Lankatruth

A+ A A-

උමාඔය විපතට පත් ජනතාවට වන්දි ගෙවීමට අනුමැතිය

Related image

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය නිසා ඇති වී ඇති ආපදා තත්ත්වය වෙනුවෙන් ග්‍රාමසේවා වසම් අටක විපතට පත් ජනතාවට සහන සැලසීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්‍යාවරයා ලෙස එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර පුර්ණ හානියට පත් නිවාස සඳහා නිවසක් ඉදිකර දීමට සහ පානීය ජල සබඳතා නොමිලේ ලබා දීමට එහිදී යෝජනා වී තිබේ.

කෙසේ නමුත් මෙම ජනතාවට වන්දි ගෙවන ලෙස පසුගියදා අධිකරණ නියෝගයක්ද ලබා දී තිබිණි.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රධාන උමගේ ජල කාන්දුවත් සමග මෙම ආපදා තත්ත්වය ඇති විය. 

මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිටම ඉන් රටත් ජනතාවත් විපතට පත්වන බව සඳහන් කරමින් පරිසර සංවිධාන, ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා, දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් විරෝධතා දැක්වුවද එයට ඇහුම්කන් නොදී මෙම ව්‍යාපෘතිය ආරම්භකළේය. එය ආරම්භයෙන් පසු එම පරිසරයට එල්ල වූ දැඩි බලපෑම් හමුවේ, පානීය ජල ලිං හිඳී යාම, ඇලදොල ගංඟා වියලී යාම, පොලව ගිලාබැසීම, නිවාස ඉරි තැලීම, ගිලා බැසීම ඇතුළු අනතුරු රැසක් සිදුවිය. එම කරුණු සම්බන්ධයෙන් පාලකයන් දැනුවත් කිරීමටත් විපතට පත් වූවන්ට වන්දි ලබා ගැනීමටත් උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ විරෝධතා දියත් කළ අතර පසුගිය දෙසැම්බර් 29වනදා බණ්ඩාරවෙල නගරයේදී දැවැන්ත විරෝධතා පෙළපාලියක් හා රැලියක් පැවැත්වීමටද ඔවූහු කටයුතු කළහ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Facebook

Ad

...