Lankatruth

A+ A A-

විදෙස් පුවත්

Image result for කැසිනෝකැසිනෝ ශාලා නීතිගත කිරීමට අදාළ තීන්දුවක් පසුගිය 15 වැනිදා ජපානය  පාර්ලිමේන්තුව තුළ සම්මත කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉදිරියේදී ජපානය තුළ කැසිනෝ ශාලා ආරම්භ කිරීමට නියමිත අතර ප්‍රසිද්ධ හෝටල්සාප්පු සංකීර්ණ මෙන්ම ජනාකීර්ණ ස්ථානවල මෙම කැසිනෝ ශාලා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පැවසේ.

මෙම යෝජනවා පසුගියදා ජපාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කරමින් අනුමැතිය ලබා ගෙන ඇති අතර ඊට පෙර උත්තරීතර මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය එම යෝජනවට හිමිව තිබේ.

කැසිනෝ කෙරෙහි උනන්දු වන ආසියානු කලාපයේ පිරිස් ජපානය වෙත ආකර්ශනය කර ගැනීමට මෙමගින් සැලසුම් කරන බව  පැවසේ.

Read more...

Image result for පූටින්ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාවට වාර්ෂිකව නම් කරන ලොව බලවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 2016 වසරේ ලොව බලවත්ම පුද්ගලයා බවට  රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් නම්කර තිබේ.

මීට පෙර 2015 හා 2014 වසරේදී ෆෝබ්ස් සඟරාවේ ලොව බලවත්ම පුද්ගලයා ලෙස පූටින් ජනාධිපතිවරයා නම්කරනු ලැබීය. ෆෝබ්ස් සඟරාවට අනුව ලොව මිලියන 100ක එක් නියෝජිතයකු ලෙස පුද්ගලයින් 74 දෙනෙකු මෙම ලැයිස්තුවට තෝරා පත් කරගනී. ලැයිස්තුවට නම් කරනු ලබන පුද්ගලයින් සිය ක්‍රියාකාරකම් හරහා ලෝකයට සිදු කරන බලපෑමලෝක දේශපාලනයේ තීන්දු තීරණ ගැනීමේදී ඔවුන් සතු බලය මෙන්ම ‍ඔවුන් පාලනය කරනු ලබන මූල්‍යමය වත්කම් නිර්නායක ලෙස යොදා ගනී.

විශේෂයෙන්ම සිරියානු ජනතාවගේ නිදහස වෙනුවෙන් රුසියානු ජනාධිපතිවරයාගේ මැදිහත් වීම හා අයි.එස්. ත්‍රස්තවාදයට එරෙහිව ගෙන යන සටනට ලබා දෙන සෘජු දායකත්වය ලෝක දේශපාලනයේ පූටින් ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ඉහළට එසවීමට සමත්ව තිබේ.

Read more...

Image result for බෑන් කී මූන්මේ වසර අවසානයත් සමග නිල කාලය අවසන් වන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඉදිරියේදී කොරියානු ජනාධිපතිවරණයට තරග වැදීමේ සූදානමක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එ.ජා. මහ ලේකම් ධූරයෙන් සමුගැනීම කතාව අතර තුරදී ඒ පිළිබඳව ඉඟියක් ඔහු පළකර ඇති බව පැවසේ. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ කෙටි විවේක කාලයකින් අනතුරුව යළි දකුණු කොරියාව වෙත යන බවත් එහිදී සිය රට වෙනුවෙන් සේවය කළ හැකි හොඳම ආකාරය පිළිබඳව අවධානය යොමු කරන බවත්ය.

මේ වන විට දකුණු කොරියානු දේශපාලනය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.  දූෂණ චෝදනා එල්ල වූ ජනාධිපතිනි, පාර්ක් ගුවෙන් හායි ට එරෙහිව පසුගිය සති කිහිපයක සිට ප්‍රබල විරෝධතා සෝල් අගනුවර ඇතුළු දකුණු කොරියාව පුරා පැවැති අතර පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ දෝෂභියෝගයෙන් ඇය පරාජයට පත් විය.

මේ අනුව 2017 වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා එ.ජා. මහ ලේකම් ලෙස කටයුතු කළ බෑන් කී මූන් මහතා ඉදිරිපත් වීමේ වැඩි ඉඩක් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more...

