Lankatruth

A+ A A-

විදෙස් පුවත්

(දෙවන සංස්කරණය) තමිල්නාඩු මහ ඇමතිනිය මිය ගිය බවට පළවන වාර්තා අසත්‍ය බව චෙන්නායිහි ඇපලෝ රෝහල සඳහන් කරයි.

කෙසේ නමුත් අසාධ්‍ය තත්වයෙන් පසුවන ඇය ඊයේ (04) රාත්‍රියේ චෙන්නායිහි ඇපලෝ රෝහල ඇතුළත් කර තිබේ.

ආරක්ෂාව සඳහා 1000ක පමණ ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් රෝහල ආසන්නයට පැමිණ ඇත.

Image result for jayalalitha jayaram

Read more...

Image result for new zealand prime ministerනවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කර තිබෙන අතර ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ සිය බිරිඳගේ ඉල්ලීමට අනුව බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජෝන් කී නවසීලන්ත අගමැතිවරයා ලෙස වසර අටක කාලයක් කටයුතු කර ඇත.  

ඉතාලිය තුළ සිදු කිරීමට සූදානම් වූ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැවැත්වූ ජනමත විචාරණය පරාජයට පත්වීම හේතුවෙන් ඉතාලි අගමැති මැටේයෝ රෙන්සිටද සිය අග්‍රමාත්‍ය ධූරයෙන් සමුගැනීමට සිදුව තිබේ.

Read more...

පාතාල කල්ලිවිෂ වායු, පුපුරණ ද්‍රව්‍ය සහිත සිප්පි කටු, විෂ කැවූ කිමිඳුම් කට්ටලමාරාන්තික විෂ යෙදූ සුරුට්ටු ඇතුළුව විවිධ උපක්‍රම හා කුමන්ත්‍රණ අවස්ථා 600කට වැඩි ප්‍රමාණයක් යෝදා ගනිමින් පිදෙල් කැස්ත්‍රෝ ඝාතනය කිරීමට ඇමෙරිකානු CIA සංවිධානය දැරූ අසාර්ථක උත්සාහයන් ගැන මේ වනවිට මාධ්‍ය මගින් හෙළිදරව් කරමින් තිබේ.

ඇමෙරිකානු සෙනෙට් කමිටුවේ වර්තාවක සහ CIA ලියකියවිල වල මීට අදාළ ක්‍රියාමාර්ග පිලිබඳ විස්තර හෙළිදරව් වී ඇති අතර පිදෙල් ඝාතන ප්‍රයත්නයන් පමණක් නොව දඩබ්බර පාසැල් සිසුන්ගේ දඟකාර වැඩ ආකාරයේ ක්‍රියාමාර්ග ගණනාවක්ම සැලසුම් කර තිබූ බවට තොරතුරු හෙළි වී ඇත.

පිදෙල්ගේ විදේශ සංචාරයක් අතරතුරදී ඔහුගේ සපත්තුවලට තාලියම් ලුණු ද්‍රාවණයක් යොදා පිදෙල්ගේ කොණ්ඩය සහ රැවුල හැලීමට සලස්වා ඔහුගේ භාහිර ප්‍රතිරූපය විකෘති කිරීමට ගත් උත්සාහක් පිළිබඳවද තොරතුරුද එම වාර්තාවල අඩංගු වී ඇත.

ත්‍රස්ත කල්ලි අටක් විවිධ අවස්ථාවලදී යොදා ගනිමින් පිදෙල්ව ඝාතනය කිරීමට CIA සංවිධානය ගත් උත්සාහයන් ගණනාවක් පිළිබඳව තොරතුරුද මෙම සෙනෙට් මණ්ඩල කමිටු වාර්තාවල පළවී ඇති බව පැවසේ.

ගෙවුණු වසර පනහක් තුළදී ඇමෙරිකානු ජනාධිපතිවරුන් 11 දෙනෙකු යටතේ සමාජවාදී කියුබාව බිඳ දැමීමට හා එහි නියමුවා වූ පිදෙල් කැස්ත්‍රෝ ඝාතනය කිරීමට ඇමෙරිකාව ගනු ලැබූ අසාර්ථක උත්සාහයන් මෙලෙස හෙළිදරව් වීම සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියේ නිරුවත ලොවට හෙළිදරව් වීමකි.

Image result for fidel castro

Read more...

ෂරියා නීතිය අනුව සෞදි කාන්තාවන්ට පනවා ඇති හිස් ආවරණය (හිජාබ්) ඉවත් කරමින් ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත් කළ සෞදි තරුණියකට මරණ දඬුවම ලබා දෙන ලෙසට සෞදි වැසියන් බොහෝ පිරිසකගෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.

