Lankatruth

A+ A A-

තාජුඩීන් ඝාතනයේ හිටපු OICට ඇප ලැබුනත් ගෙදරයන්න බැරිවෙයි

Image result for OIS Sumith Pereraප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සහ එහි පරීක්ෂණ වෙනතක යොමු කීරීම සම්බන්ධයෙන් ඔහුගේම කටඋත්තර මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාරාහේන්පිට අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (16) නියෝග කර තිබේ.

සුමිත් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කර තිබූ ඇප අයැදුම කැඳවමින් මෙම නියෝගය ලබා දී ඇති අතර එහිදී ඔහුට රුපියල් ලක්ෂයක (රු. 100,000) මුදල් ඇපයක් සහ රුපියල් දස ලක්ෂයේ (රු. 1,000,000) ශරීර ඇප තුනක් නියම කර ඇත. 

ඔහුගේ විදෙස් ගමන් තහනම් කළ අතර සෑම මසකටම වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබේ.

කොළඹ මහාධිකරණය මගින් ඔහුව ඇප මත මුදා හැරියද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් තවදුරටත් ඔහු ලබන මස දෙවෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...