වසර හතරක පමණ කාලයක් අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවැති සිරියාවේ දෙවැනි විශාලතම නගරය වූ ඇලෙප්පෝ සම්පූර්ණයෙන්ම මුදා ගැනීමට සිරියානු හමුදා ප්‍රමුඛ කණ්ඩායම් සමත්ව තිබේ.

මේ බව සිරියාවේ සිටින රුසියානු තානාපති විටලි චර්කින්ද තහවුරු කර ඇත. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව ඇමෙරිකානු සහාය සහිතව විපක්ෂ කණ්ඩායම් සන්නද්ධ ගැටුම් ආරම්භ කළ අතර වසර හතරක පමණ කාලයක සිට සිරියාව තුළ අසාද් පාලනය සමග දරුණු ගැටුම් පවතී. මේ වනවිට සිරියානු ගැටුම් හේතුවෙන් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව මිලියන පහක පමණ පිරිසක් සරණාගතයින් බවට පත්ව ඇතැයි වාර්තා වේ.

අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව රුසියානු හා සිරියාව ප්‍රමුඛ ඒකාබද්ධ කණ්ඩායම්  ගෙන යන සටනේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවට ඇලෙප්පෝ මුදා ගැනීම පත්වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related imageImage result for aleppo war in win syrian armyRelated image

Read more...

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහලේකම්වරයා ලෙස හිටපු පෘතුගාල අගමැති අන්තෝනියෝ ගුටාරෙස් මහතා ඊයේ (13) එම ධූරයේ දිවුරුම් දී තිබේ.

2017 වසරේ ජනවාරි මාසයේ ඔහු එම තනතුරේ වැඩ භාරගැනීමට නියමිත අතර වත්මන් මහලේකම් බෑන් කී මූන් මහතාගේ නිලකාලයේ 2016 වසර අවසන් වන විට අවසන් වේ.

එ.ජා. මහලේකම් ධූරයේ දිවුරුම් දීමෙන් පසුව අන්තෝනියෝ ගුටාරෙස් පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු ප්‍රතිසංස්කරණයන්ට ලක්කළ යුතු කාලය එළඹ ඇති බවත් වඩා වැඩි කාර්යක්ෂම සේවයක් ඉන් පසු ලබා දීමට තමන් සූදානම් බවය.United Nations Secretary General Ban Ki-moon (back L) and Portugal's President Marcelo Rebelo de Sousa (L) watch as Secretary-General-designate Mr. Antonio Guterres of Portugal is sworn in by President of the UN General Assembly Peter Thomson (R) at UN headquarters in New York, U.S., December 12, 2016. REUTERS/Lucas JacksonAntonio Guterres sworn in as UN Secretary-General (Photo: AFP) (Photo: AFP)UN bids farewell to Ban Ki-moon (Photo: AFP) (Photo: AFP)

Read more...

ඇමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක් චීනයක් යන ප්‍රතිපත්තිය අභියෝගයට ලක් කරමින් සිදු කර තිබෙන ප්‍රකාශ පිළිබඳව චීනය සිය විරෝධය පළකර ඇති බව වාර්තා වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ වෙළඳ පරතරය හමුවේ ඇමෙරිකාවට සම අවස්ථාවක් හිමි නොවන්නේ නම්  එම ප්‍රතිපත්තිය අඛන්ඩව පවත්වා ගෙන යෑම ඵල රහිත බවය.

ට්‍රම්ප්ගේ එම ප්‍රකාශට චීන රාජ්‍ය මාධ්‍යවලින් තදබල විරෝධයක් එල්ල වී ඇති අතර චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත් පත ට්‍රම්ප්ට අනතුරු අඟවමින් ප්‍රකාශකර ඇත්තේ එක චීනයක් යන ප්‍රතිපත්තිය කිසිවෙකුට වෙළඳම් කළ නොහැකි බවය. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ශෙන් ෂූආන්  මාධ්‍යයට පවසා ඇත්තේ එක චීනයක් ප්‍රතිපත්තියට බාධා සිදු වුවහොත් චීනය හා ඇමෙරිකාව අතර දැන සවිමත්ව ඇති සබඳතා පළුදු වීමට ඉඩ ඇති බවයි.

