Lankatruth

A+ A A-

විදෙස් පුවත්

Image result for ukraine president petro poroshenkoඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුසියානු හිතවාදී ප්‍රතිපත්ති හේතුවෙන් රුසියාවට පනවා ඇති සම්බාධක ලිහිල් වනු ඇති බවට යුක්රේන ජනාධිපති පෙට්රෝ පොරෂෙන්කෝ දෙගිඩියාවකින් පසුවන බව වාර්තා වේ.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ බලපෑම මත යුරෝපා රටවල් රුසියාවට පනවා ඇති සම්බාධක ලිහිල් කරනු ඇති බවයි. යුක්රේනයේ හිටපු ජනාධිපතිවරයා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කිරීමෙන් අනතුරුව ඇති වූ තත්වය හමුවේ  රුසියාව ක්‍රිමියා තම රටට ඈදා ගැනීමට කටයුතු කළේය. ඉන් පසු පැවැත්වූ ජනමත විචාරණයෙන්ද රුසියාවට එක් වීම එහි ජනතාව අනුමත කරනු ලැබීය.

රුසියානු ක්‍රියාමාර්ගය පිළිබඳව විරෝධය පළ කරමින් ඇමෙරිකාව රුසියාවට එරෙහිව සම්බාධක පැනවූ අතර යුරෝපයද එම පිළිවෙත අනුගමනය කරමින් රුසියාවට එරෙහිව සම්බාධක ක්‍රියාත්මක කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු හිතවාදියකු බවට ප්‍රකාශ වීමත් සමග බටහිරින් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් වුවහොත් යුක්රේන දැඩි අසීරුතාවයකට පත් වන බැවින් යුක්රේන ජනාධිපතිවරයා යුරෝපානු රටවලින් ඉල්ලා ඇත්තේ රුසියානු විරෝධී ක්‍රියාමාර්ග දැඩි කරන ලෙසටය. 

Read more...

Image result for කොලොම්බියා සාම ගිවිසුම

කොලොම්බියානු රජය හා ෆාක් ගරිල්ලා සංවිධානය අතර නව සාම ගිවිසුමක් ඊයේ (24) අත්සන් කර තිබේ. ඒ මීට පෙර අත්සන් කළ සාම ගිවිසුම ජනමත විචාරණයේදී පරාජයට පත් වීම නිසාවෙනි.

වසර කිහිපයක් පුරාවට කියුබාවේ හවානා නුවර පැවැති සාම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සමා ගිවිසුමට එකඟතාවය පළ කිරීමෙන් අනතුරුව  කොලොම්බියාවේ  ජනාධිපති ජුවාන් මැනුවෙල් සන්ටෝස් සහ ෆාර්ක් සංවිධානයේ නායකයා වන තිමොචේන්කෝ අතර මෙම සාම ගිවිසුම අත්සන් කෙරිණි.

කොලොම්බියා ආණ්ඩු  ෆාක් ගරිල්ලා සංවිධානය සමග වසර 52ක කාලයක් පැවැති ගැටුම් හේතුවෙන් පුද්ගලයින් දෙලක්ෂ හැට දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් ව තිබේ. එම ගැටුම් නිමා කිරීම වෙනුවෙන් කියුබානු ජනාධිපති රාවුල් කස්ත්‍රෝගේ දැඩි කැපවීම හා මැදිහත් වීම තම මීට පෙර සාම ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. එහෙත් පසුගිය ජනවාරි 2 වැනි දින පැවැති ජනමත විචාරණයේදී එම සාම ගිවිසුම පරාජය විය.

ඊයේ අත්සන් කළ සාම ගිවිසුම ජනමත විචාරයකට යොමු කිරීම වෙනුවට එරට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා යොමු කිරීමට නියමිත බව වාර්තා වේ. 

Read more...

Related imageලෝකය පුරා පැන නැගී ඇති වර්ගවාදී, බෙදුම්වාදී සියලුම ආකාරයේ යුද ගැටුම්වලදී සිවිල් වැසියන් වීමට වඩා හමුදා භටයකු වීම තුළින් වඩාත් වාසිදායක තත්වයක් උදා වන බව රතු කුරුස හමුදාවේ ජාත්‍යන්තර පීටර් මොරෙට් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැදපෙරදිග කලාපය ඇතුළු ලොව පුරා රටවල් රැසක මේ වනවිට  යුද ගැටුම් මතුව ඇති අතර ඉරාකයේ මොසුල් නගරය දක්වමින් රතු කුරුස ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ එහි සංවිධාන කිහිපයකට අයත් භට කණ්ඩායම් ගැටුම්වලට සම්බන්ධ වී සිටීම තුළ දෙමුහුන් යුද්ධයක් නිර්මාණය වී ඇති බවයි.

