Lankatruth

A+ A A-

සමුද්‍ර ආරක්ෂක රාජකාරියෙන් නාවික හමුදාවට ඇ.ඩො.මි.20ක ආදායමක්

Image result for sri lanka Maritime securityශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මාස 15ක කාලයක් තුළ සිදුකළ සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරි හරහා මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක ආදායමක් රජයට උපයා දී තිබේ.

සාගරික ආරක්ෂක මෙහෙයුම් රාජකාරි වශයෙන් සැලකෙන මෙම කාර්යය සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය සපයනු ලබන අතර එමගින් සාගරික කටයුතුවල නිරතවන පාර්ශවයන්ට ආරක්ෂිත සාගර කලාපයක් ඇති කිරීම මෙන්ම බාධාවකින් තොරව යාත්‍රා කිරීමේ අවස්ථාව ලබාදීමද අපේක්ෂා කෙරේ.

වර්තමාන විනිමය අනුපාතයන්ට අනුව 2015 නොවැම්බර් මස සිට සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීම මගින් උපයාගෙන ඇති ආදායම් රුපියල් බිලියන 03ක පමණ අගයක් ගනියි.

එමු මුදල ප්‍රධාන වශයෙන් කොළඹ සහ ගාල්ල යන මෙහෙයුම් මධ්‍යස්ථානයන්ගෙන් සිදුකළ නෞකා ගමන් වාර 8200ක් මගින් උපයා ඇත.

ඒ අනුව නාවික හමුදාව විසින් මාසයක් තුළ ආසන්න වශයෙන් සමුද්‍රීය ආරක්ෂක රාජකාරි 550ක් පමණ සිදුකරනු ලබන අතර එමගින් ආසන්න වශයෙන් මසකට රුපියල් මිලියන 200ක් උපයාගැනීමට හැකියාව ලැබේ.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙම සමුද්‍ර ආරක්ෂක කටයුතු ඇවන්ගාඩ් සමාගම විසින් සිදු කළ අතර එම සමාගම එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීමෙන් නීතිවිරෝධීව පිහිටුවා තිබූ ආයතනයකි. රජයට ලැබිය යුතු මෙම මුදල් එම ආයතනය ඉතා දූෂිත ලෙස උපායාගනිමින් සිටි අතර ඒ සඳහා සියළු පහසුකම් නීතිවිරෝධීව ආරක්ෂක අමාත්‍යාංශය විසින් එවකට සපයා දෙනු ලැබ තිබිණි.

කෙසේ නමුත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවීමෙන් හා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වීමෙන් පසුද ඇවන්ගාඩ් සමාගමට සමුද්‍ර ආරක්ෂක කටයුතුවල යෙදීමේ නීතිවිරෝධී අවසරය ලබාදීමට කටයුතු කර තිබිණි. ඒ සම්බන්ධයෙන් සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ෂංක සේනාධිපතිගේ දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් හෙළි දරව් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා දිගින් දිගටම එහි නීතිවිරෝධී බව පෙන්වා දෙන්නට විය. රටට ලැබියයුතු විශාල මුදලක් ඔවුන් අමු අමුවේම කොල්ල කමින් සිටින අයුරු පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් අනුර දිසානායක මහතා විසින් හෙළිදරව් කරන්නට විය.

ඇවන්ගාඩ් සමාගමට මෙලෙස නීතිවිරෝධීව කටයුතු කරගෙන යාම සඳහා අනුබලදෙන වත්මන් ආණ්ඩුවේ ඇමතිවරු පිළිබඳවද අනුර දිසානායක මහතා නිරන්තරයෙන් හෙළිදරව් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පොලීසිය භාරව සිටි තිලක් මාරපණ ඇමතිවරයාට සිය ඇමතිධුරයෙන් ඉල්ලා අස්වීමටද සිදුවිය.

මෙවන් වටපිටාවක් තුළ ඇවන්ගාඩ් ආයතනයේ ගිවිසුම අත්හිටුවීමට ආණ්ඩුවට සිදුවූ අතර සමුද්‍ර ආරක්ෂක කටයුතු නාවික හමුදාවට සෘජුවම භාර දෙන ලදී. ඉන් අනතුරුව උපයනු ලබන ලාභය රජයේ ඒකාබද්ධ අරමුදල වෙත සෘජුවම බැර කිරීමට කටයුතු කෙරිණි.

ඒ අනුව වෙළෙඳ නෞකා සඳහා ආරක්ෂාව සපයනු ලබන සමුද්‍රීය ආරක්ෂක කන්ඩායම් සතු අවි ආයුධ ලබාගැනීම, ගබඩා කිරීම සහ නිකුත් කිරිම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරෙන වගකීම් වේ. 

මෙම කටයුතු මීට පෙර සිදු කරමින් නීතිවිරෝධී ලෙස කටයුතු කළ ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ෂංක සේනාධිපති ඇතුළු එම සමාගමේ නිලධාරීන්ටත් ඔවුන්ට ඒ සඳහා අනුග්‍රහය දැක්වූ එවකට රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට හා ආරක්ෂක් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරික ලෙස කටයුතු කළ දමයන්ති ජයරත්න මහත්මියට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්ද පවරා තිබේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...