Lankatruth

A+ A A-

විදෙස් පුවත්

Image result for OBAMA 7 PUTINසිය ධූරයෙන් විශ්‍රාම ගැනීමට දින කිහිපයක් තිබියදී ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඊයේ (30) දිනයේදී රුසියාවට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග අසාර්ථක උත්සාහයක් බවට මේ වනවිට පත්ව තිබේ.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය වෙනස් කිරීම සඳහා රුසියානු පරිගණක හැකර්වරුන් මැදිහත් වූ බවත් එයට ව්ලැදිමීර් පුටීන් ජනාධිපතිවරයා සෘජුව මැදිහත් වූ බවටත් පවසමින් ඇමෙරිකාවේ සිටින රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයින් 35 දෙනෙකුට පැය 72ක් ඇතුළත ඇමෙරිකාවෙන් පිටත් වන ලෙසට ඔබාමා නියෝග කර තිබේ. මීට අමතරව රුසියානු බුද්ධි අංශ ඒජන්සි දෙකකටද සම්බාධක පැනවීමට ඔබාමා කටයුතු කර තිබේ.

ඔබාමාගේ තීරණයට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඔබාමාගේ තීරණයට එකට එක කිරීමට තමන් කිසිදු මොහොතක උත්සාහ නොගන්නා බවයි.

ඔබාමා ජනාධිපතිවරයා සිය ධූරයෙන් සමුගැනීමට දින කිහිපයක් තිබියදී මෙලෙස රුසියාව සමග ගැටුමක් ඇති කර ගැනීමට උත්සාහ දැරීමට හේතු වී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් පරදා ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමත් එම ජයග්‍රහණයට රුසියානු සහාය ලැබූ බවට ප්‍රකාශ කිරීමත් සමගය. මෙතෙක් කලක් රුසියාව සමග සීතල යුද්ධයකට පැටලී සිටී ඔබාමා පාලනය ඇමෙරිකාව තුළ මේ වනවිට රුසියානු විරෝධයක් ඇති කිරීමේ උත්සාහයක නිරතව ඇති බව වාර්තා වේ.

 

විශේෂයෙන්ම නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔබාමා  මෙන්  නොව රුසියාව සමග මිත්‍රශීලීව කටයුතු කිරීමට සූදානම් බව ප්‍රකාශ කර තිබීමත් සමග මේ වනවිට ඇමෙරිකානු ආධිපත්‍ය කිසියම් දුරකට අභියෝගයකට ලක්ව ඇති මොහොතක රුසියාව ප්‍රකෝප ගන්වා ඇමෙරිකාව සමග ගැටුමක් ඇති කර සිය ආධිපත්‍ය නැවතත් තහවුරු කර ගැනීමට ඔබාමා ජනාධිපතිවරයා උත්සාහ දරා ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

Read more...

ආර්ජන්ටිනාවේ හිටපු ජනපතිනි ක්‍රිස්ටිනා ෆර්නැන්ඩර්ස්ට අයත් ඇමරිකන් ඩොලර් මිලියන 633ක (ශ්‍රී ලංකා රුපියල් මිලියන 95000) වත්කම් රාජසන්තක කරන්නැයි එරට අධිකරණය නියෝග කළ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

හිටපු ජනපතිනියට එරෙහිව වංචා හා දූෂණ චෝදනා රැසක් එල්ලව තිබූ අතර ඒ සම්බන්ධයෙන් පැවැති විමර්ශනවලින් පසු අධිකරණය එම නියෝගය ලබාදී ඇත. 

නමුත් හිටපු ජනපතිනිය එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Image result for argentina former president

Read more...

මෙතෙක් ලොව ඉහළින්ම ඉදිකළ විශාලතම පාලම ඊයේ (29) දිනයේ මහජනතාවගේ පරිහරණය වෙනුවෙන් වෙනුවෙන් විවෘත කිරීමට චීනය කටයුතු කර තිබේ.

Beipan ගංගාවට ඉහළින් ඉදිකර ඇති මෙම පාලමේ උස මීටර් 565ක් බව පැවසෙන අතර පාලම නම් කර තිබෙන්නේ   Beipanjiang නමින් බව වාර්තා වේ. මෙම පාලම ඉදිකිරීමට වසර තුනක පමණ කාලයක් ගත වී ඇති අතර ඒ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 140කට අධික මුදලක් වැය වී ඇතැයි පැවසේ.

