Lankatruth

A+ A A-

EPF පාඩුව අයකරන හැටි කියන්න අන්තරේ ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Related imageමහ බැංකුවේ බැඳුම්කර මගඩියෙන් කොල්ලකෑ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් බිලියන 15ක මුදල අයකරන්නේ කෙසේදැයි කරුණු සහිතවම පෙන්වා දීම සඳහා තම සංගමයට සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් අන්තර් සමාගම් සේවක සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතාගේ අත්සනින් යුතුව ඊයේ (15) දිනැතිව යොමු කර ඇති එම ලිපිය පහතින් පල වේ.

බැඳුම්කර වංචාවේන් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 15ක පාඩුවක් සිදු කර ඇති බවට ඔප්පු කිරීම සඳහා පැහැදිළි ලිඛිත සාක්ෂි තමන් සතුව ඇති බවත් තමන් මහ බැංකුවේ වත්මන් අධිපති ආචාර්ය ඉන්ද්‍රජීත් කුමාරස්වාමි මහතා වෙත යොමු කළ ලිපියට ලැබී ඇති පිළිතුරු ලිපියෙන්ද අර්ජුන් මහෙන්ද්‍රන් හිටපු අධිපතිවරයා වංචා සහගත ලෙස අර්ථසාධක අරමුදලට පාඩු සිදුකර ඇති ආකාරය පැහැදිලි බවත් වසන්ත සමරසිංහ මහතා පවසයි 

එම ලිපියේ පිටපතක්ද පහතින් පළ වේ.

 වසන්ත සමරසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය

ඉන්ද්‍රජීන් කුමාරස්වාමි මහතා වසන්ත සමරසිංහ මහතා වෙත එවන ලද ලිපිය සහ එහි ඇමුණුම්

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...