Lankatruth

A+ A A-

විදෙස් පුවත්

මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමින් මාලදිවයින රුපියල් බිලියන 45ක දූෂණ චෝදනාවලට සම්බන්ධ බවට විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයකු වන අලි මහීද් චෝදනා කර තිබේ.

ඔහු පවසන්නේ ජනාධිපතිවරයාට අයත් ඉන්දියාවේ ඇති බැංකුව මාලදිවයින් රුපියල් මිලියන නවයක් ඇති බවය. විපක්ෂයේ තවත් මන්ත්‍රීවරයකු වන අහමඩ් පවසන්නේ ජනාධිපතිවරයාගේ බිරිඳගේ බැංකු ගිණුමක රුපියල් මිලියන 13ක් මුදලක් පවතින බවය.

ජනාධිපතිවරයාට දූෂණ චෝදනා එල්ල වීමත් සමග එරට පිහිටි එම්.අයි.බී. බැංකුවේ ඇති අබ්දුල්ලා යමීන් ජනාධිපතිවරයා සතු වත්කම්  පිළිබඳ තොරුතුරු දූෂණ මර්දන කොමිසමට ලබා දීමට බැංකු බලධාරීන් එකඟ වී තිබේ.

ජනාධිපතිවරයාට මෙම දූෂණ චෝදනා එල්ලකර තිබෙන්නේ එරට එම්.පී.පී. පක්ෂයේ මන්ත්‍රීවරුන් බව පැවසේ. ඔවුන් පවසන්නේ ජනාධිපතිවරයාට අමතරව ඔහුගේ බිරිඳ වන ෆාතිමාද දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වී ඇති බවයි.

Read more...

නැගෙනහිර සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශයක කොටුවී සිටින සිරියානු ජනතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගුවනින් ආධාර ලබා දී ඇති බව වාර්තා වේ.

මෙට්‍රික් ටොන් 21ක අත්‍යාවශ්‍ය ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය තොගයට මෙලෙස ගුවනින් හෙළා ඇති බව පැවසෙන අතර ලක්ෂ දෙකක පමණ ජනතාවකට මෙම ආහාර ද්‍රව්‍ය තොගය ප්‍රමාණවත් බව සඳහන් වේ. අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ මාස ගණනාවක් සිට මෙම සිරියානුවන් කොටුවී සිටින බව පැවසෙන අතර මන්දපෝෂණයෙන් හා රෝගාබාධවලින් ඔවුන් දරුණු ලෙස පීඩාවට පත්ව ඇති බව පැවසේ.

සිරියානුවන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී මෙලෙස ආහාර ද්‍රව්‍ය ගුවනින් හෙළා ඇත්තේ පළමු වරට බව පැවසේ. මේ වනවිට රුසියාව හා ඇමෙරිකාව අතර ඇතිවූ එකඟතාවයන්ට අනුව ඉදිරියේදී සටන් විරාමයක් ඇති වීමට බොහෝ දුරට අවකාශය ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් අයි.එස්. ත්‍රස්තවාදීන් මෙන්ම ඔවුන්ට සම්බන්ධ අනෙකුත් ත්‍රස්තවාදී සංවිධානවලට එරෙහිව කරනු ලබන ප්‍රහාරයන් නතර නොකරන බව සිරියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

Aid parcels and boxes are offloaded from vehicles in a warehouse in Idlib

Read more...

පොකාරා සිට ජෝම්සම් බලා ගමන්ගත්  ටාරා ගුවන් සමාගමට අයත් ට්වින් ඔටර් ගුවන් යානයක් බටහිර නේපාලයේ කඳුකර ප්‍රදේශයකදී මගීන් 21 දෙනෙකු සමග අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් ගත කිරීමත් සමගම පාලන මැදිරිය හා සම්බන්ධතාවය ගිළිහි ඇත. ඉන් පසු ගුවන් යානය ගිය දිසාවක් පිළිබද නිශ්චිත අදහසක් නැති බවත් යානය සෙවීමට හෙලිකොප්ටර යානයක් යැවුවද අයහපත් කාලගුණය නිසා එම මෙහෙයුමත් නතර වී ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. 

ලොව අනතුරුදායකම ගුවන් තොට නේපාලයේ කත්මණ්ඩු ගුවන්තොට බව ගුවන් නියමුවන්ගේ මතය වී ඇති අතර නේපාල ගුවන් සේවයේ 1949 සිට මේ දක්වා ගුවන් අනතුරු 70ක් පමණ වාර්තා වී ඇති බවත් ඉන් මගීන් 700ක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවත් එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Read more...