මලාක් අල් ෂෙහ්රි නම් තරුණිය මෙලෙස හිස් ආවරණය රහිත ඡායාරූපයක්  සිය ට්විටර් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කර ඇති බවට හඳුනාගෙන ඇති බව පැවසෙන අතර  සෞදි වැසියන් බොහෝ පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ සිය ආගමික නීති උල්ලංඝනය කළ මෙම තරුණියගේ හිස ගසා දැමිය යුතු බවයි.

දැඩි ස්ලාම් නීති රීති යටතේ කටයුතු කරන සෞදි අරාබිය සිය රටේ කාන්තාවන්ට ප්‍රසිද්ධ ස්ථානවලදී හා නිවසින් බැහැරදී කිසි ලෙසකින්වත් මුහුණු ආවරණ ඉවත් කිරීමට ඉඩ ලබා නොදේ. සෞදියේ මෙම දැඩි තීරණවලට ලොව පුරා බොහෝ කාන්තා සංවිධානව මෙන්ම වෙනත් සංවිධානවලින්ද විරෝධතාවය එල්ල වේ.

මෙම තරුණියගේ හිස ගසා දැමිය යුතු බවට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන හා විදෙස් පුවත් සේවා සිය විරෝධය පළ කර ඇති අතර ජීවිත අවදානමද නොතකමින් ඇය මෙලෙස ඡායාරූප පළකිරීම සම්බන්ධයෙන් ප්‍රසංශාවට ලක්කර තිබේ.

Read more...

Image result for rodrigo duterte trumpපිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ එරට මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් ගෙන යන ක්‍රියාමාර්ග අනුමත කරමින් ඇමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්   කර තිබෙන ප්‍රකාශය වෙත වැඩි අවධානයක් යොමුව ඇති බව වාර්තා වේ.

පිලිපීන ජනාධිපතිවරයා ගෙන යන ක්‍රියාමාර්ගය වෙත ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රසාදය පළකර ඇත්තේ සුභ පැතුම් එක් කිරීම සඳහා ඊයේ (02) දිනයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙත දුරකතන ඇමතුමක් ලබා දුන් අවස්ථාවේදී බව පැවසේ.

එහිදී ඇමෙරිකානු ජනාධිපතිවරා ප්‍රකාශ කර ඇත්තේ ඩුටර්ටේ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ගෙන යන වැඩපිළිවෙල ඒ සඳහා ගත යුතු නිසි මාර්ගය වන බවය.

එහෙත් බැරැක් ඔබාමා ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපතිවරයා ක්‍රියාමාර්ග වෙත දැඩි විරෝධයක් පළ කරනු ලැබීමත් සමග දෙරට අතර මෙතෙක් පැවැති ගනුදෙන දෙදරා යන තත්වයක් උදා වූ අතර පිලිපීන ජනාධිපතිවරයාද ඔබාමා වෙත දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් පවසා සිටියේ නුදුරේදිම ඇමෙරිකානු සෙබලුන්ට පිලිපීනයෙන් ඉවත් වීමට සිදුවන බවය.

Read more...

Image result for narendra modiඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ තරුණයකු එහි ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් ඇති බව සටහනක් තබා ඇතැයි වාර්තා වේ.

විසි දෙහැවිරිදි ජාවෙඩ් කත්රි නම් මෙම තරුණයා මෙලෙස වෙබ් අඩවියට ඇතුළු වී එහි පවතින අනාරක්ෂිත භාවය පිළිබඳව සඳහන් කර තිබේ. ඔහු වෙබ් අඩවියේ සටහන් කර ඇත්තේ තමන් සත්භාවයෙන් මෙම සටහන තබන බවත් අගමැති මෝදිගේ පෞද්ගලික වෙබ් අඩවියට පිවිස එහි දත්ත ලබා ගත හැකි බවත් ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ දුරකතන අංක මෙන්ම එම වෙබ් අඩවියට පිවිසෙන මිලියන 7කගේ දත්ත අනාරක්ෂිතව ඇති බවත් සඳහන් කර තිබේ.

තම අනතුර නොසලකා හැරිය හොත් එය අගමැතිවරයාගේ ආරක්ෂාව අනතුරේ හෙළීමක් බව එම තරුණයා වැඩිදුරටත් සටහන් කර තිබේ.  විසි දෙහැවිරිදි මෙම තරුණයා ජංගම දුරකතන මෘදුකාංග ශිල්පියකු බව  පැවසේ.22-Year-Old Claims He Has Hacked Into PM Modi's App, Flagged Security Flaws

Read more...

තමන් බලයෙන් ඉවත්වීමට සූදානම් බවත් තමාගේ ඉරණම පාර්ලිමේන්තුවට භාර කරන බවත් ගජ මිතුරු සංග්‍රහය හේතුවෙන් චෝදනා ලබා ඇති දකුණු කොරියානු ජනාධිපතිනී පාර්ක් ග්වෙන්-හයි පවසයි.

