Lankatruth

A+ A A-

විදෙස් පුවත්

Image result for mosul crimeඅයි.එස්. ත්‍රස්ත සංවිධානය පාවාදෙන බවට චෝදනා කරමින් ඉරාකයේ මොසුල් නුවර සිවිල් වැසියන් 40ක් පමණ විදුලි රැහැන්වල එල්ල ඝාතනය කර ඇති බවට වාර්තා වේ.

රාජ ද්‍රෝහී චෝදනා මත  මෙම ඝාතන සිදු කර ඇත්තේ අයි.එස්. ත්‍රස්තවාදීන් විසින්ම පිහිටුවා ඇති ස්වයං අධිකරණවල නියෝග අනුව බවට සැකකරයි. ඝාතනය කරනු ලැබු සිවිල් වැසියන්ට තැබිලි පැහැ ඇඳුම් අන්දවා ඇති එම ඇඳුම්වල ද්‍රෝහියෝ හා ඉරාක ආරක්ෂක හමුදා නියෝජිතයෝ ලෙස සටහන් කර ඇති බව පැවසේ.‍

මේ වනවිට මොසුල් නගරය බේරා ගැනීම සඳහා ඉරාක ආරක්ෂක හමුදා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර අයි.එස්. ත්‍රස්තවාදීන් සාමාන්‍ය ජනතාවට නගරයෙන් පිටවීමට ඉඩ නොදී කොටුකර ගෙන සිටින බව වර්තා වේ. මෙම ඝාතනයන් සිදු කරන්නට ඇත්තේ එලෙස කොටුකර ගෙන සිටින ජනතාව අතරින් පිටවීමට උත්සාහ කරනු ලැබූ ජනතාව බවටද සැක කරයි. මොසුල් නගරය 2014 වසරේ සිට අයි.එස්. ත්‍රස්තයින්ගේ ග්‍රහණයට නතුව තිබේ.

Read more...

ඇමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ගනුදෙනු කිරීමට සිදු වී ඇති න්‍යෂ්ටික බලවතුන් අතරට උතුරු කොරියාවද ඇතුළත්ව තිබෙන බවත් උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩපිළිවෙල නතර කිරීමට වොෂින්ටනය ගත් උත්සාහය පුස්සක් වී ඇති බවත් උතුරු කොරියාව අවරධාරණය කර තිබේ.

ඇමෙරිකානු ජාතික බුද්ධි ආයතනයේ අධ්‍යක්ෂක ජේම්ස් ක්ලැපර් සිදු කර තිබෙන ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් උතුරු කොරියාව මෙම ප්‍රකාශය සිදු කර ඇත. බුද්ධි ප්‍රධානියා පවසා ඇත්තේ උතුරු කොරියාව න්‍යෂ්ටික බලය සහිත තත්වයෙන් ඉවත් කිරීම තමන්ට මඟහැරුණු වගකීමක් බවයි.

එයට ප්‍රතිචාර දක්වමින් උතුරු කොරියානු පාලක පක්ෂයේ නිල පුවත්පත වන රොඩෝන්ග් සින්මුන් ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකානු බුද්ධි ප්‍රධානියාගේ ප්‍රකාශය අතීතයට වලංගු වුවත් එය වර්තමානයට යල් පැන ගිය මිත්‍යාවක් වී ඇති බවත් ඔබාමා යමක් කර ඇත්නම් ඒ ඇමෙරිකානු රාජ්‍යය බරපතළ අනතුරකට ලක්කිරීම බවයි.Image result for north korea

Read more...

