Lankatruth

A+ A A-

ජනතාව වස හාල් කන එකෙන් බේරගත්තේ ජවිපෙ...

මේ දිනවල සහල් මිල ඉහළ යෑම ආණ්ඩුවේ වී තොග විකුණා කොමිස් ගැනීම, පසුගිය කාලයේ ගෙන්වූ ප‍්‍රමිතියෙන් තොර සහල් වෙළඳපොළට නිකුත් කිරීම පිළිබඳව විශාල සංවාදයක් මතුව තිබේ. මේ සම්බන්ධයෙන් සටන ආරම්භ කළේ ජවිපෙ ගොවි සම්මේලනය සහ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ ඒකාබද්ධ සංවිධානයයි.

මහව වී ගබඩාවේ වී අඩුමිලට විකිණීමට යන බවට ආ තොරතුරක් මත ගොවි සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ඇතුළු කණ්ඩායමක් මහව වී ගබඩාවට ගොස් ලොරි රථ හරවා යැවීමත් සමඟ මෙම ගැටලුව තීව‍්‍ර විය. ප‍්‍රදේශයේ ජනතාව කියා සිටියේ "රටේ ජනාධිපතිගේ මල්ලිගේ ලොරි හරවලා යන්න ගොවි සංගමයට පුළුවන් වුණා" යනුවෙනි. මේ අතර ගොවි සම්මේලනය සහ කුඩා මෝල් හිමියන් වී මණ්ඩලයේ සභාපතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළ නමුත් විසඳුමක් නොලැබිණි. මේ අතර ඇමතිවරයා කියා සිටියේ "මම කොමිස් ගන්නවා කියලා ඔප්පු කළොත් ඉල්ලා අස්වෙනවා" යනුවෙනි. නාමල් කරුණාරත්න කියා සිටියේ "ඔප්පු කරන්න අපි ළඟ සාක්ෂි තියෙනවා. අපි මේ ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලකුත් කරන්න නීති උපදෙස් ගනිමින් ඉන්නවා" යනුවෙනි. කෙසේ වෙතත් ඇමතිවරයා සමඟ සාකච්ඡාවක් සිකුරාදා දිනයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

මේ අතර ගොවි සංගමයේ නාමල් කරුණාරත්න විශේෂ හෙළිදරව්වක් කරමින් කියා තිබුණේ පසුගිය කාලයේ ආනයනය කරන ලද ප‍්‍රමිතියෙන් තොර සහල් සත්ව ආහාර සඳහා වෙන්කර තිබියදී එම සහල් තොග නැවත වෙළඳපොළට නිකුත් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවයි.

මේ බව සනාථ කරමින් පාරිභෝගික අධිකාරිය කොළඹ කොටුව ආශ‍්‍රිත සහල් වෙළඳපොලෙන් භාවිතයට නුසුදුසු සහල් කිලෝ 15,000ක් පමණ අත්අඩංගුවට ගත්තේය.

මේ සමඟ නාමල් කරුණාරත්න ස්තූති කරමින් දුරකතන ඇමතුම් ගලා ආවේය. "ඔබතුමාලට ගොඩක් ස්තූතියි. ජවිපෙ ගොවි සමිතිය නැත්නම් අපි කන්නේ වස හාල්." අයෙක් පැවසීය. "මේ ආණ්ඩුවට ජනතාව ගැන හැඟීමක් නැහැ. වස හාල් ටිකත් ජනතාවට කවනවා." තවත් අයෙක් පැවසීය.

කුරුණෑගල ප‍්‍රදේශයේ අවමංගල්‍ය උත්සවකට ගිය නාමල් කරුණාරත්න එයට සහභාගි වූ පිරිස වටකරගත්තේ මේ පිළිබඳව උණුසුමක් ඇතිවී තිබූ නිසාය. "ඔබතුමාලා මේ ගැන හෙළිදරව් නොකළානම් අපේ දරුවන්ටත් වස හාල් තමයි කවන්න වෙන්නේ" එක් පුද්ගලයෙක් කීවේය. 

"ඇමති හරියට වැඩේ කරනවනම් හාල් මිල වැඩිවෙන්නේ නැහැ. රුපියල් 70ට ජනතාවට හාල් දෙන්න පුළුවන්. හාල්වලට පාලන මිලක් දාන එක ආණ්ඩුවේ වගකීමක්. අනික ආණ්ඩුවේ වී තොග හාල් කරලා ලාබයකුත් තියාගෙන රු.70ට දෙන්න පුළුවන්." නාමල් කරුණාරත්න කීවේය.

Media

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

...