Lankatruth

A+ A A-

දෙකෝටියක රට සල්ලි සරමෙන් එළියට පනියි

රුපියල් දෙකෝටි අසු ලක්ෂයක් වටිනා විදේශ මුදල් තොගයක් සරමකින් ඔතාගෙන තම ගමන් මල්ලේ සගවාගෙන ඉරානය බලා යාමට පැමිණි 37 හැවිරිදි ඉරාන ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (10) අලුයම එම ගුවන්තොටුපළේදී අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු ශ්‍රි ලංකාවේ ව්‍යාපෘතියකට අනියුක්තව සේවය කරන අයෙකු බවත් ඔහු අවස්ථා 10කට වැඩි වාර ගණනක් ඉරානයේ සිට මෙරටටද මෙරට සිට ඉරානයටද ගමන් කර ඇති බව කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් රේගුව සඳහන් කරයි.

අද උදැසන කටාර් ගුවන් සේවයට අයත් කිව් ආර් 655 දරණ ගුවන් යානයෙන් කටාර් හරහා ඉරානයට යාමට උත්සහ කරද්දී රේගුවට ලැබුණු ඔත්තුවක් මත සැකකරු අත් අඩංගුවට ගෙන ඇත. 

ඔහුගේ ගමන් මල්ලේ තිබී යුරෝ එක් ලක්ෂ හැත්තෑ හත් දහසක් සොයා ගත් බව රේගුව කියයි.

0-02-06-728812c14c8a671e9233c1ecf1a0921339913373bf62d5ada1d0a0cff75e51b8_full0-02-06-b75d557ce875397fbf15682371a5f72c464ca1b78306a7ee4cb0c1f91f5c9912_full

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...