Lankatruth

A+ A A-

සුමන්තිරන් ඝාතන තැත ආණ්ඩුවේ ප්‍රබන්ධයක්

Related imageද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඝාතනය කිරීමට හිටපු එල්.ටී.ටී.ඊි සාමාජිකයන් සැලැසුම් කර තිබුණේ යැයි කියන ප්‍රවෘත්තිය කිසියම් දේශපාලන අරමුණක් මත ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලද්දක් බවට තහවුරු වෙමින් තිබේ.

මෙම ඝාතන සැලැසුම පිළිබඳව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය තොරතුරු සොයාගෙන තිබෙන නමුත් ත්‍රිවිධ හමුදාව වෙත හෝ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත හෝ එවැනි කිසිදු තොරතුරක් හෝ හිටපු එල්.ටී.ටීඊ සාමාජිකයන් යළි සංවිධානය වීමක් පිළිබඳව හෝ තොරතුරු නොතිබීම තුළ ඝාතන සැලසුම පිළිබඳ ප්‍රවෘත්තිය බරපතල සැකයක් මතු වී ඇත.

එමෙන්ම පසුගිය ජනවාරි මස 13වැනිදා දින කිලිනොච්චියේදී තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ මත්දුව්‍ය ජාවාරමේ යෙදීමේ චෝදනාව මතය. ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන ඒකකයේ නිධාරීන් සකස් කළ වාර්තාවක් පොලිස්පතිවරයාට ලබාදී ඇතත් අනෙකුත් බුද්ධි අංශ එම කරුණු පිළිනොගන්නා බවද අනාවරණය වේ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඝාතනය කිරීමේ සැලසුම පිළිබඳව බුද්ධි අංශ අතර ප්‍රතිවිරෝධතා පවතින බවත් මේ නිසා ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී පවා එය කෙරෙහි අවධානයක් යොමු කර නැති බවටත් කරුණු අනාවරණය වේ.

මෙම කරුණු අනුව සුමන්තිරන් මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට තිබුණේ යැයි කියන සැලසුම කිසියම් දේශපාලන අරමුණක් මත ප්‍රචාරය කරන ලද්දක් විය හැකි බවට බරපතල සැක මුතුව තිබේ.

වර්තමාන ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර බලතුලනය පවත්වාගෙන යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව එක්සත් ජාතික පක්ෂයේ සාගල රත්නායක ඇමතිවරයා යටතේ තිබෙන අතර ත්‍රිවිද හමුදාව ඇතුළු බුද්ධි අංශ ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයා යටතේ පපැවැතීමද විශේෂත්වයකි. 

ලංකා ඉරිදා සංග්‍රහය

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...