අයි.එස්. ත්‍රස්තවාදීන් සමග දරුණු ගැටුම් පවතින සිරියාව තුළ පාර්ලිමේන්තු මහ මැතිවරණයක් ලබන අප්‍රේල් මස 13 වැනි දින පැවැත්වීමට සූදානම් බව සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රකාශ කර තිබේ. ඒ සිරියාවේ ගැටුම් අවසන් කර සටන් විරාමයක් ඇති කිරීම වෙනුවෙන් ඇමෙරිකාව හා රුසියාව අතර පොදු එකඟතාවයක් ගොඩ නැගීමත් සමගය.

අයි.එස්. ත්‍රස්තවාදීන් සමග සටන් ආරම්භ වූ මුල් කාලයේ (2012 වසරේදී) සිරියාව තුළ අවසන් වරට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැති අතර අසාද් විරෝධීන් එවර මහ මැතිවරණය වර්ජනය කළ අතර එහිදී පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ජනාධිපති අසාද්ගේ බාත් පක්ෂයේ නියෝජිතයින් පමණකි.

මෙවර මහ මැතිවරණයට ජනාධිපති අසාද්ගේ පාලක බාත් පක්ෂයට පමණක් නොව විපක්ෂයේ දේශපාලන පක්ෂවලටත් ස්වාධීන කණ්ඩායම්වලටත් මහ මැතිවරණයට ඉදිරිපත් විය හැකි බවත් අවි දරන කණ්ඩායම් අවි බිම තබා මැතිවරණයට ඉදිරිපත් විය හැකි බවත් අසාද් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි සටන තීරණාත්මක ලෙස ඉදිරියට ගෙන යාමට සිරියානු ආරක්ෂක අංශ සමත් වී තිබේ. ත්‍රස්තවාදීන් සතුව පැවැති ප්‍රධාන නගර රැසක වැඩි භූමි ප්‍රමාණයක් මේ වනවිට සිරියානු ආරක්ෂක අංශ හා අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි කණ්ඩායම් විසින් අත්පත් කර ගැනීමට සමත් ව සිටිති.

 

 

Read more...

දකුණු චීන මුහුදේ සිදු කරන වැඩකටයුතු ආපස්සට ගැනීමට තමන් කිසිසේත්ම සූදානම් නැති බව චීනය ප්‍රකාශ කරයි. චීන විදේශ ඇමති වැන්ග් යී ඉදිරියේදී ඇමෙරිකාවේ සංචාරයක නිරත වීමට තිබියදී චීනය මෙම ප්‍රකාශය සිදු කිරීම දැඩි අවධානයට ලක්වී තිබේ. 

චීනය විසින් දකුණු මුහුදේ සිදු කරන ඉදිකිරීම් සම්බන්ධයෙන් ඇමෙරිකාව චීනයට පසුගිය සතියේදී චෝදනා එල්ල කර තිබිණි. ඊට ප්‍රතිචාර දක්වමින් චීනය ප්‍රකාශ කරන්නේ ඇමෙරිකාව විසින් හවායි දූපත්වල සිදු කරනු ලබන ක්‍රියාවලිය හා චීනය දකුණු  මුහුදේ සිදු කරන ක්‍රියාවලිය අතර කිසිදු වෙනසක් නොමැති බවය. මේ අතර ඇමෙරිකාව චෝදනා කරන්නේ දකුණු චීන මුහුදේ චීනය විසින් ඉදිකරමින් පවතින කෘතීම දිවයින තුළ මිසයිල පද්ධතියක් ස්ථාපිත කර ඇති බව චන්ද්‍රිකා ඔස්සේ නිරීක්ෂණය කළ බවය. එම ප්‍රකාශය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම චීනය මේ වනතෙක් සිදු කර නොමැත.

චීන විදේශ ඇමතිවරයා පවසන්නේ ඉදිරි ඇමෙරිකානු සංචාරයේදී දකුණු චීන මුහුදේ ප්‍රශ්නය සකච්ඡා නොවිය යුතු ප්‍රශ්නයක් බවය. එය සාකච්ඡාවට ගැනීමට ඇමෙරිකාවට කිසිසේත්ම වුවමනා නොවන බවය. එය ඇමෙරිකාව හා චීනය අතර ප්‍රශ්නයක් නොවිය යුතු බවය. එය මඟහැරීමට ඇමෙරිකාව වග බලාගත යුතු බවටත් චීන විදේශ ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.

Read more...

කොරියානු අර්ධද්වීපය තුළ සාම ක්‍රියාවලියක් ආරම්භ කිරීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කළ යුතු බවට උතුරු කොරියාව විසින් කළ යෝජනාව ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරන බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ඇමෙරිකාව සඳහන් කරන්නේ උතුරු කොරියාව සිදු කරන න්‍යෂ්ටික ක්‍රියාකාරකම් හා අත්හදා බැලීම් සීමා කිරීමට කළ යෝජනාව උතුරු කොරියාව එකඟ නොවීම ඊට බලපා ඇති බවයි.

