Lankatruth

A+ A A-

වෛද්‍ය සභාවේ තීරණය තීරණාත්මක වේවි

Related imageසයිටම් ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ගනු ලබන තීන්දුව ඉතා තීරණාත්මක එකක් වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

මහාචාර්ය කාලෝෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) වෛද්‍ය සභාවේ සාමාජිකයන් 21දෙනා රැස්වීමට නියමිත අතර එහිදී සයිටම් ආයතනය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට අදහස් කර ඇතැයිද හෙතෙම පැවැසීය. 

මේ වනවිට සයිටම් ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන් විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා සම්බන්ධයෙන්ද අවධානය යොමු කර වෛද්‍ය සභාවේ තීරණයන් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

මූලාශ්‍ර ලක්බිම

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...