"මම ඉවත්වීම ඉදිරියේදී සිදුවේවි. එහිදී, මගේ ධුර කාලය අඩු කිරීම සඳහා වූ තීරණය පාර්ලිමේන්තුවට පැවරෙනවා. ඔවුන් මගේ ඉරණම විසඳාවි." යැයි එරට රූපවාහිනිය ඔස්සේ සජීවීව ජාතිය අමතමින් ජනාධිපතිනිය පවසා ඇත.

"කිසිදු බල අතිරික්තයක් හෝ රජයේ අභ්‍යන්තර ගැටුමක් ඇති නොවන අයුරින් බල හුවමාරුව සඳහා වූ වැඩපිළිවෙළක් වෙත නීති සම්පාදකයන් කටයුතු කරනු ලැබූ විට මා ධුරයෙන් ඉවත්ව යනවා"

චෝයි සූන්-සිල් නමැති ජනාධිපතිනියගේ පෞද්ගලික මිතුරිය විසින් සිදුකළ මූල්‍ය අක්‍රමිකතා සහ බලය අයුතු ලෙස යොදාගැනීම හේතුවෙන් ජනාධිපතිනියට සිය ධුරයෙන් ඉවත්වන ලෙස දකුණු කොරියාව තුළ දැවැන්ත ජනතා නැගිටීමක් ඇති වී තිබේ. 

කෙසේ වෙතත් ජනපතිනියගේ මෙම ඉල්ලා අස්වීමේ ප්‍රකාශය ඇයට එරෙහිව එල්ල වන දෝෂාභියෝගය කල් දැමීම වෙනුවෙන් වූ කූඨෝපායක් ලෙසටද ජනාධිපතිවරියට චෝදනා නැගෙන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

Image result for Park Geun-hye, Embattled South Korean President, Says She's Willing to ResignImage result for Park Geun-hye, Embattled South Korean President, Says She's Willing to ResignImage result for Park Geun-hye, Embattled South Korean President, Says She's Willing to ResignImage result for Park Geun-hye, Embattled South Korean President, Says She's Willing to ResignImage result for Park Geun-hye, Embattled South Korean President, Says She's Willing to ResignImage result for Park Geun-hye, Embattled South Korean President, Says She's Willing to Resign

Read more...

කොලොම්බියාවේ හෙට (30) පැවැත්වීමට නියමිත දකුණු ඇමෙරිකානු  ක්‍රීඩා සමාජ පාපන්දු කුසලානයේ අවසන් මහා තරගයට සහභාගී වීමට පැමිණි බ්‍රසීලයේ චපෙකොන්ස් ක්‍රීඩා සමාජයේ පාපන්දු කණ්ඩායම අද (29) කොලොම්බියාවේ මැඩ්ලින් නුවර ආසන්නයේදී සිදු වූ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පාපන්දු කාණ්ඩායමේ සාමාජිකයින් ඇතුළු පුද්ගලයින් 81 දෙනෙකු ගුවන් යානයේ ගමන් කර ඇති අතර ඉන් පුද්ගලයින් හය දෙනෙකු දිවි ගලවා ගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ.

බ්‍රසීලයේ සාන්ත කැතරිනා ප්‍රාන්තයේ  චපෙකොන්ස් පාපන්දු කණ්ඩායම දකුණු ඇමෙරිකානු කලාපයේ ක්‍රීඩා සමාජ අතර දෙවැනි ස්ථානයේ පසුවන පාපන්දු කණ්ඩායම බව පැවසේ.  බ්‍රසීලයට අයත් ගුවන් යානයක් වන මෙම ගුවන් යානය බ්‍රසීල වේලාවෙන් ඊයේ දහවල් 3.35 ට පමණ  සාඕ පාවොලෝ නුවරින් ගමන් අරඹා තිබේ. පසුව  ගුවන්යානය සිය ගමනාන්තයට ළඟාවීමට පෙර බොලීවියාවේ සාන්ත කෘස් ඩි ලා සියේරා ගුවන්තොටුපලට ගොඩ බස්වා අනතුරුව මෙඩලින් ගුවන්තොටුපල දක්වා ගමන් අරඹා තිබේ.

ගුවන් යානය කඩා වැටී ඇත්තේ කොලොම්බියාවේ මෙඩලින් නුවර ආසන්නයේ කඳුකර ප්‍රදේශයක බව පැවසෙන අතර ප්‍රදේශයේ පවතින අධික වර්ෂාවත් සමග එම ස්ථානයට ලඟ වීමේ අපහසුතා මතුව ඇතැයි වාර්තා වේ. ගුවන් යානය  කිසියම් කාර්මික දේශයක් නිසා මෙලෙස කඩා වැටෙන්නට ඇතැයි සැලකෙන අතර නියමුවා ගුවනේදී යානයේ ඉන්ධන ටැංකි හිස් කිරීම නිසා යානය ගිනි ගැනීමට ලක්ව නැතැයි වාර්තා වේ.