පසුගියදා උතුරු කොරියාව විසින් චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කිරීමත් සමග මේ වන විට උතුරු කොරියාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් දැඩි අවධානයකින් පසුවේ.  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය උතුරු කොරියාව වෙත පනවා තිබෙන සම්බාධක දැඩි කිරීමට මේ වන විට කටයුතු කර තිබේ.

Read more...

තමන් සම්බන්ධයෙන් ඇමෙරිකාව සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නේ නම් පමණක් නැවතත් ඇමෙරිකාවට පැමිණීමට තමන් සූදානම් බව රුසියාවේ රැකවරණය ලබමින් සිටින ඇමෙරිකානු CIA සංවිධානයේ නිලධාරියෙකු ලෙස කටයුතු කළ එඩ්වඩ් ස්නෝඩන් ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ අදහස් ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා නිව් හැම්ප්ෂයර්හි ලිබර්ටිහි සංවිධානය කළ ස්වාධීනත්වය උදෙසා වන සමුළුවට අන්තර්ජාලය හරහා එක් වෙමිනි. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ "ඇමෙරිකානු රජය මා වෙනුවෙන් වඩාත් සාධාරණ නඩු විභාගයක් පවත්වන්නට වගකීම ගන්නවා නම් යළිත් ඇමෙරිකාව වෙත පැමිණීමට මා සූදානමින් සිටින සිටින බව ඔවුන්ට දන්වනවා. තමන්ට CIA සංවිධානයේ තොරතුරු හෙළිදරව් කිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් එහිදී කරුණු දැක්වීමටත් ඉන් පසු ජූරියට සාධාරණ තීරණයක් ගැනීමටත් අවස්ථාව හිමිවෙනවා." යනුවෙනි.

2013 වසරේ ස්නෝඩන් හවායි දූපත්හි පිහිටි ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ සේවය කරමින් සිටින අතර තුරදී මැයි මාසයේදී ප්‍රථම වරට බුද්ධි අංශ තොරතුරු බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පතේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට හෙළිදරව් කරනු ලැබීය. පසුව ඇමෙරිකාව ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී එම වසරේම ජුනි මාසයේදී දේශපාලන රැකවරණ පතා රුසියාවට පිටත්ව ගියේය. ඉන් පසු ඇමෙරිකානු බුද්ධි අංශ තොරතුරු මෙන්ම ඇමෙරිකාව සිදුකළ රහසිගත මෙහෙයුම් පිළිබඳවත් තොරතුරු විශාල ප්‍රමාණයක් හෙළිදරව් කිරීමට කටයුතු කළේය.

ස්නොඩන්ගේ හෙළිදරව් කිරීම්වලින් ඇමෙරිකාව ලෝකය පුරා සිදුකළ නීතිවිරෝධී කුමන්ත්‍රණ රැසක් මෙන්ම රාජ්‍ය නායකින්ගේ තොරතුරු රැස්කිරීම් පිළිබඳ අනාවරණය වූ අතර ඉන් ඇමෙරිකාවේ නිරුවත ලෝකය හමුවේ නිරාවරණය විය.Edward Snowden appears on live video feed broadcast from Moscow.

Read more...

තුර්කිය විසින් සිරියානු භූමිය ආක්‍රමණය කරමින් සිදු කරන හමුදා ක්‍රියාකාරකම් හා ප්‍රහාර නතර කරන ලෙසටත් සිරියාවේ ස්වෛරීත්වයට ගරු කරන ලෙසටත් ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට රුසියාව විසින් ගෙන එනු ලැබූ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.

එය ප්‍රතික්ෂේප වීමෙන් අනතරුව රුසියාව ප්‍රකාශ කර තිබෙන්නේ තුර්කිය සිරියාව තුළ සිදු කරන හමුදා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අනුගමනය කරන උදාසීන පිළිවෙත පිළිබඳව කනගාටුවන බවය.

රුසියාව ප්‍රකාශ කරන්නේ සිරියාව තුළ අයි.එස්. ත්‍රස්තවාදය මර්දනය කිරීම වෙනුවෙන් සිදු කරන රුසියානු මෙහෙයුම්වල කිසිදු වෙනසක් සිදු නොකරන බවත් අඛණ්ඩව සිරියාවට සහාය ලබා දෙන බවත්ය. මේ වනවිට තහවුරු වී තිබෙන්නේ තුර්කිය සිරියානු දේශ සීමාව ආක්‍රමණය කරමින් සිරියාව තුළට ඇතුළු වී කුර්දි හමුදාවන්ට හා සිරියානු රජයේ හමුදාවන්ට ප්‍රහාර එල්ල කරමින් සිටින බවය.

