Lankatruth

A+ A A-

ජාලිය වික්‍රමසූරිය යළි රක්ෂිත බන්ධනාගාරයට

Image result for jaliya wickramasuriyaඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 13 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (11) නියෝග කර තිබේ.

සැකකරු රෝගාතුරව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් අද දින අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බව වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් බන්ධනාගාර නිලධාරීහු අධිකරණයට දන්වා ඇත. 

ඔහු අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරිමේදී අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස් දෙදහසක පමණ මුදලක් වංචා කිරීමේ චෝදනා මත පසුගිය වසරේ නොවැම්බර් 17 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...