Lankatruth

A+ A A-

විදෙස් පුවත්

2016 වසරේ සාමය සඳහා වන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ කොලොම්බියානු ජනාධිපති හුවාන් මැනුවෙල් සාන්ටොස්, තමන්ට ලද ත්‍යාග මුදල වසර 52ක් එරට සිවිල් යුද්ධයෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන්  පරිත්‍යාග  කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා උත්සව අවස්ථාවකට එක් වෙමින් හුවාන් මැනුවෙල් සාන්ටොස් මේ බව ප්‍රකාශ කර තිබෙන අතර මෙවර සාමය සඳහා වන නොබෙල් ත්‍යාගය සඳහා පුද්ගලයින් හා ආයතන 376ක් අතුරින් කොලොම්බියානු ජනාධිපතිවරයා වෙත හිමි වීම විශේෂත්වයකි. ඇමෙරිකානු ඩොලර් නව ලක්ෂ විසිපන් දහසක මුදලක් ඔහුට නොබෙල් ත්‍යාගය වෙනුවෙන් හිමි ව තිබේ.

වසර 52 ක් පුරා ෆාර්ක් ගරිල්ලන් සමග පැවැති යුද්ධයෙන් කොලොම්බියානුවන් මිලියන හයකට අධික පිරිසක් මේ වනවිට අවතැන්ව ඇති අතර දෙලක්ෂ හැටදහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. යුද්ධය නිමා කිරීම සඳහා ෆාර්ක් කැරලිකරුවන් සමග පැවැති වසර 4ක  සාකච්ඡාවලින් අනතුරුව පසුගිය මාසයේදී සාම ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. එහෙත් ඒ සඳහා පැවැති ජනමත විමසුමේදී එරට ජනතාවගෙන් 50.24% ක් එම ගිවිසුමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරමින් එය ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. 

එහෙත් සාමය සඳහා වන තමන්ගේ ප්‍රවේශය වඩාත් විවෘත කරමින් ප්‍රතිඵල වලින් අනතුරුව ජනාධිපති හුවාන් මැනුවෙල් සාන්ටොස් ප්‍රකාශ කර සිටියේ සියලුම දේශපාලන පක්ෂ සම්බන්ධ කරගත් සාම ක්‍රියාවලියක් ඉදිරියේදී ආරම්භ කරන බවයි. කොලොම්බියානු සාම ක්‍රියාවලිය ගොඩනැගීම වෙනුවෙන් කියුබානු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ සුවිශේෂී වැඩකොටසක් ඉටුකරනු ලැබීය.Image result for juan manuel santosImage result for nobel peace prize

Read more...

ඇමෙරිකානු නාවික හමුදාවට අයත් යූ.එස්.එස්. නිට්සේ යුද නෞකාව  පසුගියදා රතු මුහුදේ සිට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් හූති සටන් කාමීන්ගේ රේඩාර් මධ්‍යස්ථාන කිහිපයක් විනාශ කිරීමත් සමග මේ වනවිට ඇමෙරිකානු හමුදාව යොදා ගනිමින් යේමනය ආක්‍රමණය කිරීමේ සූදානමක් පවතින බවට හූති නායකයා එරට රූපවාහිනිය හරහා ප්‍රකාශ කර තිබේ.

යේමයේ බලයෙන් පහ කරනු ලැබූ  හිටපු ජනාධිපති මන්සූර් හාදි සෞදි අරාබියට පළා ගෙස් සිටින අතර ඔහු නැවත බලයට පත් කිරීම සඳහා සෞදි අරාබිය ප්‍රමුඛ මැදපෙරදිග සුන්නි මුස්ලිම් රටවල් යේමනයේ බලය අත්පත් කර ගෙන සිටින හූති සටන්කාමීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.

