Lankatruth

A+ A A-

මිනිස් පරිභෝජනයට නුසුදුසු තවත් සහල් තොගයක් අල්ලයි

කදුරුවෙල නගරයේ සහල් මෝලක මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් ගබඩා කර ඇති බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයට ලද තොරතුරක් අනුව පෙරේදා (08) පස්වරුවේ එම ස්ථානය වටලා තිබේ.

පොලොන්නරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්, පොළොන්නරුව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ නිලධාරීන්, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් සමඟ මෙම වැටලීම සිදු කර ඇති අතර එහි සහල් මිටි 85ක අසුරා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 4250ක් අත්අඩංගුවට පත්වූ බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් සත්ත්ව ආහාර නිෂ්පාදනය කරන මුවාවෙන් මිනිස් පරිභෝජනයට අලේවි කිරීම සඳහා සැකසූ සහ සැකසීම සඳහා ගබඩා කර තිබූ සහල් කිලෝ 4250ක් කදුරුවෙල නගරය ආසන්නයේ සහල් මෝලක් වටලා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව වැටලීම කළ මහජන සෞඛ්‍ය නිලධාරීන්ද තහවුරු කර තිබේ. 

මෙසේ අත්අඩංගුවට පත් සහල් තොගය විනාශ කිරීමට කටයුතු කරන බවත් එම ව්‍යාපාරිකයාට නීත්‍යානුකූලව කටුතු කරන බවත් එම නිලධාරීහු පැවැසති.

VIDEO

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...