මෙම පාලම වාර්තා අතරට එක් වන්නේ ලොව මෙතෙක් ඉදිකළ උසම පාලම මෙන්ම ලොව ඉහළම ස්ථානයක ඉදිකළ විශාලතම පාලම ලෙසටය. නැගෙනහිර චීනයේ  Zhejiang ප්‍රාන්තයේ Hangzhou නගරය හා Yunnan ප්‍රාන්තයේ   Ruili නගරය සම්බන්ධ කරමින් දිවෙන දිවෙන අධිවේගී මාර්ගයේ කොටසක් ලෙස මෙම පාලම ඉදිකර තිබේ.

මුහුදු මට්ටමේ සිට මීටර් දහසකට වැඩි උසකින් මෙන්ම දැවැන්ත කඳු දෙකක් යා කරමින් මෙම පාලම ඉදිකර තිබේ. World's highest bridge opens in GuizhouWorld's highest bridge opens in GuizhouWorld's highest bridge opens in GuizhouImage result for World's highest bridgeImage result for World's highest bridge

 

Read more...

Related imageමැදපෙරදිග අස්ථාවර කිරීමට ඇමෙරිකාව මැදිහත් වී නැවතත් උත්සාහ ගනු ලැබුවහොත් එහි ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායලය විනාශ වනු ඇතැයි ඉරාන ආරක්ෂක ඇමතිවරයා  ප්‍රකාශ කර තිබෙන ප්‍රකාශයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරාන න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යුරෝපා රටවල් හා ඉරානය අතර ඇති කරගෙන තිබෙන ගිවිසුමේ පැවැත්ම සම්බන්ධයෙන් මතුව තිබෙන අර්බුදයත් සමග ඉරාන ආරක්ෂක ඇමතිවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත.

ඇමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක රැලිවලදී ප්‍රකාශ කර තිබුණේ ඉරාන න්‍යෂ්ටික ගිවිසුම වඩාත් විනාශකාරී ගිවිසුමක් බවත් තමන් බලයට පත්වූ වහාම එම ගිවිසුම ඉරා දැමීමට කටයුතු කරන බවත්ය. ඉරානය සිය න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වර්ධනය කිරීමත් සමග ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඉරානයට එරෙහිව සම්බාධක පැනවූ අතර දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ඉරාන න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කරනු ලැබූ අතර පසුව ඉරානයට එරෙහි ඇමෙරිකානු සම්බාධක වැඩිප්‍රමාණයක් ඉවත් කරගනු ලැබීය.

ඉරාන ආරක්ෂක ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඉරාන යුද හා ද්‍රව්‍යමය හැකියාවන් සම්බන්ධයෙන් වැරදි තක්සේරුවන්  සිදුකරමින් ඉරානයට එරෙහිව පියවර ගැනීමට සූදානම් වුවහොත් එය සියෝන් වාදයේ විනාශය පමණක් නොව ලෝක යුද්ධයක ආරම්භයක්ද විය හැකි බවයි. 

Read more...

සුප්‍රකට පොප් ගායක එංගලන්ත ජාතික ජෝර්ජ් මයිකල් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිය යන විට 53 වැනි වියේ පසුවූ ජෝර්ජ් මයිකල් 1980 දශකයේ ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ගායකයෙක් විය.

ජෝර්ජ් ඔක්ස්ෆෝඩර්ඩ්ෂයර් නිවසේදී ජීවිතක්ෂයට පත්වූ බව ඔහුගේ ප්‍රකාශකයා මාධ්‍ය වෙත පවසා තිබේ.

1983 වසරේදී ඔහු විසින් නිකුත් කළ Fantastic නම් ගීත ඇල්බමය ඔහුගේ රසිකාවියන් අතර මහත් සේ ප්‍රසිද්ධියට පත්විය. 1987 වසරේදී ඔහු විසින් හඳුන්වාදුන් Faith  ගීත ඇල්බමයද ඔහුගේ Fantastic නම් ගීත ඇල්බමයට නොදෙවෙනු ලෙස ජනප්‍රියත්වයට පත්විය.

161225192801-17-george-michael-exlarge-169161225182945-10-george-michael-restricted-exlarge-169161225185141-12-george-michael-exlarge-169161225185433-13-george-michael-restricted-exlarge-169161225185759-14-george-michael-restricted-exlarge-169

Read more...

පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් රැගත් TU-154 වර්ගයේ රුසියානු යුද ගුවන් යානයක් අතුරුදහන් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අද (25) පෙරවරුවේ මෙම ගුවන් යානය ගුවන් ගත වීමෙන් පසු රේඩාර් පථයෙන් නොපෙනී ගොස් ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙම ගුවන් යානය සිරියාවට ගුවන් ගත වූ බවට නිල නොවන වාර්තා පෙන්වා දෙන බවයි.

විදෙස් මාධ්‍ය වාර්තාකරන අන්දමට මෙම යානය කළු මුහුදට කඩා වැටී ඇති අතර නැව් හතක් හා කුඩා ගුවන් යානා යොදාගෙන කළු මුහුද ප්‍රදේශයේ සොදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

එරට නාවික හා ගුවන් පරීක්ෂණ කණ්ඩායම් විසින් මුහුදු වෙරළේ සිට කිලෝ මීටර් 6ක් - 08ක් අතර ප්‍රදේශයේ පිහිටි මුහුදු කලාපය පරීක්ෂා කරන අතර එම ප්‍රදේශයේ ඛනිජ තෙල් තට්ටු දක්නට ලැබෙන බවත් එය මුහුදට කඩා වැටී ඇතැයි සැක කරන බව එම කණ්ඩායම් ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වේ.

කාර්මික දෝෂයක් හෝ යම් මිනිස් ක්‍රියාකාරකමක් මෙම අනතුර පිටුපස ඇති ප්‍රධානම හේතුව විය හැකි බවත් කාර්මික දෝශයක් වේ නම් එය එම ගුවන් යානය නිපදවූ සමාගමට දැරීමට සිදුවන බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

MapDetails

Read more...

ලිබියානු රජයට අයත් අෆ්රිකියා  ගුවන් සමාගමට අයත් පැහැරගැනීමට ලක්වූ ගුවන් යානයේ සිටින මගීන් මේ වනවිට මුදා ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අභ්‍යන්තර ගුවන් ගමනක නිරත වෙමින් සිටියදී මගීන් 118ක් සමග එයාර්බස් A380 යානය පැහැර ගැනීමට ලක්ව තිබුණේ සභා සිට ට්‍රිපෝලි අගනුවර බලා පියාසර කරමින් තිබියදීය.

ගඩාෆි හිතවාදීන් ලෙස හදුනාගෙන ඇති සැකකරුවන් දෙදෙනෙකු අත්බෝම්බ ඇති බව පවසමින් ගුවන් යානය මෝල්ටාවට ගොඩබස්වන ලෙස තර්ජනය කර ඇත. මෝල්ටාවට ගොඩබස්වා ඇති යානයට දැඩි ආරක්ෂාවක් සපයා ඇති අතර මේ වනවිට යානයේ සිටින මගීන් ඉන් ඉවත් වන බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

මෝල්ටා ජාත්‍යන්තර ගුවන්තොටුපල කටයුතු මෙම සිදුවීමත් සමග සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බවත් සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇති බවත් වාර්තා වේ. යානය පැහැර ගැනීමට ලක්කරනු ලැබූවන්ගේ ඉල්ලීම් කුමක්දැයි යන්න මේ වනතෙක් තහවුරු වී නොමැති බව පැවසේ.

Read more...

අප්‍රිකානු අර්ධද්වීපයේ පිහිටා තිබෙන ලොව විශාලතම කාන්තාරය වන සහරා කාන්තාරයට වසර 40කට පසු හිම වැස්සක් ඇදහැලී තිබේ.

කරීම් නම් ඡායාරූප ශිල්පියා විසින් ලබා ගත් හිම වැසසේ දර්ශනීය ඡායාරූප පෙළක් ඔහු අන්තර් ජාලය වෙත මුදා හැර තිබේ. සහරා කාන්තාරයට අවසන් වරට හිම වැටී ඇත්තේ 1979  වසරේ පෙබරවාරි 18 වැනි දින බව පැවසේ.

රටවල් ගණනාවකින් වටවී තිබෙන සහරා කාන්තාරයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් මිලියන 09ක් පුරා පැතිර පවතී.  6351

Read more...

තුර්කියේ රුසියානු තානාපතිවරයා වූ අන්ද්‍රෙයි කර්ලොව් ඝාතනය කළ ත්‍රස්තවාදියා මෙහෙයවූයේ කවුරුන් විසින්දැයි අනිවාර්යෙන්ම දැනගතු යුතු බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ප්‍රකාශ කර තිබේ.