මෙතෙක් චීනය හා නිල සබඳතා පවත්වමින් තායිවානය සමග කිසිදු නිල සබඳතාවයක් නොපැවැත්වූ ඇමෙරිකානු නායකයින්ට වෙනස්ව යමින් ට්‍රම්ප් තායිවාන් ජනාධිපතිනිය සමග දුරකතන සංවාදයක් පැවැත්වීම පිළිබඳව චීනය දැඩි අවධානයක් යොමු කර තිබේ.Related image

Read more...

Image result for Increased stormබෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින වර්ධා සුළි කුණාටුව හේතුවෙන් දකුණු ඉන්දියාවට දැඩි බලපෑම් එල්ල වීමේ තත්වයක් පවතින බව වාර්තා වේ.

අද (12) පස්වරුවේ ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයෙන් දකුණු ඉන්දියාවට ඇතුළු වෙතැයි අනුමාන කෙරෙන වර්ධා කුණාටුව නිසා මේ වනවිට චෙන්නායි වෙරළ තීරයේ පුද්ගලයින් 3500ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කටයුතු කර තිබේ.

පැයට කිලෝ මීටර් 90 ත් 130ත් අතර වේගයකින් පැමිණෙන සුළි කුණාටුව හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් හා ජල ගැලීම් තත්වයක් මෙන්ම නායා යෑමේ අනතුරුද බහුල විය හැකි බවත් මුහුදු රළ මීටර් 2ක් පමණ ඉහළට එසවිය හැකි බවටද අනතුරු අඟවා තිබේ.

මේ වනවිට සුළි කුණාටුව කන්කසන්තුරේ සිට කිලෝ මීටර් 400ක් පමණ දුරින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින බව පැවසේ.

Read more...

Image result for Peter Galbraithඅයි.එස්. ත්‍රස්තවාදය විනාශ කිරීම සඳහා සිරියාව ආණ්ඩුවට හා හමුදාව වෙත රුසියාව ලබා දෙන ක්‍රියාකාරී සහයෝගය සමස්ත මිනිස් සංහතියටම සිදු කරන සේවයක් සේ සැළකිය හැකි යැයි ක්‍රොඒෂියාවේ හිටපු ඇමෙරිකානු තානපති පීටර් ග්ලැබෝන් පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ බටහිර සහ සිරියානු විරුද්ධ පක්ෂය අසාද්ගේ ජයග්‍රහණය දැන්වත් පිළිගැනීමට සූදානම් විය යුතු බවයි. එම ප්‍රදේශවල ජනතාව මෙන්ම සිරියාව තුළ පිහිටි ලෝක උරුමයන් රැකගැනීමට අසාද් පාලනය කටයුතු කිරීම හිටපු තානාපතිවරයාගේ ඇගයීමට ලක්ව තිබේ.

මේ වනවිට ඇලෙප්පෝ නගරයෙන් පසු බසිමින් සිටින අයි.එස්. ත්‍රස්තයන් නැවතත් පැල්මයිරා නගරය අත්පත් කර ගැනීමට උත්සාහ දරමින් සිටින නමුත් අසාද්ගේ හමුදාවට එය වැලැක්වීමට ශක්තිය පවතින බව තමන්ට විශ්වාස යැයි ඔහු පවසා ඇත. 

අසාද් පාලනය පෙරලා දැමීමට විරුද්ධ පාක්ෂික කණ්ඩායම් වෙත අවි ආයුධ හා මූල්‍ය සහාය ලබා දුන් ඔබාමාගේ ප්‍රතිපත්තිය ඔහු දැඩි ලෙස විවේචනයට ලක්කරමින් පවසා ඇත්තේ ඉන් සිදු වූයේ තව තවත් මිනිස් ජීවිත හා දේපල විනාශ වීමක් පමණක් බවය.

Read more...

