Lankatruth

A+ A A-

පලාත් පාලන ඇමති පක්ෂ නායක රැස්වීමේ කරුණු විකෘති කරනවා...

Image result for anura dissanayakeකොට්ඨාස ක්‍රමය සහ සමානුපාතික ක්‍රමය මිශ්‍රවූ යෝජිත නව මැතිවරණ ක්‍රමයට ඉදිරි පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පක්ෂ නායකයන් සියළුදෙනාම එකඟ වී ඇති බවට පළවන වාර්තා සාවද්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා පවසයි.

විශයභාර අමාත්‍යවරයාගේ වුවමනාව මත තොරතුරු විකෘති කර ඇතැයි ඔහු චෝදනා කරයි.

ඊයේ (10) පැවති පක්ෂ නායක රැස්වීමේදී ඊට එකඟතාවක් ඇති නොවූ බවත් යෝජිත මැතිවරණ ක්‍රමයට බරපතල සංශෝධන ඇති කළ යුතු බවත්  අනුර දිසානායක මහතා සඳහන් කරයි. 

මෙම යෝජිත ක්‍රමය ද්වී පක්ෂ ක්‍රමයක් කරා රට ගමන් කරවන්නක් බැවින් මෙම නව මැතිවරණ ක්‍රමයේ ඇති විකෘතිභාවය ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ කීපයක්ම පෙන්වා දුන් බවද අනුර දිසානායක මහතා වැඩිදුරත් සඳහන් කරයි.

පලාත්පාලන ඇමති පක්ෂ නායක රැස්වීමේ කරුණු විකෘති කරණවා...

පලාත්පාලන ඇමති පක්ෂ නායක රැස්වීමේ කරුණු විකෘති කරණවා...

Posted by Lanka Truth on Tuesday, January 10, 2017

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...