Lankatruth

A+ A A-

ෆයිසර් මුස්තාපාගෙන් බලු දඩයකුත් එයි

සුනඛයන් මහපාරේ දමා යන සහ අයාලේ යවන පුද්ගලයන්ට එරෙහිව රුපියල් 25,000ක දඩමුලක් හා මාස 06ක සිර දඬුවමක් ලබාදීමට අදාළ නීති සකස් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කරයි.

පොදු ස්ථානවලට සුනඛයන් ගෙනැවිත් දමන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා පොදු ස්ථානවල ආරක්ෂිත කැමරා සිවිකිරීමටද සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා පවසයි.

මේ සඳහා වන කැබිනට් අනුමැතිය ලබාගන්නා බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. 

අයාලේ යන සුනඛයන් රටට විශාල ප්‍රශ්නයක් යැයිද පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...