සර්බියාවේ බෙල්ග්‍රේඩ් නුවර අතහැ දමන ලද ගබඩාක් තුළ ලෝම රෙදි පොරවා ගනිමින් ශීතලෙන් බේරීම සඳහා වෙහෙසෙන තරුණ සරණාගතයින් පිරිසක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සරණාගතයින් පිරිස ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන්  පකිස්තානයේ සහ ඇෆ්ගනිස්ථානයේ සිට යුරෝපය බලා යෑමට පැමිණ ඇති අතර නත්තල් ශීත කාලය එළඹීමත් සමග දැඩි ලෙස අසරණ තත්වයට පත්ව ඇති බව පැවසේ. මීට අමතරව සරණාගතයින් යුරෝපය වෙත ඇතුලු වීම නතර කිරීම සඳහා යුරෝපා රටවල් සිය දේශසීමා පිවිසුම් අවහිර කිරීමට ගෙන ඇති තීරණයත් සමග මෙම සරණාගතයින් ඉතාමත් අන්ත දුක්ඛිත තත්වයකට පත්ව තිබේ.

පසුගිය කාලසීමවේදී මැදපෙරදිගින් හා අප්‍රිකානු කලාපයෙන් යුරෝපය වෙත විශාල ප්‍රමාණයක් සරණාගතයින් සංක්‍රමණය වූ අතර ඔවුන්ගෙන බොහෝ පිරිසක්ද මෙම ශීත කාලසීමාවේ දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බව පැවසේ.Image result for Christmas strict laws in Europe battered refugeesImage result for Christmas strict laws in Europe battered refugees

Read more...

අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව තීරණාත්මක සටනක් ආරම්භ කර සිටින සිරියානු හමුදාව මේ වනවිට ඇලෙප්පෝ නරගයේ විශාල කොටසක් අත්පත් කර ගැනීමට සමත්ව සිටින අතර  IS ත්‍රස්තවාදීන් පරාජය හමුවේ සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් පවසන්නේ සටන් විරාමය ත්‍රස්තවාදීන්ගේ උපක්‍රමයක් වන බැවින් කිසි ලෙසකින්වත්  IS ත්‍රස්තයින්ට එරෙහිව එල්ල කරන ප්‍රහාරයන් නතර නොකරන බවයි.

ඇලෙප්පෝ නරගයේ විශාල ප්‍රමාණයක් මුදා ගැනීමට සිරියානු ආරක්ෂක අංශවලට හැකිවීමත් සමග සිවිල් වැසියන් විශාල වශයෙන් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් පළා එන බව පැවසේ. මේ වනවිට  IS ත්‍රස්තවාදීන් ඇලෙප්පෝ නගරයේ සීමා සහිත ප්‍රදේශයකට කොටුවී සිටින බව වාර්තා වේ.

IS ත්‍රස්තවාදීන් මුහුණ දී සිටින දරුණු පසුබෑම හමුවේ පසුගියදා ජගත් ආරක්ෂක මණ්ඩලයට සිරියාව තුළ සටන් විරාමයක් ගෙන ඒමට බටහිර රටවල් උත්සාහ ගනු ලැබුවත් රුසියාව හා චීනය සිය නිශේධ බලය යොදා එම යෝජනාව පරාජයට පත් කර තිබේ.

ඇලෙප්පෝහි කෝටුවී සිටින සිවිල් වැසියන්ට එම ප්‍රදේශයෙන් පිට වීමට සිරියානු ආරක්ෂක අංශ සටන් විරාමයක් ක්‍රියාත්මක කළේය. එසේම අයි.එස්. ත්‍රස්තවාදීන්ට යටත් වීමට හෝ පළා යෑමටද නිශ්චිත කාලයක් ලබා දීමට සිරියානු ආරක්ෂක අංශ කටයුතු කළේය.

සිරියාවේ දෙවන විශාලතම නගරය ලෙස සැලකෙන  ඇලෙප්පෝ නගරය මුදා ගනු ලැබුවහොත්  IS ත්‍රස්තයින්ට එරෙහි සටනේ තීරණාත්මක ජයග්‍රහණය එය වනු ඇති බවට  පැවසේ. මේ වනවිට IS ත්‍රස්තයින්ට එරෙහිව රුසියානු සහාය ඇතිව සිරියාව ආරක්ෂක අංශ මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර IS විරෝධී කණ්ඩායම් රැසක සහාය සිරියානු ආරක්ෂක අංශ වෙත හිමිව තිබේ. Image result for ALEPPO ATTACKRelated image

Read more...

Advertisement

Facebook

Ad

...