චපේකොන්ස් කණ්ඩායම සහ කොලොම්බියාවේ ඇත්ලෙටිකෝ නැෂනල් පාපන්දු පිල අතර දකුණු ඇමෙරිකානු කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වීමට නියමිතව තිබිණි.

Rescue workers stand at the wreckage site of a chartered airplane that crashed in a mountainous area outside Medellin, Colombia, Tuesday, Nov. 29, 2016

Rescue workers carry the bodies of victims of an airplane that crashed in a mountainous area outside Medellin, Colombia, Tuesday, Nov. 29, 2016A handout picture made available by Diario do Iguacu shows supporters of the Chapcoense FC gathering at the club in Chapeco, Brazil, on 29 November 2016.South America map

Read more...

බ්‍රසීල පාපන්දු කණ්ඩායම රැගෙන ගිය ගුවන් යානයක් කොලොම්බියාවේදී අනතුරට ලක්වීමෙන් කිහිපදෙනෙකු මියගොස් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් පුවත් සේවය වාර්තා කරයි. අනතුරට පත්වන අවස්ථාවේදී එහි මගීන් 72ක් ගමන් කරමින් සිටි බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව වාර්තා කරන බී.බී.සී. පුවත්සේවය පවසන්නේ අනතුරෙන් කිසිවෙකු බේරී ඇත්දැයි පැහැදිලිව ප්‍රකාශ කළ නොහැකි බවයි. අනතුරට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැත.

කොළොම්බියාවේ හෙට (30) පැව්ත්වීමට නියමිත කෝපා සුඩාමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට එක්වීම සඳහා බ්‍රසීලයේ කාපෙකොන්සේ පාපන්දු කණ්ඩායම ගමන්ගත් ගුවන් යානයක් මෙසේ අනතුරකට ලක්ව තිබේ. 

ගුවන් යානය බොල්වියාවේ සිට කොලොම්බියාව බලා පියාසර කරමින් තිබී ඇත.

Read more...

කියුබානු විප්ලවයේ නියමුවා වූ ෆිදෙල් කැස්ත්‍රෝ ඒකාධිපතියකු බවට ප්‍රකාශ කළ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව කියුබානු හවානා සරසවි සිසුන් විරෝධතාවයක නිරතවී තිබේ.

විරෝධතාවයේ නිරත සිසුන් ගෙන් එක් සිසුවකු වන ජුලියෝ ඇලඩෙන්බෝ  සිය බ්ලොග් තීරුවේ සටහන් කර ඇත්තේ  ට්‍රම්ප් මහතාණෙනි! නුඹ ෆිදෙල් කැස්ත්‍රෝ කවුද කියා නොදනී.  කියුබාවේ ඉතිහාසය පිළිබඳව ඔබ දන්නා කිසිවක් නොමැත. නුඹගේ ප්‍රහාරාත්මක හා අශිෂ්ඨ වචන වලින් ඒ බව  ප්‍රකාශ වේ. යනුවෙනි.

ඩොනල්ඩ්  ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කර තිබුණේ ෆිදෙල් යනු දරුණු ඒකාධිපතියකු බවත් දශක හයකට ආසන්න කාලයක් කියුබානු ජනතාව තලා පෙළා දමමින් පාලනය කළ බවයි. ට්‍රම්ප් ෆිදෙල්ගේ මරණය පිළිබඳව සිදු කළ ඒ අසංවර ප්‍රකාශය හෙළා දකිමින් ලොව පුරා වෙසෙන ෆිදෙල්ට ආදරය කරන මිනිසුන් සිය විරෝධය පළකරමින් අදහස් ප්‍රකාශ කර තිබේ.  ලොව පුරා බොහෝ රාජ්‍ය නායකයින් ෆිදෙල්ගේ වියෝව ලෝකයට පිරිමැසිය නොහැකි අඩුවක් ලෙස දක්වා තිබියදී ට්‍රම්ප් මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම කියුබානුවන්ගේද දැඩි විරෝධයට ලක්ව ඇත.

කියුබානුවන් ප්‍රකාශ කරන්නේ ෆිදෙල් කැස්ත්‍රෝ යනු සිය අසහාය නායකයා බවත් ඔහු සමස්ත කියුබානුවන්ගේම අතිමහත් ආදරයට, ගෞරවයට, ප්‍රසංසාවට ලක්වූවකු බවයි. ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය ෆිදෙල්ට එල්ල කළ නිග්‍රහයක් පමණක් නොව සමස්ත කියුබානුවන්ට එරෙහිව කරනු ලැබූ අපහාසයක් ලෙස කියුබානුවන් සලකන බවයි.

Read more...

Advertisement

Facebook

Ad

...