ජනපති ධුරයේ කාලය ගැන මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි

ජනපති ධුරයේ කාලය ගැන මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්, තමන්ට ජනාධිපති ධුරයේ රැඳී සිටිය හැකි කාලය වසර 05ක්ද 06ක්ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බව වාර්තා වේ.

වත්මන් ජනාධිපතිවරයා 2015 ජනවාරි 08වනදා පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් අතර ඔහු ඊට පසුදින එනම් 2015 ජනවාරි 09වනදා ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන ලදී.

එකී දිව්රුමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර 06 සිට වසර 05දක්වා අඩු කරණ ලදී.

කෙසේ නමුත් වත්මන් ජනාධිපතිවරයාගේ දිවුරුම්දීම සිදුවූයේ 19සංශෝධනයට පෙර බැවින් තමන්ට වසර 06ක්ම ජනාධිපති ධුරයේ රැඳී සිටිය හැකිද නොඑසේනම් වසර 05කින් තම ධුර කාලය අවසන් වන්නේද යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින් මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාව ලිඛිතව අමතමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරයා සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ලබන 11වනදා ශ්‍රේෂ්ඨාධිකරණයේ සාකච්ඡාවට බඳුන් කරණ බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්