එවැනි තත්වයක් හමුවේ කොටු වී සිටින සිවිල් වැසියන්ට ආරක්ෂාව හා අත්‍යාවශ්‍ය ආහාර සපයා දීමේදී බරපතළ ගැටලුවක් මතුව තිබෙන බවත් සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේදී තම සංවිධානය අපොහොසත් වී ඇති බවයි.

Read more...

Image result for donald trump julian assangeලෝකප්‍රසිද්ධ ටයිම්ස් සගරාවට අනුව 2016 වසරේ විශිෂ්ඨතම පුද්ගලයා ලෙස පසුගියදා තේරීම සඳහා පැවැත්වූ තරඟයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා විකීලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසෙන්ජ් පෙරමුණ ගෙන ඇති බව වාර්තා වේ.

තරගයේ ජයග්‍රාහකයා නිල වශයෙන් නම් කිරීමේ කාර්යය සඟරාවේ කතුවරුන් විසින් කළ යුතු බව සඳහන් වන අතර අසෙන්ජ් ලබා ඇති ඡන්ද ප්‍රතිශතය 12% වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා ඇත්තේ 9% ඡන්ද ප්‍රතිශතයකි.

ඇමෙරිකානු ජනාධිපතිවරණ කාලසීමාව තුළදී අසෙන්ජ් විසින් හිලරි ක්ලින්ටන් සිදු කරනු ලැබූ දූෂිත ක්‍රියා සම්බන්ධ ඊ මේල් පණිවිඩ හෙළිදරව් කරනු ලැබීමත් සමග ඇමෙරිකානු සමාජයට දැඩි බලපෑමක් එල්ල විය. විශේෂයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වය ලබා ගැනීමේදී සිදු කළ දූෂිත ක්‍රියා මෙන්ම හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ මෙහෙයුම් සිදු කළ  ජොන් පොඩෙස්ටා සම්බන්ධ ඊමේල් පණිවිඩ රැසක් අසෙන්ජ් විසින් හෙළිදරව් කරනු ලැබීය.

මීට පෙර ටයිම්ස් සඟරාවට අනුව 1938 වසරේදී  ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ද, 1939 දී හා 1942දී සෝවියට් දේශයේ ජෝසෆ් ස්ටාලින්ද  දිනාගෙන ඇති අතර පසුගිය වසරේදී ලොව විශිෂ්ඨතම පුද්ගලයා බවට පත්ව ඇත්තේ ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල්ය.

Read more...

1994 වසරේදී රුවන්ඩාවේ අන්තවාදී හුටු ජාතිකයින් විසින් මධ්‍යස්ථ හුටු ජාතිකයින් හා ටුට්ස්කි ජාතිකයින් ලක්ෂ අටක් පමණ ඝාතනය කිරීමට තමන්ද සම්බන්ධ බැවින් එම සියළුම  වැරදිවලට තමන් සමාව අයැද සිටින බව රුවන්ඩාවේ කතෝලික සභාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම මිනිස් සංහාරය සඳහා තම කතෝලික සභාවේ සාමාජිකයින් සෘජුව දායක වෙමින් සැළසුම් සකස් කරමින් හා ආධාර දෙමින් කටයුතු කර බව පිළිගන්නා බවත් සියලු ක්‍රිස්තියානි ලබ්දිකයින් වෙනුවෙන් සිදුකරනු ලැබූ සියලු වැරදිවලට තමන් සමාව අයැද සිටින බවත් රුවන්ඩාවේ කතෝලික සභාව ප්‍රකාශ කර තිබේ.

දෙවියන්ට පක්ෂපාත වීමේ දිවුරුම රුවන්ඩාවේ කතෝලික සභාව කඩකර ඇතැයි කතෝලික සභාව ප්‍රකාශයට පත් කර ඇති අතර සියලු මිසම් සභාවල මෙම සමාව අයැදීමේ ප්‍රකාශය ප්‍රසිද්ධියේ කියවා ඇතැයිද වාර්තා වේ.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව සිදුවූ මිනිස් සංහාරයන්ගෙන් ඉතාමත් කෘෘර සංහාරය රුවන්ඩාවේ සිදු වූ මෙම හුටු සහ ටුට්ස්කි ජාතිකයින් අතර ගැටුම වේ. එහිදී හුටු ජාතිකයින් විසින් ඉතාමත් අමානුෂික ලෙස ටුට්ස්කි  ජාතිකයින් සමූල ඝාතනය කරනු ලැබීය. අප්‍රිකානු මහද්වීපයේ එකම ජනවර්ගයකට අයත් මිනිසුන්ගේ මෙම ගැටුම පිටුපස ක්‍රිස්තියානි පල්ලිය සිටින බවට එවකට චෝදනා එල්ල වූ අතර මෙම සමාව අයැදීමත් සමග ඒ බව වඩාත් හොඳින් තහවුරු වේ.

