Lankatruth

A+ A A-

විදෙස් පුවත්

දේශසීමා අර්බුදයකට මැදිව සිටින කාශ්මීර් ප්‍රදේශයේ ඉන්දීය හමුදා හා පකිස්තාන හමුදා අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාශ්මීර් අර්බුදය හේතුවෙන් ඉන්දියාව හා පකිස්තානය අතර උණුසුම් තත්වයක් මේ වනවිට මතුව තිබෙන අතර දෙරට අතර දේශසීමා වසාදමා ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බව පැවසේ. මීට පෙර අවස්ථාවකදී සිදු කළ වෙඩි ප්‍රහාරයකින් පකිස්තාන ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් සමග දෙරට අතර මෙම මතභේදාත්මක තත්වය උත්සන්න වීමට පටන් ගත් අතර දෙපාර්ශවය විසින් දෙපාර්ශවයටම චෝදනා එල්ල කර ගනිමින් සිටී.

විදෙස් වාර්තා පවසන්නේ දේශසීමාව දෙපස සිටින දෙපාර්ශවය විසින් වෙඩි ප්‍රහාරයන් එල්ල කරගන්නා බවය. මෙම ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි පැවසේ.An Indian victim of cross-border shelling is treated in a hospital in Jammu Tuesday.

Read more...

දකුණුකොරියා ජනාධිපතිනී පාක් ගවේන් හයි (Park Geun-hye) සිය මිතුරිය මෙන්ම උපදේශිකාවද වන චෝයි සූනු ස්යිල් (Choi Soon-sil) වෙත අත්නෝමතික ලෙස බලය පැවරීම සම්බන්ධයෙන් විශාල වශයෙන් එරට ජනතාවගේ විරෝධය එල්ල වී තිබේ. ඇයට බලතල පැවරීමේ ඇති වරද පෙන්වා දුන් තම ජ්‍යෙෂ්ට උපදේශකයින් 10දෙනෙකුට සේවයෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරිය නියෝග කිරිම මෙම විරෝධය වර්ධනය වීමට හේතු වී ඇත. 

දකුණුකොරියානු නීති නිලධාරීන් වාර්තා කර ඇත්තේ චෝයි සූනු ස්යිල් (Choi Soon-sil) හට රට තුළ ස්තීර ලිපිණයක් නොමැති බව ය.

Image result for Park Geun-hyeImage result for Park Geun-hyeChoi Soon-sil arrives at the prosecutor’s building in Seoul

චෝයි සූනු ස්යිල් (Choi Soon-sil) South Korean protesters carry a banner depicting President Park Geun-hye as a marionette and Choi Soon-sil as the puppeteer.People holding placards reading ‘Park Geun-Hye out’ march in Seoul

ගජමිතුරන් පොෂණය කළ දකුණු කොරියා ජනපතිට ජනතා විරෝධය

ගජමිතුරන් පොෂණය කළ දකුණු කොරියා ජනපතිට ජනතා විරෝධය

Posted by Lanka Truth on Tuesday, November 1, 2016
Read more...

Image result for Iceland prime ministerදූෂණයට එරෙහිව නැගී සිටි පයිරට් (Pirate)පක්ෂයේ බලපෑම මත අයිස්ලන්තයේ අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුව ඇත.

පයිරට් හෙවත් කොල්ලකරුවන්ගේ පක්ෂය පසුගිය 2012 වසරේදී බිහිවූ අතර ඔවුන් මුලින්ම මුහුණ දුන් 2015 මැතිවරණයේදී ආසන 3ක් හිමි වී ඇත. ඔවුන් 2016දී  ආසන 63ක් වන සමස්ත මන්ත්‍රී මණ්ඩලයෙන් 16%ක් හිමිකරගෙන තෙවන බලවේගය බවට පත් විය. 

දූෂණයට එරෙහි මෙම නිහඬ තර්ජනය හමුවේ එරට අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

දූෂණ විරෝධීන් අයිස්ලන්ත අගමැතිව ගෙදර යවයි

දූෂණ විරෝධීන් අයිස්ලන්ත අගමැතිව ගෙදර යවයි

Posted by Lanka Truth on Tuesday, November 1, 2016
Read more...

