Lankatruth

A+ A A-

සහල් අර්බුදය උඩු දුවයි - ආපනා ශාලා වර්ජනයකට සැරසෙයි

Image result for restaurant in colomboහාල් අර්බුදයට ඉක්මන් විසඳුමක් ලබා දීමට රජය අ‍පොහොසත් වුවහොත් ආපනශාලා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.

දැනට පවතින හාල් අර්බුදය විසඳීමට ජනාධිපතිවරයාට වහාම මැදිහත් වන ලෙසද එම සංගමය ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව එහි කැඳවුම්කරු අසේල සම්පත් මහතා පැවැසීය.

ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ ලිඛිත ඉල්ලීම අතර සත්ව ආහාර සඳහා සහල් නිකුත් නොකිරීම, බියර් නිෂ්පාදනයට සහල් යොදා නොගැනීම, සරසවි ආයතන, වෛද්‍ය පීඨ, රාජ්‍ය ආයතනවල ආපනශාලාවන් සඳහා සහල් අඩු මිලට ලබාදීම, ඇතුළු යෝජනා කීපයක් ඇතුළත් කර ඇතැයි හෙතෙම පැවැසීය. 

ජනාධිපතිවරයා තමන්ගේ මෙම ලිඛිත ඉල්ලීම්වලට ලබන 20 වෙනිදාට පෙර ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් 20 වෙනිදා උදෑසන 6 සිට දහවල් 12 දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන සියලුම ආපනශාලා වසා දැමීමට කටයුතු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...