Image result for hamas leaderපලස්තීන ජනතාවට එරෙහිව සිදුකරන අමානුෂීය ක්‍රියා හා අපරාධ සාධාරණය කරමින් මෙතෙක් ඊශ්‍රායලයට  ලබා දුන් ඇමෙරිකානු සහයෝගය  නතර කරන ලෙස හමාස් සංවිධානය නව ඇමෙරිකානු ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හමාස් සංවිධානයේ නායක කලීඩ් මෙෂාල් මෙම ඉල්ලීම කර ඇත්තේ ඊයේ (11) දිනයේ  කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය. හමාස් නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙතෙක් පත්වූ සියලුම ඇමෙරිකානු ජනාධිපතිවරුන් පලස්තීන ජනතාවට එරෙහිව සිදුකරන ඊශ්‍රායලය අපරාධයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවය. ඇමෙරිකානු ජානාධිපතිවරුන් එසේ ඊශ්‍රායලය ආරක්ෂා කරමින් ඔවුන්ට හිස නමන්නේ ඇමෙරිකාවේ වෙසෙන යුදෙව්වන්ගේ ඡන්දය ලබා ගැනීමට බවය. එහෙත් මෙවර ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ට සහාය දැක්වූ සියල්ලන්ම ඇමෙරිකානුවන් බැවින් ඊශ්‍රායලයට පළකරන සහයෝගය නතර කරන්නැයි එහිදී ප්‍රකාශ කර ඇත.

Read more...

45වන ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇමෙරිකාවේ නගර රැසක විරෝධතා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඊයේ (09) රාත්‍රියේ සිට ට්‍රම්ප්ට එරෙහිව මෙලෙස විරෝධතාවයේ යෙදෙන පිරිස් ට්‍රම්ප්ට අයත් නිව්යෝර්ක් නුවර පිහිටි ට්‍රම්ප් කුළුණ වටලා සිටින බව වාර්තා වේ. විරෝධතාකරුවන් පවසන්නේ ට්‍රම්ප් යනු අන්තවාදී මත දරන්නකු බවත් ඔහුගේ නායකත්වය යටතේ ඇමෙරිකාවට අනාගතයක් නොමැති බවයි.

විරෝධතා හේතුවෙන් නගර රැසක මාර්ග වසා දැමීමට පොලිසිය කටයුතු කර ඇති අතර මේ වනවිට නිව්යෝර්ක්, චිකාගෝ, බොස්ටන්, ලොස් ඇන්ජලීස්, ඔක්ලන්ඩ්, කැලිෆෝනියා, බොස්ටන්, සියැටල්, පෝට්ලන්ඩ් ඇතුළු නගර රැසක විරෝධතා පැවැත්වෙන බව වාර්තා වේ.

ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ හිලරි ක්ලින්ටන් ඊයේ දිනයේ සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉදිරි සිව් වසර තුළ ඇමෙරිකාව පාලනය කිරීම සඳහා සහයෝගය දක්වන ලෙසය. ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා ආරම්භ කර ඇති ප්‍රධාන නගර රැසක්ම මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලැබුවේ හිලරි ක්ලින්ටන් වීම විශේෂත්වයකි.

Read more...

Image result for china Finance Ministerචීන මුදල් ඇමතිවරයා වන ලොඌ ජීවේ මහතා එම ධූරයෙන් ඉවත් කර ඒ වෙනුවට ආදායම් බදු ක්ෂේත්‍රයේ ප්‍රධානියා වන ෂියාඕ ජීවේ මහතා පත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මුදල් ඇමතිවරයා හදිසියේ ඉවත් කිරීම පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය නොවන අතර චීනයේ ක්‍රියාත්මක ආර්ථිකයේ නවීකරණ වැඩපිළිවෙල ක්‍රියාත්මකව ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ ප්‍රධානියා ලෙස මුදල් ඇමතිවරයා කටයුතු කර තිබිණි. 

Read more...

ඇමෙරිකානු ජනාධිපතිවරණය නවතම ප්‍රතිඵල අනුව පැහැදිලි ජයග්‍රහණක් අත් කර ගැනීමට රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්ව සිටී.

