනීම සදහා වු පනතේ 8 (ආ) වගන්තිය ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 3 වගන්තියට පටහැනි බැවින් එය ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට දුන් තීන්දුව මෙන්ම දෙපාර්තමේන්තුවේ මුදල් සම්බන්දව වු වගන්ති ඇතුලත් පනතේ 5 (ඈ) වගන්ති සමග කියවෙන 35 (1) හි (ආ), (ඇ) සහ (ඈ) වගන්තිද ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 3 වගන්තියට පටහැනි බැවින් එම වගන්ති වලින් කියවෙන මුදල් සහ වත්කම් ඒකාබද්ධ අරමුදලට බැර කොට පාර්ලිමේන්තුවේ අවසරය ඇතිව දිවිනැගුම අරමුදල සඳහා යොදා ගත යුතු යන ශ්රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුව ඒ අතර විශේෂ කොට සැලකිය හැක්කේ එතුලින් සමෘද්ධි ලාභීන්ගේ සමෘද්ධි බැංකු සතු මිලියන 55,000 මුදල් මෙන්ම මහජන මුදල්ද අපහරණය වීම වලකාලීමට අවශ්ය නීතිමය රැකවරණය ලැබීම තුලිනි.
වෘත්තීය අයිතිවාසිකම් රැක ගැනීම මෙන්ම ආයතනයත්, සේවාදායකයා වන දුප්පත් සමෘද්ධිලාභීන්ගේ අයිතිවාසිකම් රැක ගැනීමත් මෙන්ම යුක්තිගරුක, නීතිගරුක මෙන්ම සාධාරණ සමාජයක් ගොඩ නැගීමේ කාර්ය භාරයත් වැඩ කරන ජනතාව නියෝජනය කරන සැබෑ වෘත්තීය සමිතියක් මත පැවරී ඇති සමාජ වගකීමක් බැවින් එය අකුරටම ඉටු කිරීමට අප සංගමය විසින් ගත් අධිකරණ ක්රියාමාර්ගය මගීන් හැකි වු බව මෙයින් පෙන්වා දෙමු. රට තුළ මහත් ආන්දෝලනයක් මෙන්ම කථිකාවතක් ගොඩ නැගුන මෙම දිවි නැගුම පනතට එරෙහිව 2012 අගෝස්තු මස 16 දින ප්රථම වරට අප සංගමය විසින් ශ්රේෂ්ඨාධිකරණයේ නඩු අංක SC (SD) APPL NO – 1/2012 යටතේ ගොනු කරන ලද නඩුව විභාග කර එඩිතර, සාධාරණ, යුක්තිගරුක තීන්දුව ලබා දුන් ගරු ශීරාණි බණ්ඩාරනායක අග්රවිනිශ්චකාරතුමිය ඇතුලු ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලටත්, දෙවන වරටත් දිවි නැගුම පනතට එරෙහිව 2012 ඔක්තෝම්බර් මස 08 දින අප සංගමය විසින් ශ්රේෂ්ඨාධිකරණයේ නඩු අංකSC (SD) APPL NO – 4/2012 යටතේ ගොනු කරන ලද නඩුව විභාග කර සාධාරණ යුක්තිගරුක තීන්දුව ලබා දුන් ගරු ශීරාණි බණ්ඩාරනායක අග්රවිනිශ්චකාරතුමිය ඇතුලු ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලටත්, අවස්ථා දෙකෙහිදීම සමාජ වගකීම ඉටු කිරීමේ කාර්ය භාරයේ දී අප සංගමය වෙනුවෙන් පෙනී සිට් ජේෂ්ඨ නීතීඥ ජේ. සී, වැලිඅමුණ මහතාටත්, නීතීඥ ශාන්ත ජයවර්ධන මහතාටත්, නීතීඥ ජානක අධිකාරී මහතාට හා නීතීඥ සුනිල් වටගල යන නීතීඥ මහතුන් හට අප සංගමයේ ගෞරවපූර්ව ස්තූතිය පිරිනැමීමටද මෙම නිවේදනය අවස්ථාවක් කර ගනිමු.”