පකිස්තානයේ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකයකු වන හිටපු පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් 1500ක් එරට පොලිසිය අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමග මේ වනවිට එරට අගනුවර කටයුතු අඩාල වී ඇති බව වාර්තා වේ.  

ඉස්ලාමාබාද් අගනුවරට ප්‍රවේශ වන ප්‍රධාන මාර්ග සියල්ලක්ම කන්ටේනර් යොදා හරස් කිරීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇති අතර  ස්ලාමාබාද් අගනුවර රතු කලාපයක් ලෙස නම් කර එහි ආරක්ෂාවද තර කිරීමට කටයුතු යොදා තිබේ. 

නවාෂ් ෂරීෆ්ගේ පාලනයට එරෙහිව මේ සති අන්තයේදී ඉස්ලාමාබාද් අගනුවරදී විරෝධතා රැලියක් පැවැත්වීමට සූදානම් වන පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර විරෝධතාවරුවන් පොලිසිය සමග ගැටුම් ඇති කර ගැනීමත් සමග මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අත්අඩංගුවට පත්වූවන් අතර කාන්තාවන් රැසක්ද වන බව වාර්තා වේ.

මීට පෙරද ඉම්රාන් ඛාන් විසින් ෂරීෆ් අගමැතිවරයාගේ පාලනයට එරෙහිව දැවැන්ත විරෝධතාවක් පැවැත්වූ  අතර ඔහු චෝදනා කර සිටින්නේ  නවාස් ශරීෆ්ගේ පාලනය දූෂිත එකක් බැවින්  ඔහුට ඉල්ලා අස්වන ලෙසටය. මෙම අත්අඩංගුවට ගැනීමත් සමග සති අන්තයේ පැවැත්වීමට සූදානම් වන රැලිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබෙන බව වාර්තා වේ.

PTI activists clash with police in Swabi during their march to the federal capital. PHOTO: AFPPTI workers facing problems from the police during their protest.PHOTO: PPI

Islamabad: Containers placed in Red Zone

Read more...

Image result for puteenසිරියානු අර්බුදය විසඳීම සඳහා වූ වගකීම වත්මන් ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පැහැරියත් මීලඟ ඇමෙරිකානු නායකත්වය සමග එක්ව කටයුතු කරමින් එම ප්‍රශ්නය විසඳීමට සූදානම් බවට රුසියානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියානු ජනාධිපතිවරයා සිදු කළ  ප්‍රකාශය  ෂින්හුවා පුවත් සේවය වාර්තා කර තිබෙන අතර එහිදී වැඩිදුරටත් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ වත්මන් ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සමග සිරියානු අර්බුදය විසඳීම සඳහා සිදුකළ ගනුදෙනු ඉතා අසීරු එකක් වූ බවත් කිසිඳු එකඟතාවයකට ඒමට ඇමෙරිකානු නායකත්වය කටයුතු නොකළ බවයි.

ඇමෙරිකානු ජනාධිපතිවරණය ඉතා ආසන්න වී තිබියදී පුටීන් ජනාධිපතිවරයා සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි අවධානයක් මේ වනවිට යොමුව තිබේ.

Read more...

Image result for Hassan Rouhaniමැදපෙරදිග සහ  උතුරු අප්‍රිකානු කලාපය තුළ ත්‍රස්ත රාජ්‍ය පද්ධතියක් ගොඩ නැගීමේ අවදානමක් මතුවී ඇති බවට ඉරාන ජනාධිපති හසන් රෙහානි අනතුරු අඟවා තිබේ.