ජනාධිපති ධූරය ලබා ගැනීම සඳහා වන ඡන්ද කොට්ඨාශ 270 ක අවම කඩඉම පසුකර යාමට මේ වනවිට ට්‍රම්ප් සමත්ව ඇති අතර ඔහු ලබා ගෙන ඇති ඡන්ද කොට්ඨාශ ජයග්‍රහණය 276කි. ප්‍රතිවාදිනිය වූ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් මේ වනවිට ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති ඡන්ද කොට්ඨාශ ගණන 218ක් බව පැවැසේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඡන්ද කොට්ඨාශ 538කින්  තවත් කොට්ඨාශ 40ක ප්‍රතිඵල නිකුත් වීමට තිබියදී  ට්‍රම්ප් ජයග්‍රහණය අත්කර ගැනීමට සමත්ව තිබේ. ඇමෙරිකානු ඉතිහාසයේ පළමු ජනාධිපතිවරිය වීමේ අපේක්ෂාවෙන්  හිලරි ක්ලින්ටන්  ‍ජනාධිපති සටනට අවතීර්ණ වී සිටීම විශේෂත්වයකි.Image result for ඩොනල්ඩ් ට්‍රම්ප්

Read more...

2004 වසරේ නොවැම්බර් මස 7 වැනි දින ඉරාකයේ ෆලූජා නගරය තුළ සිදුකළ ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය හමුදා ප්‍රහාරයන්ට යොදා ගනු ලැබූ මාරාන්තික යුරේනියම් ප්‍රහාරයන්ගේ බලපෑම ඉන් වසර 12 ගතවී තිබියදීත් එම නගරයේ ජනතාවට එල්ල වෙමින් ඇති බව වාර්තා වේ.

යුරේනියම් භාවිතා කරමින් සිදු කළ පහරදීම්වල ප්‍රතිඵලයක් ලෙස මේ වනවිටත් ෆලූජා නගරයේ විකෘති දරු උපත් බහුලව සිදුවන බවත් නගරයේ වැසියන් විශාල වශයෙන් පිළිකා රෝගයේ ගොදුරු බවට පත්ව ඇති බවත් හෙළිව තිබේ.

ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝනය කරමින් ඇමෙරිකාව එල්ල කර ඇති මෙම ප්‍රහාරයන් පිළිබඳ ඇමෙරිකානු අධිකාරිය පිළිගෙන ඇත්තේ එම ප්‍රහාරයන් සඳහා යොදා ගනු ලැබුවේ සුදු පොස්පරස් බවය. ඇමෙරිකාව එසේ ප්‍රකාශ කළත් ප්‍රහාරයන් සඳහා යොදාගත් රසායනික ද්‍රව්‍ය පිළිබඳව මෙතෙක් නිශ්චිතව තහවුරු නොවේ.

විකීරණශීලතා අනතුරු පිළිබඳ යුරෝපා කොමිටි ලේකම් මහාචාර්ය ක්‍රිස්ටෝපර් බස්බි පවසා ඇත්තේ ඇත්තේ ෆලූජා නගර වැසියන් මුහුණ දී ඇති අවදානම පිළිබඳව කිසිදු ප්‍රගතියක්  මේ වනතුරුත්  දක්නට නොමැති අතර විකෘතීන් සහිත දරු උපත් සහ රෝග සහිත දරු උපත් වල අඩුවීමක් දක්නට නොමැති බවය. එම තත්වය මේ වනවිට ජානමය විකෘති වීමක් දක්වා වර්ධනය  වීමේ අවධානමක් මතුව  ඇති බවය.

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇති විද්‍යාඥයින් සහ වෛද්‍යවරුන් පිරිසක් තහවුරු කරගෙන  ඇත්තේ ඇමෙරිකාව එල්ල කරනු ලැබූ යුරේනියම් බෝම්බ ප්‍රහාරයන් හේතුවෙන් මෙලෙස බරපතළ රෝග තත්වයන් මතුව ඇති බවය. නිරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ  ෆලූජා නගර වැසියන් ආශ්‍රිතව යුරේනියම් මට්ටම ඉහළ අගයක් ගන්නා බවත්  ඒ අනුව කිසිදු සැකයකින් තොරව යුරේනියම් සහිත ප්‍රහාරයන් හේතුවෙන් මෙම ව්‍යවසනයට ඔවුන් ගොදුරු වී ඇති බවය.ෙ

