Lankatruth

A+ A A-

සයිටම් උපකුලපතිගේ ප්‍රතිශෝධනය සලකා බැලීමට දින දෙයි

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණ පරීක්ෂණයෙන් පසු සුරක්ෂිතව තබන ලද අස්ථි කොටස් අස්ථාන ගතකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් කොළඹ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා ගොනු කළ ප්‍රතිශෝධන අයදුම් පත්‍රය මාර්තු 10 වැනිදා සලකා බැලීමට කොළඹ මහාධිකරණය අද (10) නියෝග කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව සමරසේකර මහතා මෙම ප්‍රතිශෝධන අයදුම ඉදිරිපත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සයිටම් ආයතනයෙන් ගෙන ගිය අස්ථි වල ඩීඑන්ඒ වාර්තා මෙතෙක් අධිකරණයට ලැබී නැතැයි අද අධිකරණයේදී සඳහන් වී තිබේ. 

හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා මේ වනවිට මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යා උපාධි ආයතනයේ උපකුලපතිවරයා ය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...