පසුගිය සති අන්තයේදී සෞදි ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයන්ගෙන් යේමන සිවිල් වැසියන් 140 ජීවිතක්ෂයට පත් වීමත් සමග මේ වනවිට තත්වය  දරුණු අතර හැරී ඇති අතර හූති සටන්කාමීන් සෞදිය වෙත බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ෂියා මුස්ලිම්වරුන් නියෝජනය කරන හූති සටන්කාමීන් වෙත ඉරානයේ සහාය දක්වන බවට චෝදනා කරන ඇමෙරිකාව, යූ.එස්.එස්. නිට්සේ නෞකාව මගින් පහර දී විනාශ කළේ ඉරානයෙන් ලබා දී තිබූ රේඩාර් පද්ධති බව ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව අතින් සුවිශේෂී  ස්ථානයක් වන යේමනය තුළ සිරියාව, ඉරාකයලිබියාව අස්ථාවර කළ ආකාරයට ඇමෙරිකානු මැදිහත් වීමක් ඉදිරියේදී සිදුවීමේ වටපිටාවක් මේ වනවිට නිර්මාණය කෙරෙමින් තිබේ.

Read more...

ලොව පුරා නාඨකරුවන් අතර ඉතා ගෞරවයට පාත්‍රවූ නාට්‍යකරුවෙකු වන ඉතාලි නාට්‍යකරු දාරියෝ ෆෝ ජීවිතක්ෂයට පත් වී තිබේ.

මියයන විට 90 වැනි වියේ පසු වූ මෙම ශ්‍රෙෂ්ඨ නාට්‍යවෙදියාගේ නාට්‍ය ලොවපුරා භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇත.

තමන් කොමියුනිස්ට්වාදියෙකු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ඔහුගේ නාට්‍ය ජනතාවගේ විමුක්තිය උදෙසා නිර්මාණය වී තිබේ. 

බ්‍රෝටෝල් බ්‍රෙෂ්ට් තරමටම ඔහු නාට්‍යක්ෂේත්‍රය වෙනුවෙන් මෙහෙයක් ඉටු කළ අයෙකි.

මූලාශ්‍ර 01

Image result for dario fo

 

Read more...

2016 වසරේ නොබේල් සාම ත්‍යාගය කොළොම්බියානු ජනපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස් වෙත හිමිව තිබේ.

එම සාම ත්‍යාගය සඳහා සංවිධාන 148ක් ඇතුළු අයදුම්කරුවන් 376 දෙනෙකු අයදුම් පත් යොමුකර තිබී ඇත.

ෆාක් කැරළිකරුවන් සමග සාම ගිවිසුමකට එළැඹීමට කොළොම්බියානු ජනපතිවරයා දැක්වූ දැඩි උත්සහය නිසා මෙය ඔහුට හිමි වී තිබේ. 

ඔහු තව දුරට ත් පවසන්නේ තම ධුර කාලය අවසානය තෙක්ම සාමය වෙනුවෙන් සටන් කරන බව ය.

Colombian President Juan Manuel Santos (L) and Marxist rebel leader Rodrigo Londono (R), better known by the nom de guerre Timochenko, shake hands after signing an accord ending a half-century war that killed a quarter of a million people in Cartagena, Colombia September 26, 2016. © John Vizcaino

Read more...

මෙතෙක් කලක් ඊශ්‍රායලයේ ආරක්ෂකයා ලෙස කටයුතු කළ ඇමෙරිකාව විසින් ඊශ්‍රායලය විශ්වාසය පාවා දුන් බවට වන චෝදනාවක් එල්ල කර තිබේ.

ඊශ්‍රායලයට මෙම චෝදනාව එල්ල කිරීමට හේතු වී ඇත්තේ පලස්තීනයට අයත් බටහිර ඉවුරේ ඊශ්‍රායලය විසින් බලහත්කාරයෙන් ජනාවාස ඉදිකිරීමත් සමගය. පසුගිය දිනෙක එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතාද මෙම ඊශ්‍රායල බලහත්කාරය නතර කරන ලෙසට දැනුම් දී තිබියදී එයද තැකීමකට ලක් නොකරමින් මෙම ජනාවාස ඉදිකරමින් තිබේ.

