Lankatruth

A+ A A-

විමල් වීරවංස රක්ෂිත බන්ධනාගාරයට

Image result for wimal weerawansaපොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (10) පෙරවරුවේ අත්අඩංගුවට ගත් විමල් වීරවංස ඇතුළු දෙදෙනෙකු ලබන 27වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

විමල් වීරවංස සමග ඉංජිනේරු සංස්ථාවේ හිටපු සමාන්‍යාධිකාරී එල්.එච්. සමන්ත ලොකුහැන්නදි මහතාද එදින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 

කුලී පදනම මත රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ලබා ගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 40ක් ඥාති හිතමිත්‍රාදීන්ට සහ දේශපාලන කටයුතු සඳහා ලබා දීමෙන් රජයට රුපියල්  නව කෝටි දහසය ලක්ෂයක් (රු. 91,000,000) පාඩු කර ඇතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔවුන් අධිකරණයට ඉදිරපත් කරමින් දන්වා ඇත.

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Facebook

Ad

...