පසුගිය ඉරිදා රාත්‍රියේදී තුර්කියේ අන්කාරා අගනුවර පිහිටි කලාගාරයක ඡායාරූප ප්‍රදර්ශනයක් විවෘත කිරීමෙන් අනතුරුව රැස්ව සිටී පිරිස අමතමින් සිටියදී පිටිපසින් පැමිණ තානාපතිවරයාට වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. රුසියාවට එරෙහිව අන්කාරා අගනුවර විරෝධතාවයක් පවත්වා දිනකට පසුව මෙම ඝාතනය සිදුවීමද විශේෂත්වයකි.

වෙඩි තැබූ පුද්ගලයා 22 හැවිරිදි මෙව්ලුට් මෙර්ට් අයිදින්ටාස්  නම් තුර්කි පොලිස් නිලධාරියෙකු බවට හදුනාගෙන තිබේ. වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරු දෙවියන් ශ්‍රේෂ්ඨ යැයිද අලෙප්පෝ නුවර අමතක නොකරන ලෙසත් සිරියාව අමතක නොකරන ලෙසත් ප්‍රකාශ කර තිබේ. පසුව තුර්කි විශේෂ බලකාය එල්ල කළ වෙඩි තැබීමකින් සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රහාරයකයා ආරක්ෂක අංශ වෙත සිය පොලිස් නිල ලාංඡනය පෙන්වා ප්‍රදර්ශන භූමියට ඇතුළු වී ඇති බවත් ඔහු සේවයෙන් නිදහස්ව සිටීයදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් අනාවරණය වේ. සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළකරමින් තුර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරය පිටුපස සංවිධානාත්මක කණ්ඩායමක් සිටීද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවයි.

රුසියානු ජනාධිපතිවරයා හා තුර්කි ජනාධිපතිවරයා අතර  මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර දෙරට අතර සබඳතා බිඳ දැමීමත් රුසියාව හා තුර්කිය ප්‍රකෝප කිරීමේ සැලසුමක් බවත් නායකයින් දෙදෙනා අවධාරණය කර තිබේ. කෙසේ වෙතත් මෙම සිදු වීම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට රුසියානු පරීක්ෂණ කණ්ඩායමක් තුර්කිය වෙත පිටත්ව ගොස් ඇති බවද පැවසේ.Flag-wrapped coffin of late Russian Ambassador to Turkey Andrei Karlov is carried to a plane during a ceremony at Esenboga airport in Ankara, Turkey, December 20, 2016 © Umit Bektas

Read more...

ජර්මනියේ බර්ලින් අගනුවර නත්තල් දින වෙනුවෙන් පැවැත්වෙන වෙළඳපොලක් වෙත ලොරි රථයක් කඩා වැදී සිදුකළ අනතුර ත්‍රස්ත ක්‍රියාවක්  දැයි යන්න පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

විශාල ප්‍රමාණයේ ලොරි රථයක් කඩා වැදී සිදු කළ අනතුරින් මේ වනවිට පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 48 දෙනෙකු තුවාල ලබා ඇත. මේ වනවිට ලොරි රථය පැදවූ පකිස්ථාන ජාතික රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සැලසුම්සහගතව  මෙම අනතුර සිදු කළේද යන්න පරීක්ෂණ පැවැත්වේ.

මෙම සිදුවීමේ වගකීම අයි.එස්. ත්‍රස්තවාදීන් භාරගනිමින් ප්‍රකාශ කර ඇත්තේ සිරියානු ආණ්ඩුවට සහාය දක්වන රටවලට ඉදිරියේදීත් මෙවැනි ප්‍රහාරයන් එල්ල කිරීමට සූදානම් බවයි. එහෙත් ජර්මන් ආරක්ෂක අංශ පවසන්නේ මෙම සිදුවීමට අයි.එස්. ත්‍රස්තවාදීන් සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

මෙම සිදුවීමත් සමග නත්තල් සමයේ යුරෝපයේ ජනතාව වැඩි වශයෙන් එකතු වන ස්ථානයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ අනතුරක් මතුව තිබේ.Image result for Berlin truck attackerImage result for Berlin truck attackerImage result for Berlin truck attacker

Read more...

Advertisement

Facebook

Ad

...