අකුණු අනතුරුවලින් පෙරේදා (05) වනවිට මේ වසරේ පමණක් හත්දෙනකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇති බවට වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කරයි.
පෙරේදා දින කරුවලගස්වැව තේවනුවර ප්රදේශයේ පුද්ගලයන් දෙදෙනකුට අකුණු සර වැදී මියගොස් එක් අයකු තුවාල ලබා තිබේ. එමෙන්ම එදිනම කතරගම ප්රදේශයේ පුද්ගලයකුටද අකුණු සර වැදී තුවාල ලබා ඇතැයිද වාර්තා වේ.
පසුගිය (2013) වසරේ අකුණු අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 54ක් වාර්තා වී ඇති බව කියන ආපදා කළමනාකරණ මධ්යස්තානය මේ දිනවල වර්ෂාව සමඟ ඇතිවන අනතුරුවලින් ජනතාව ආරක්ෂා වීම කෙරෙහි වඩා උනන්දු විය යුතු බව ද සඳහන් කර සිටී.