ඊශ්‍රායලයේ හිටපු අග්‍රාමාත්‍ය සීමන් පෙරස්ගේ අවමඟුල් උත්සවයටද ඇමෙරිකානු ජනාධිපතිවරයා සහභාගී වී තිබුණේ මීට දින කිහිපයකට ඉහතදී වන අතර මෙතෙක් කලක් ලෝකයේ සියලුම රටවලින් ඊශ්‍රායලට එරෙහිව හඩක් නැගෙද්දී  ඇමෙරිකාව ඊශ්‍රායලය ආරක්ෂා කරමින් ඔවුන්ගේ ම්ලේච්ඡ ක්‍රියා අනුමත කරමින් සිටියේය. මෙම ජනාවාස ඉදිකිරීමේ හේතුවෙන් පලස්තීනය සමග සාමය ගොඩනගා ගැනීමේ උත්සාහය හා යුදෙව් රාජ්‍යයක් ගොඩ නැගීමේ අනාගත අපේක්ෂාවද හානිකර වී ඇතැයි ඇමෙරිකානු රජයේ ප්‍රකාශකයකු වන මාක් වෝනර් ප්‍රකාශ කර තිබේ.

ඇමෙරිකාව මීට ආසන්න දිනෙක ප්‍රකාශ කර සිටියේ ඉදිරි වසර දෙකක කාලය සඳහා ඩොලර් බිලියන 38ක දැවැන්ත යුද ආධාරයක් ඊශ්‍රායලට ලබා දීමට තීරණය කර ඇති බවයි. මිහිපිට එළිමහන් සිරකඳවුරක ජීවත් වන පලස්තීනුවන් වෙනුවෙන් කිසිදු උපකාරයක් ලබා නොදෙන ඇමෙරිකාවපලස්තීනයට ආධාර ලබා දෙන අනෙකුත් රටවලටද බලපෑම් සිදු කරමින් සිටී. එසේ තිබියදී මෙවැනි මතුපිට ප්‍රකාශයන් තුළින් සිදු ඇමෙරිකාව සිදු කරමින් සිටිනනේ සිය මුග්ද ප්‍රතිරූපය වසන් කර ගැනීමේ උත්සාහයක් දැයි යන්න සැක සහිත බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. Image result for palestine

Read more...

වසර කිහිපයක සිට අසාද් විරෝධීන්ගේ හා අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ  බලපෑමට නතුව තිබෙන සිරියාවේ ප්‍රධාන නගරයක් වන අලෙප්පෝහි තත්වය මේ වනවිට ඉතාමත් ඛේදනීය බව මාධ්‍ය වාර්තා කරයි.

සිරියානු යුද්ධය ආරම්භ වීමට පෙර සිරියාවේ වඩාත් සස්‍රීක මෙන්ම ඓතිහාසික නගරයක් වූ අලෙප්පෝ සංස්කෘතික හා වාණිජ අතින් පොහොසත් භූමියක්මව පැවැතුණි. ඇලෙප්පෝ නගරයේ පිහිටි ලෝක උරුමයන් හේතුවෙන් යුනෙස්කෝ සංවිධානය විසින් එය ලෝක උරුම නගරයක් ලෙසද නම් කර තිබිණි. එහෙත් මේ වනවිට අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් එම භූමියේ පිහිටි ඓතිහාසික ලෝක උරුමයන් රැසක්ම සම්පූර්ණයෙන් විනාශ කර ඇත.

මේ වනවිට අලෙප්පෝ නගරයේ බටහිර ප්‍රදේශය අසාද් පාලනය සතුව පවතින අතර නැගෙනහිර ප්‍රදේශයේ බලය අයි.එස්. ත්‍රස්තවාදීන් හා අසාද් විරෝධීන් සතුව පවතී. සිරියානු හමුදා අයි.එස්. ත්‍රස්තවාදීන්ගෙන් නැගෙනහිර භූමිය අත්පත් කර ගැනීම සඳහා දරුණු ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී සිවිල් වැසියන් ඝාතනය වූ බවට සිරියානු රජයට හා රුසියාවට එරෙහිව යුරෝපා රටවලින් හා ඇමෙරිකාවෙන් චෝදනා එල්ල විය.

