Lankatruth

A+ A A-

"ඉසුරුමත් නිවහනේ" දුක්ගැනවිල්ල මානව හිමිකම් කොමිසමට

දිවයින පුරා සිටින සමෘද්ධි සහනාධාරලාභී පවුල් එකොලොස් ලක්ෂ අනූහත්දහස් එකසිය එකොලහකට (1,197,111) නිවාස අළුත් වැඩියා කිරීම වෙනුවෙන් ලබා දුන් රුපියල් 2,500ක මුදල සිය සහනාධාරයෙන් අය කරගැනීමට එරෙහිව සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය විසින් ඊයේ (16) මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දී තිබේ.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නීතීඥ සුනිල් වටගල මහතා, සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමයේ ලේකම් චාමර මද්දුමකළුගේ මහතා, එම සංගමයේ දිස්ත්‍රික් නියෝජිතයින් සහ අසාධාරණයට පත්වු සමෘද්ධිලාභීන් පිරිසක් එක්වී සිට ඇත.

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අත්සනින් යුතුව දිවයිනේ සියළුම දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂවරු අමතා එවන ලද 2016.11.20 හා DDD/HO/MF/05/ඉසුරුමත් නිවහන යන ලිපියෙහි ඇති නීතිවිරෝධී උපදෙසට අනුව සමෘද්ධි කළමණාකරුවන් විසින් සහනාධාරලාභීන් වෙත ලබා දෙන සමාද්ධි සහනාධාර මුදලින් මෙම මුදල් අය කර ගැනීම වහා අත්හිටුවීමට මැදිහත් වන මෙන් මෙම පැමිණිල්ලෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය ඉල්ලා තිබේ.

සමෘද්ධි සහනාධාර සම්බන්ධයෙන් සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් එවන ලද 2012/2 චක්‍ර ලේඛණයෙහි 5.5 වගන්තියෙහි සඳහන් "සහනාධාර මුදල් ගෙවීම සම්බන්දයෙන් කිසිදු කොන්දේසියක් ප්‍රතිලාභීන් වෙත නිකුත් නොකල යුතුය" යන කොන්දේසිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) හා 27(1) වගන්ති මුළුමනින්ම මෙමගින් උල්ලංඝණය කර ඇති බවද ඔවූහු පෙන්වා දෙති.

මෙහි වගඋත්තරකරුවන් ලෙස සමාජ සවිබල ගැන්වීමේ හා සමාජ සුභ සාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා, අමාත්‍යාංශ ලේකම්, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් හපුහින්න මහතා හා සියළුම දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශිය ලේකම්වරු නම් කර ඇත.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සඳහන් කරමින් සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමයේ ලේකම් චාමර මද්දුමකළුගේ මහතාගේ අත්සනින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ

"2015 ජනවාරි 08 දින පැවති ජනාධිපතිවරණයට දේශපාලන වාසිතකා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් රුපියල් 10,000ක මුදලක් ලබා දෙන බව පවසමින් සමෘද්ධිලාභීන් ඡන්ද රැස්වීම්වලට කැදවමින් රුපියල් 2,500 බැගින් බෙදා දුන් අතර ඒ සදහා සමෘද්ධී බැංකු සතු රුපියල් දෙසිය අනූනව කෝටි විසිහත් ලක්ෂ හැත්තෑ හත් දහස් පන්සියයක (රු. 2,992,777,500) මුදලක් බෙදා දීමට කටයුුතු කර ඇත.

මැදමුලන වලව්වේ මුදල් බෙදා දෙන බවට වු හැගීමක් සමෘද්ධිලාභීන් තුළ ජනිත කරමින් රාජපක්ෂ පාලනය විසින් මෙම කටයුත්ත සිදුකලද සමෘද්ධිලාභීන්ගේ මුදල්ම සමෘද්ධිලාභීන් අතර බෙදා දීමක් පමණක් සිදු කර ඇත. සමෘද්ධිලාභීන්ගේ සාක්කුවේ මුදල් ඔවුන්ගේම අත තබා මහින්ද රාජපක්ෂ පාලනය විසින් දුගී ජනතාව රැවටීමට කටයුතු කර අති බව දැන් සනාථ වී හමාරය.

වත්මන් ආණ්ඩුව ජනතාවගේ යහපාලනය වෙනුවෙන් කටයුතු කරන්නේ නම් මෙම වැඩ සටහන යටතේ ජනතාවට පොරොන්දු වු ඉතිරි රු.7500/ මුදල ලබා දීමට පියවර ගත යුතු වුවත් ඒ වෙනුවට වත්මන් යහපාලන ආණ්ඩුව දුප්පත් ජනතාවගේ මුදල් "පික් පොකට්" ගැසීමට කටයුතු කරන බව මෙමගින් මනාව පෙන්නුම් කරයි. 

ඒ අනුව පාලනාධිකාරිය විසින් මෙම මුදල් අය කර ගැනීමට එවන ලද ලිපිය වහා අවලංගු කරන ලෙස නිර්දේශයත් මේ වනවිට සමෘද්ධි කළමණාකරුවන් විසින් අනීතික ලෙස සමෘද්ධිලාභීන්ගේ සහනාධාරයෙන් අයකර ඇති මුදල් නැවත ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන ලෙස වු නිර්දේශය හා ජනතාව වෙත 2014/1 වක්‍රෙල්ඛණයේ පොරොන්දුවු පරිදි ඉතිරි රු.7500/ ක මුදල ලබා දීමට වු නිර්දේශයන් අප සංගමය මෙම පැමිණිල්ලෙන් ඉල්ලා සිටි සහනයන් වේ."

Image may contain: 6 people, people standingImage may contain: 10 people, people standingImage may contain: 5 people, people standing

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...