රුවන්ඩාවේ සිදු වූ මෙම සමූල මිනිස් ඝාතනය සම්බන්ධයෙන් හොටෙල් රුවන්ඩා නමින් පසුකලෙක චිත්‍රපටයක්ද නිර්මාණය කෙරිණි.Image result for rwanda attack 1994

Read more...

Image result for දකුණු කොරියානු ජනාධිපතිනියදූෂණ චෝදනා එල්ල වී තිබෙන දකුණු කොරියානු ජනාධිපතිනි පාක් ගුයෙන් හායි බලයෙන් පහ කිරීමට අදාළ දෝෂාභියෝගයේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායම ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිනිය සිය හිතවතියක වන චෝයි සුන් ඩිල් සමග එක්ව සිදු කරන ලද දූෂිත ක්‍රියාවන්ට එරෙහිව කොරියානු වැසියන් දැවැන්ත විරෝධතා පවත්වමින් සිටිනි අතර ජනාධිපතිනියට එරෙහිව අපරාධ චෝදනාද එල්ල වෙමින් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට සිය හිතවතිය හා එක්ව ඇය වංචා කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක් ඉක්මවන බව පැවසේ.

විරුද්ධ පක්ෂ එක්ව ගෙන එන දෝෂාභියොගයට ජනාධිපතිනියට අයත් ආණ්ඩු පක්ෂය වන කොන්සවේටිව් මන්ත්‍රීවරුන්ගේ සහාය මේ වනවිට ප්‍රමාද වී ඇති බැවින් දෝෂාභියෝගය ඉදිරිපත් වීම ප්‍රමාද වී ඇති නමුත් දිනෙන් දින වීදි බසිමින් ජනතාව සිදු කරන විරෝධතාවයන් හමුවේ එම තත්වය මග හැර සිටීමට හා ජනාධිපතිනයට ධූරයේ රැදී සිටිමට අපොහොසත් වනු ඇති බව සඳහන් වේ.

Image result for දකුණු කොරියානු ජනාධිපතිනිය

Read more...

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්  ප්‍රාන්තයේ කාන් පූර්  ආසන්නයේදී සිග්‍රගාමී දුම්රියක් ඊයේ (20) දිනයේදී අනතුරට ලකවීමෙන් මිය ගිය මගීන් ගණන 120ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඉන්දෝර් සිට පට්නා දක්වා ගමන් කරමින් තිබූ මෙම සීග්‍රගාමී දුම්රිය පීලි ඇත්තේ  අළුයම 3 ට පමණ බව පැවසේ. මැදිරි 14කින් සමන්විත දුම්රියේ එම අවස්ථාවේ මගීන් පන්සියකට ආසන්න පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර අනතුරින් මගීන් 200කට වැඩි පිරිසක් තුවාල ලාබ ඇතැයි වාර්තා වේ.

දුම්රියේ මැදිරි විශාල ප්‍රමාණය බරපතළ ලෙස  විනාශ වී ඇති අතර මැදිරි රැසක් උඩුයටිකුරු වී තිබේ. මිය ගිය පිරිසගේ අනන්‍යතාවයන් තහවුරු කරගනිමින් සිටින ඉන්දීය ආරක්ෂක අංශ අනතුරත් සමග විශාල පිරිස් එම ස්ථානයට පැමිණීමත් සමග ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වේ.Image result for train accident in indiaImage result for train accident in indiaImage result for train accident in indiaImage result for train accident in india today

Read more...

Image result for Obama & she jing pingඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ චීන ජනාධිපති ෂී ජින් පින්ග් අතර අවසන් හමුව පේරු රටේ ලීමා නුවරදී පැවැත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයට පත්වීමත් සමග චීන - ඇමෙරිකානු සබඳතා යම් අවිනිශ්චිත තත්වයකට පත්වනු ඇතැයි චීන ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර මෙම හමුවේදී දෙරටේ නායකයින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බව පැවසේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනාධිපතිවරණ වේදිකාවේදී දිගින් දිගටම චීනය දෝෂදර්ශනයට ලක් කළ අතර විශේෂයෙන්ම චීනයේ ආර්ථික වැඩපිළිවෙල, කාර්මීකරණය හා වෙළඳ නීති ඔහු දැඩි විවේචනයට ලක් කළේය. ඒ පිළිබඳව ධවල මන්ධිර ප්‍රකාශයක් කරමින් ට්‍රම්ප්ගේ නොදැනුවත් බව පිළිබඳව සිය කනස්සල්ල පළකරමින් ප්‍රකාශ කර තිබුණේ ට්‍රම්ප් සිය ධූරයේ ස්ථාවර වන තුරු බලා සිටින ලෙසය.