ඒම චෝදනා ප්‍රතික්ෂේප කරමින් අසාද් පාලනය හා රුසියාව ප්‍රකාශ කර ඇත්තේ පොදු ජනතාව ජීවත් වන ප්‍රදේශ යොදා ගනිමින් අසාද් විරෝධී කණ්ඩායම් හා අයි.එස්. ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරන බවත් එහි වගකීම ත්‍රස්තවාදීන් භාරගත යුතු බවත්ය.

මෙම මතභේදකාරී තත්වයත් සමග ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවන ලෙසට රුසියාව දන්වා තිබේ. කෙසේ වෙතත් වසර ගණනාවක් පුරා දිග්ගැස්සෙන මෙම අයි.එස්. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයෙන් මේ වනවිට සිරියාවේ බොහෝ නගරයන්ගේ පාලනයන් අඩපන වී ඇති බව වාර්තා වේ.Image result for syria aleppo

Read more...

සිරියාවේ වෙරළාශ්‍රිත ටාර්ටස් නගරයේ පිහිටි නාවික කඳවුරුවල ආරක්ෂාව වෙනුවෙන් රුසියානු එස්. 300 වර්ගයේ මිසයිල පද්ධතියක් ස්ථාපිත කිරීමට රුසියාව තීරණය කර තිබේ.

මෙම එස්. 300 මිසයිල පද්ධතිය මගින් ගුවන් යානා නාශක මිසයිල පද්ධතියක් ක්‍රියාත්මක අතර එය මේ වනවිට ලොව පවතින ප්‍රබලතම මිසයිල ආරක්ෂක පද්ධතිය බව සැලකේ.

සිරියානු අර්බුදය විසඳීම සම්බන්ධයෙන් මෙතෙක් රුසියාව සමග පැවැති සියලුම එකඟතාවයන් අවසන් කරන බව ඇමෙරිකාව ප්‍රකාශ කිරීමත් සමග මෙම මිසයිල ආරක්ෂක පද්ධතිය සිරියාව වෙත ලබා දීමට රුසියාව කටයුතු කිරීම විශේෂත්වයකි.

සිරියාවේ අයි.එස්. ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේදී රුසියාව හා ඇමෙරිකාව එම ප්‍රහාරයන් සම්බන්ධයෙන් අවබෝධයක් ගොඩනගා ගෙන තිබිණි. කෙසේ‍ වෙතත් ඇමෙරිකාව අයි.එස්. ත්‍රස්තයින්ට ප්‍රහාර එල්ල කරනවා වෙනුවට බෂාර් අල් අසාද් පාලනයට පක්ෂපාතී කණ්ඩායම්වලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ චෝදනා එල්ල වී ඇත.

Read more...

Image result for Abu Bakr al-Baghdadiඅයි.එස්. ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස  සැලකෙන Abu Bakr al-Baghdadi ගේ ආහාර වේලකට වස මිශ්‍ර කර ලබා දීම හේතුවෙන් ඔහු මේ වනවිට අසාධ්‍ය තත්වයේ පසුවන බව වාර්තා වේ.

අයි.එස්. නායකයාට අමතරව එම සංවිධානයේ තවත් ඉහළ පෙළේ නායකයින් තිදෙනෙකුට වස මිශ්‍ර ආහාර ලබා දී ඇති බව පැවසෙන අතර ඔවුන්ද අසාධ්‍ය තත්වයේ පසුවන බව පැවසේ. කෙසේ වෙතත් මෙම තොරතුරු වල නිවැරදි බව මේ වනතෙක් තහවුරු වී නොමැත.