අයි.එස්. ත්‍රස්තවාදීන් හා තුර්කිය අතර පවතින සබඳතාවය මේ වනවිට ලෝකය හමුවේ හෙළිදරව් වී ඇති අතර තුර්කියේ ක්‍රියාකාරකම් ආරක්ෂා කරමින් එය පිටුපස ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකාව බව හෙළිදරව් වී තිබේ.

 

මේ වනවිට සිරියානු ආරක්ෂක හමුදාවන් රුසියානු ගුවන් ප්‍රහාරවල සහාය ඇතිව අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව තීරණාත්මක සටනක නිරත වී සිටින අතර ක්‍රමයෙන් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතු වී තිබූ ප්‍රදේශ අත්පත් කර ගැනීමට සමත් වී තිබේ.

Read more...

පසුගිය 20 වැනිදා ෆීජි දිවයිනට බලපෑ වින්ස්ටන් සුළි කුණාටුව ඉතිහාසයේ මෙතෙක් එරටට බලපෑ දරුණතම සුළි කුණාටුව බව පැවසෙන අතර ඉන් ෆීජි දිවයින්වලට දැඩි අලාභහානි සිදුවී ඇති බව වාර්තා වේ.

පැයට කිලෝ මීටර් 320 ක වේගයෙන් හමා ගිය වින්ස්ටන් සුළි කුණාටුව හේතුවෙන් මුහුදු රළ අඩි 40 පමණ උස් වී ගොඩ බිම වෙත කඩා වැදී තිබේ. සුළි සුළඟ හේතුවෙන් ෆීජී දිවයින්වල ගම්මාන රැසක සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර මේ වනවිට පුද්ගලයින් 17 දෙනෙකුගේ මළසිරුරු හමුවී ඇති බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවට ආසන්නයේ පිහිටි දූපත් සමූහයක් අයත් ෆීජී දිවයින වෙත පසුගිය 2002 වසරේදී කඩා වැදුණු දරුණු සුළි කුණාටුවකින් දැඩි අලාභහානි සිදු වී තිබේ. 

 

 

Read more...

උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රන්තය තුළ දින කිහිපයක් පුරා පවතින දරුණු උද්ඝෝෂණ හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් දස දෙනෙකුට වැඩි පිරිසක් හමුදා වෙඩි තැබීම්වලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම විරෝධතා ආරම්භ වී තිබෙන්නේ හර්යානා ප්‍රාන්තයේ ජත් කුලයට අයත් ජනතාවට වෙන් කරනු ලබන රැකියා ප්‍රමාණය වැඩි කරන ලෙස ඉල්ලමිනි. විරෝධතාවයන් සඳහා එම ප්‍රාන්තයේ දස දහස් ගණන් ජනතාව වීදි බැස තිබේ. විරෝධතාකරුවන් මහා මාර්ග, දුම්රිය මාර්ග අවහිර කර ඇති අතර මේ වනවිට මුළු උතුරු ඉන්දියාවේම කටයුතු අකර්මණ්‍ය තත්වයක් පත්ව ඇති බව පැවසේ.

විරෝධතාකරුවන් හර්යානා ප්‍රාන්තය හරහා දිල්ලිය වෙත ජලය සැපයෙන ප්‍රධාන ඇළ මාර්ගයක් මේ වනවිට අවහිර කර ඇති අතර ඒ හේතුවෙන් මේ වනවිට දිල්ලියට දැඩි ජල හිඟයකට මුහුණ දීමට සිදු වී ඇති බව වාර්තා වේ.

හර්යානා ප්‍රාන්තයේ හීසාර් දිස්ත්‍රික්කයේ විරෝධතාවයේ නිරත පිරිස්වලට හමුදාව සිදු කළ වෙඩි තැබීමකදී පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. එම සිදුවීමෙන් අනතුරුව විරෝධතාකරුවන් ප්‍රාන්තයේ ඇමතිවරුන් දෙදෙනෙකුගේ නිවාස ගිනිතබා විනාශ කර තිබේ. මේ වනවිට ප්‍රාන්තයේ විවිධ ස්ථානවල බස්රථ, යතුරුපැදි, රික්ෂෝ මෙන්ම පොදු දේපලද ගිනිතබා විනාශ කර තිබේ.

ඉන්දියාවේ ඇති උග්‍ර රැකියා වියුක්තියත්, දැඩි කුලවාදයත්, ඇති නැති පරතරය ඉහළ යෑමත්, දිළිඳු ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ ලඟ නොවීමත් හේතුවෙන් මීට පෙරද අවස්ථා ගණනාවකදී මෙවැනිම ආකාරයේ විරෝධතා ඉන්දියාව පුරා පැණ නැගුණි.

Read more...

Advertisement

Image may contain: text

Facebook

Ad

...