මෙම හමුවේදී බැරැක් ඔබාමා ප්‍රකාශ කර ඇත්තේ නම නායකත්වයත් සමග සහයෝගයෙන් කටයුතු කිරීම හා වඩාත් නම්‍යශීලී  කල්පවතින සබඳතාවයක් ඇති කර ගැනීම වෙනුවෙන් දෙරටම කැපවිය යුතු බවය.

Read more...

Image result for ජාත්‍යන්තර අපරාධ අධිකරණය

අන්තර්ජාතික අපරාධ අධිකරණයේ කටයුතු අපක්ෂපාතී නොවීම හා වාර්ගික පදනමින් එය කටයුතු කිරීම පිළිබඳව චෝදනා කරමින් රටවල් රැසක් මේ වනවිට එහි සාමාජිකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

පසුගියදා රුසියාවද අවධාරණය කර සිටියේ තමන් අන්තර්ජාතික අපරාධ අධිකරණයේ සාමාජිකත්වයෙන් ඉවත්ව රෝම ප්‍රඥප්තියට යොදා තිබෙන අත්සනද ඉවත් කර ගැනීමට කටයුතු කරන බවය. රුසියාවට පෙර දකුණු අප්‍රිකාවද එම තීරණය ගනු ලැබූ අතර අප්‍රිකානු රටවල්වලට වෙනස් කොට සැලකීම හේතුවෙන් තවත් අප්‍රිකානු රටවල් කිහිපයක්ද එහි සාමාජිකත්වයෙන් ඉවත්ව තිබේ.

ඇමෙරිකාවට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සිදු කරන වත්මන් පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ පසුගිදා ප්‍රකාශ කර ඇත්තේ රුසියාව අනුගමනය කරමින් පිලිපීනයට අන්තර්ජාතික අපරාධ අධිකරණයෙන් ඉවත් වන බවය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය වැඩකට නැති අධිකරණයක් බවත් ඉන් වඳ හිංසා සිදුවන්නේ  අපි වැනි කුඩා රටවල්වලට පමණක් බවය.  ඇමෙරිකාව ලෝකය පුරා නිර්මාණය කර ඇති යුද්ධ මැඩලීමට නොහැකි වී ඇති බවටද ඔහු චෝදනා කර තිබේ.

Read more...

මැදපෙරදිග හා උතුරු අප්‍රිකානු කලාපයේ පවතින වාර්ගික ගැටුම් හේතුවෙන් යුරෝපය වෙත පළා යන සරණාගතයින් මධ්‍යධරණී මුහුදේදී අනතුරට ලකව මිය යෑම බරපතළ ඛේදවාචකයක් බවට පත්ව තිබේ.

පසුගිය දිනකිහියේදීද මෙලෙස යුරෝපය බලා සංක්‍රමණය වන සරණාගතයින් රැගත් සංක්‍රමණික යාත්‍රා අනතුරු හයක් හේතුවෙන් පුද්ගලයින් 365 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර සංක්‍රමණික ආයතනය පවසයි.

මෙම යාත්‍රා අනතුරු බහුලව සිදුවන්නේ යුරෝපයට පිවිසෙන ඉතාලියට හා ලිබියාවට ඔබ්බෙන් පිහිටි මුහුදු තීරයේදී බව පැවසේ. කුඩා යාත්‍රාවල විශාල පිරිසක් රැගෙන යාම හා යාත්‍ර අබලන් වීම මෙම අනතුරුවලට හේතුවේ. සිය ජීවිතය අවධානමද නොතකමින් අප්‍රිකානුවන් හා මැදපෙරදිග සරණාගතයින් මෙලෙස නිති විරෝධී ආකාරයෙන් යුරෝපයට සංක්‍රමණය වීමට උත්සාහ දරන අතර මේ වසරේ ගත වූ කාලය තුළදී සරණාගත යාත්‍රා අනතුරු හේතුවෙන් පුද්ගලයින් 4636 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පැවසෙන අතර ඉන් විශාල පිරිසක් කාන්තාවන් හා ළමුන් බවටද වාර්තා වේ.Related image

Read more...

Advertisement

Facebook

Ad

...