තමන්ට එල්ල වන චෝදනාවෙන් බේරීම සඳහා වොෂින්ටන් බලධාරීන් හා ආයුධ නිෂ්පාදනය කරන සමාගම් මේ වනවිට දැඩි උත්සාහයක් ගනිමින් සිටී. එහෙත් ප්‍රංශයේ හා නැමේබියාවේ යුරේනියම් පතල් කම්කරුවන් මෙන්ම යුරේනියම් ආශ්‍රිත පර්යේෂකයින්  මුහුණ දෙන තත්වයන් තුළ ඉරාකයේ ෆලූජා නගර වැසින්යන් මුහුණ දී ඇති තත්වය හොඳින් තේරුම් ගත හැකිව තිබේ. Image result for iraq fallujah peples

Read more...

නිකරුගුවාවේ ජනාධිපතිවරණයෙන් එරට ජනාධිපතිවරයා ලෙස නැවතත් සැන්ඩිනිස්ටා ජාතික විමුක්ති පෙරමුණේ නායක ඩැනියෙල් ඔටේගා විශ්ෂ්ඨ ජයක් හිමිකරගෙන තිබේ.

විදස් මාධ්‍ය වාර්තා කරන අන්දමට දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඩැනියෙල් ඔටේගා 71%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර මේ අනුව ඔහු තෙවනවරටත් නිකරගුවාගේ ජනාධිපතවරයා බවට පත් වීමට වැඩි ඉඩකඩක් හිම කරගෙන සිටියි.

එරට ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය යන දෙකම එකවර පවත්වන අතර නිකුරගුවානු වාමාංශික හා ප්‍රගතිශීලී කණ්ඩායම් ඇතුළු පුළුල් පෙරමුණකින් එක්සත් නිකරගුවානු විජයග්‍රාහී සන්ධානය ලෙස සැන්ඩිනිස්ටා ජාතික විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී සිටී. 

එහි දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 66.3%කින් ඡන්ද 72.1%ක් ලබා ගෙන තිබේ.

Read more...

විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් පසුගියදා රුසියන් රාජ්‍ය පුවත් සේවය වන RT NEWS සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇමරිකාවේ මේ වනවිට පැවැත්වෙන ජනාධිපතිවරණ සටන සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.

එහිදී ඔහු හිටපු රාජ්‍ය ලේකම් ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කරුණු අනාවරණය කර තිබේ. IS සංවිධානයේ ප්‍රවර්ධය සඳහා මුදල් යොදවන සංවිධාන විසින් හිලරි ක්ලින්ටන්ගේ අරමුදල් තර කර ඇති බවත් මැතිවරණ ව්‍යාපාරයේ ගැවසෙන්නේ එම ත්‍රස්ත මුදල් බවත් එහිදී අසාන්ජ් හෙළි කර තිබේ. 

කුමණ තත්වයක් යටතේ වුවද ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපති වීම වැලැක්වීමට ක්ලින්ටන්ගේ ජාලය වගබලාගන්නා බවත් එහිදී ජුලියන් අසාන්ජ් මත පළ කර සිටියේය.

විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ගෙන් තවත් තොරතුරු අනාවරණයක් #JulianAssange #ExclusiveInterview #RT

Posted by Newsfirst.lk on Saturday, November 5, 2016
Read more...

වංචා හා දූෂණ චෝදනා එල්ලවී ඇති දකුණු කොරියානු ජනාධිපති පාක් ගවේන්ට එරෙහවි වීදි බැස සිටින දකුනු කොරියානු ජනාව මේ වනවිට දැවැන්ත විරෝධතා රැලියක් පවත්වමින් සිටිති.

ආශ්‍රිත පුවත්

ගජමිතුරන් පොෂණය කළ දකුණු කොරියා ජනපතිට ජනතා විරෝධය

Image result for LIVE: Rally against President Park in South KoreaImage result for LIVE: Rally against President Park in South KoreaImage result for LIVE: Rally against President Park in South KoreaImage result for LIVE: Rally against President Park in South KoreaImage result for LIVE: Rally against President Park in South KoreaImage result for LIVE: Rally against President Park in South Korea

 

Read more...

Advertisement

Facebook

Ad

...