ඉරාන ජනාධිපතිවරයා මේ අදහස් දක්වා ඇත්තේ යුරෝපා සංගමයේ තානාපති අංශයේ ප්‍රධානී ෆෙඩ්රිකා මොග්හෙරිනි සමග පැවැති සාකච්ඡාවකදී බව පැවසේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ සිරියාව සහ ඉරාකය තුළ සිදු කෙරෙන අයි.එස්. ත්‍රස්ත ක්‍රියාකාරකම් බරපතළ වී ඇති අතර අයි.එස්. ත්‍රස්තවාදය පරාජයට පත් නොකළහොත් කලාපය තුළ ත්‍රස්ත රාජ්‍ය පද්ධතියක් ගොඩ නැගීම සිදු වන බවත් සිරියාව සහ ඉරාකය තුළ පිහිටුවා ඇති ත්‍රස්ත මධ්‍යස්ථාන තුළින් කලාපයේ අනෙකුත් රටවල්ද අවදානමකට ලක්ව ඇති බවයි. විශේෂයෙන්ම මේ වනවිට ලිබියාව අයි.එස්. ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්වීමේ අවදානමක් මතුව ඇති බවත් ‍ඊට අමතරව ඇල්ජීරියාව හා ඊජීප්තුව තුළ ත්‍රස්ත ක්‍රියාකාරකම් ඉහළ යමින් පවතින බවත් ඉරාන ජනාධිපතිවයා ප්‍රකාශ කර තිබේ.

ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ත්‍රස්තවාදීන් වෙත ආධාර උපකාර සපයන රටවල් පිළිබඳව යුරෝපා සංගමය මීට වඩා වැඩි අවධානයක් යොමු කරමින් එම තත්වය වැලැක්වීම සඳහා ක්‍රියාත්මක විය යුතු බවය. එසේම ත්‍රස්තවාදය පැරදවීම සඳහා සිරියාවේ අසාද් පාලනය ගෙන යන උත්සාහයට මූල්‍ය හා යුද ආධාර ලබා දීමට කටයුතු කළ යුතු බවයි. අයි.එස්. ත්‍රස්තවාදීන්ට ආධාර සපයන මැදපෙරදිග කලාපයේ සෞදි අරාබිය, තුර්කිය ප්‍රමුඛ රටවල් වෙත සිය විරෝධය පළකරමින් ඉරාන ජනාධිපතිවරයා පවසා ඇත්තේ සිරියාවේ අනාගතය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය සිරියානුවන් සතුවන බවයි. ඊට වෙනත් රටකට බලපෑම් එල්ල කළ නොහැකි බවයි. 

Read more...

Image result for emailඇමෙරිකානු ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී FBI ආයතනය කළ අනාවරණයක් නිසා මේ වනවිට ඇමරිකාව තුළ ආන්දෝලනයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකානු ජනාධිපති සටනේ ප්‍රබල අපේක්ෂිකාව වන ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඊ මේල් අවභාවිතාවක් සිදු කර ඇති බවට FBI ආයතනය කළ ප්‍රකාශය මෙම තත්වයට බලපා ඇතැයි පැවසෙන අතර ඇය ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ධූරය දරන සමයේදී සිය පෞද්ගලික ඊමේල් ගිණුම යොදා ගනිමින් අතිශය රහසිගත ඊමේල් පණිවුඩ හුවමාරු කර ඇති බවට එහිදී අනාවරණය වී තිබේ.

මෙම හෙළිදරව් කිරීමත් සමග ජනාධිපතිවරණ සටනේදී හිලරි ක්ලින්ටන් හට හිමිව තිබූ ජනතා ප්‍රසාදය කිසියම් දුරකට අඩුවීමක්  අනතුරක් ඇති බවට පැවසෙන අතර මෙම තත්වය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්හට වාසිදායක වනු ඇතැයි පැවසේ. මීට පෙරද සුප්‍රසිද්ධ විකී ලීක්ස් වෙබ් අඩවිය හරහා හිලරි ක්ලින්ටන් සිය පෞද්ගලික ඊමේල් ගිණුම යොදා ගනිමින් සිදු කළ රහසිගත ඊමේල් පණිවිඩ හුවමාරු සම්බන්ධ තොරතුරු හෙළිදරව් කරනු ලැබීය.

 

 

Read more...

Image result for united nations human rights council (unhrc)පසුගියදා පැවැති රහස් ඡන්ද විමසීමකදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මණ්ඩලයේ සමාජිකත්වය  සඳහා සෙසු රටවල අනුමැතිය  සෞදි අරාබියට හිමි වී රුසියාවට එය අහිමි වීම සම්බන්ධයෙන් රුසියාවේ දෝෂදර්ශනයට ලක්වී තිබේ.

මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකත්වය පිළිබඳව සාමාජික රටවල නියෝජිතයන් අතරේ රහස් ඡන්දයක් පවත්වා ඇති  අතර එහිදී සෞදියට යළි සාමාජිකත්වය හිමි වී ඇත. කෙසේ වෙතත් සෞදි අරාබිය යේමනයේ හා මැදපෙරදිග කලාපයේ සිදු කරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හමුවේ මෙලෙස සාමාජිකත්වය නැවත හිමි වීම අනතුරුදායක තත්වයක් වී තිබේ. විශේෂයෙන්ම සිරියාවේ ක්‍රියාත්මක අයි.එස්. ත්‍රස්තවාදීන් පිටුපස සෞදි අරාබියද ක්‍රියාත්මක වන බව මේ වනවිට හෙළිවී ඇත.

එසේ තිබියදී සෞදියට මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකත්වය හිමි වී රුසියාවට එය අහිමි වීම සම්බන්ධයෙන් රුසියාව සිය අප්‍රසාදය පළකර තිබේ. 

Read more...

ඇමෙරිකානු ජානාධිපතිවරණයෙන් ඇමෙරිකානුවන්ට තෝරාගත හැක්කේ නරක හෝ ඉතා නරක යන දෙකෙන් එකක් පමණක් බව ඉරාන ජනාධිපති හසන් රෙහානි පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරාන ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කර ඇත්තේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර ගනිමින් එසේ පවසා ඇති ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ වසර 200ක ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කට මෑත දොඩවන ඇමෙරිකාව තම ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ කර්කශ වාග් සංග්‍රමයන් හරහා පෙන්නුම්කරමින් ඇත්තේ සාධාරණ හා යුක්තිය බිඳගත් රාජ්‍යයක් බවට පත්වී ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීම් තුළදී එරට රාජ්‍ය නායකයා තමන් ප්‍රිය කරන්නේ කවුරුදැයි විමසූ විට මම වඩාත් කැමති විය යුත්තේ නරක හෝ අතිශය  නරකට දැයි ප්‍රශ්න කරන්නට තමන්ට සිදු වූ බව ඉරාන ජනාධිපතිවරයා එරට ජනතාව අමතමින් ප්‍රකාශ කර තිබේ.Image result for iran president

Read more...

පසුගිය 13 වැනි දින අභාවප්‍රාප්ත වූ තායිලන්ත රජු මෙන්ම වැඩිම කාලයක් රාජ්‍යත්වය දැරූ නායකයා වන භූමි බෝල් ආදල් යාදේ රජුගේ අවසන් කටයුතු සිදු කෙරෙන දිනයක් තීරණය කර ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බව වාර්තා වේ.

දශක ගණනාවක් පුරා තායිලන්තයේ රාජ්‍යත්වයට හිමි කම් කියූ භූමි බෝල් රජු වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා දිනපතා දහස් ගණනින් තායිලන්ත ජනතාව පැමිණෙමින් ඇති බව වාර්තා වේ. ඇතැම් වාර්තා වලට අනුව දින 100කින් අවසන් කටයුතු සිදු කරන බවයි. තවත් වාර්තා පවසන්නේ රජුගේ දේහය මහජන ගෞරවය සඳහා වසරක කාලයක් තබා ගනු ඇති බවයි.

සංචාරක කර්මාන්තය මත රඳා පවතින තායිලන්ත ආර්ථිකය මේ තත්වයත් සමග දැඩි ලෙස කඩා වැටීමකට ලක්ව ඇති අතර කිසිඳු විනෝද කටයුත්තක් හෝ සිදු නොකෙරෙන තත්වයක් උදා වී ඇතැයි පැවසේ.

භූමි බෝල් රජුගේ පාලන සමයේ අවසන් කාලයේදී තායිලන්තය බරපතළ දේශපාලන අර්බුද රැසකට මුහුණ දුන් අතර මේ වනවිටද එරට පාලන බලය හොබවන්නේද හමුදා පාලනයක් විසිනි. 

 Image result for thailand king

Read more...

Advertisement

Facebook

Ad

...