අයි.එස්. සංවිධානයේ ඉතා විශ්වාසවන්තයින් යොදා ගනිමින් නායකයාට ආහාර ලබා දෙන බව වාර්තා වන අතර ආහාරවලට වස මිශ්‍රකරනු ලැබූවන් සොයා මේ වනවිට මෙහෙයුමක් ආරම්භකර ඇතැයි පැවසේ. මෙම තත්වයත් සමග අයි.එස්. සංවිධානයේ මේ වනවිට අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වී ඇතැයිද වාර්තා වේ.

Read more...

ඌණ සංවර්ධනයක් සහිත රටවල සෑම ළමයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකු අන්ත දුගී භාවයෙන් පීඩා විදිමින් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක බැංකුව මගින් ප්‍රකාශ කර ඇත.

ලොව පුරා දුගී භාවයෙන් පීඩා විඳින ළමුන්  මිලියන 385ක් පමණ වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත යුනෙස්කෝ ආයතනයද ප්‍රකාශ කර ඇති අතර ඔවුන් ශාරීරික වශයෙන් පමණක් නොව මොළයේ වර්ධනයට සිදුවන බලපෑම තුළ මානසික වශයෙන්ද දුර්වලයන් බවට පත්ව ඇතැයි පවසයි.

දුගී භාවයෙන් පෙළෙන අතිශය බහුතරය අප්‍රිකානු කලාපයේ රටවල්වල වෙසෙන අතර ආසියානු කලාපයේ රටවල තත්වයද දරුණු මට්ටමක පවතී. ධනවාද සියලු ක්ෂේත්‍රයන්ගේ ඉතා සීඝ්‍ර සංවර්ධනයක් අත්පත්කර ගෙන ඇති යුගයක මෙලෙස ළමුන් මන්දපෝෂණයෙන් හා අන්ත දුගී භාවයන්ගෙන පෙළෙමින් සිටීම හා ඒය පිටු දැකීම වෙනුවෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම බරපතළ තත්වයක් බවට පත්ව තිබේ.Image result for Poverty

Read more...

Image result for us russiaසිරියානු අර්බුදය විසඳීම සඳහා රුසියාව සමග පැවැති සියලු සබඳතා අත්හැරීමට ඇමෙරිකාව තීරණය කර ඇති අතර එම තීරණය සම්බන්ධයෙන් රුසියාව සිය බලවත් විරෝධය දක්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු නිත්‍ය නියෝජිත විටර්ලි චර්කින් අදහස් දක්වමි  ප්‍රකාශ කර ඇත්තේ අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව මතුපිටින් විරෝධය පළ කළත් ඇමෙරිකාව සැමවිටම අසාද් පාලනය පෙරළා දැමීම සඳහා අයි.එස්. ත්‍රස්තවාදීන්ට සහයෝගය පළකරමින් සිටින බවයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභ්‍යන්තර ප්‍රකාශනයක සටහන්ව ඇත්තේ සිරියාවේ අභ්‍යන්තර යුද්ධයට පෙර සිරියාව ස්වයං පෝෂිත තත්වයක සිටී බවත් සිරියාවට පනවා ඇති ඇමෙරිකානු හා යුරෝපා සම්බාධක හේතුවෙන් මේ වනවිට එරට තුළ දැවැන්ත ආර්ථික කඩා වැටීමක් හා දරුණු අහාර හිඟයකින් පෙළෙන තත්වයක් උදා වී ඇති බවය.

වෙනත් රටවලින් ලැබෙන ආධාර මත සිරියානු ආර්ථිකය සම්පූර්ණයෙන්ම රඳා පවතින බව එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වන බව පැවසේ. ඇමෙරිකාව හා යුරෝපය පනවා ඇති සම්බාධක හේතුවෙන් ඖෂධ, ආහාර ඇතුළු මූලික අවශ්‍යතාවල බරපතළ හිඟයක් සිරියාව තුළ මතුව ඇති අතර සම්බාධක හේතුවෙන් එම ද්‍රව්‍ය ලබා දීමේදී දැඩි ලෙස බාධා සිදු වෙමින් පවතින බව වාර්තා වේ.

 

 

Read more...

Advertisement

Facebook

Ad

...