Lankatruth

A+ A A-

විදෙස් පුවත්

ලෝකයේ ප්‍රධානත මෝටර් රථ නිෂ්පාදනය කරන රටවල් අතුරින් පස්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට මේ වනවිට ඉන්දියාව සමත් වී ඇති බව වාර්තා වේ.

මෙතෙක් ලොව පස්වන ස්ථානය හිමිකර ගෙන සිටියේ දකුණු කොරියාව විසිනි. ඉන්දියාව මෙම ස්ථානය හිමි කරගෙන ඇත්තේ වසරේ මුල් මාස හත තුළදී මෝටර් රථ මිලියන 2.75ක ප්‍රමාණයක් නිෂ්පාදනය කර වෙළඳ පොළ වෙත නිකුත් කිරීමත් සමගය. දකුණු කොරියාව වසරේ මුල් මාස හත තුළදී වෙළඳ පොළ වෙත නිකුත් කර ඇති මෝටර් රථ ප්‍රමාණය මිලියන 2.55ක් බව පැවසේ.

ලෝව මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයා බවට පත්ව පත්ව ඇත්තේ චීනයයි. චීනය වසරේ මුල් මාස හත තුළදී මෝටර් රථ මිලියන 12.79ක් නිෂ්පාදනය කර ඇති අතර දෙවැනි ස්ථානයේ පසුවන ඇමෙරිකාව මෝටර් රථ මිලියන 7.08ක්ද තෙවැනි  ස්ථානයේ පසුවන ජපානය මෝටර් රථ මිලියන 5.40ක්ද සිව් වැනි ස්ථානයේ පසුවන ජර්මනිය  මෝටර් රථ මිලියන 3.62ක්ද නිෂ්පාදනය කර තිබේ.

දකුණු කොරියාව මෙම ලැයිස්තුවේ පස්වැනි ස්ථානය වසර ගණනාවක් පුරා තහවුරු කර ගැනීමට සමත්ව සිටියත් මේ වනවිට ඉන්දියාව එම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වී තිබේ.Image result for india car production 2015Image result for india car production 2015

Read more...

Image result for russia&usaවර්තමානයේ  ඉරාකය හා ලිබියාව තුළ යුද්ධයක් නිර්මාණය කරමින් ඇමෙරිකාව සිදු කළ විනාශය  මෑත ඉතිහාසයේ ලොව කිසිඳු විනාශයක් සමග සංසන්දනය කළ නොහැකි බව රුසියානු විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාරියා සකරෝවා ප්‍රකාශ කර තිබේ.‍ෙ

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළදී ඇමෙරිකානු නියෝජිතවරිය වන සමන්තා පවර් සිරියානු හමුදා ප්‍රහාරයන්ගෙන් අලප්පෝහි සිවිල් වැසියන් ඝාතනය වන බව සඳහන් කරමින් රුසියාව දැඩි විවේචනයට  ලක්කළ කරමින් දැක්වූ අදහසට දැඩි ප්‍රතිප්‍රහාරයක් එල්ල කරමින් රුසියානු නියෝජිතවරිය මෙම ප්‍රකාශය සිදු කර තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් රුසියානු නියෝජිතවරිය ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකාව ලිබියාව හා ඉරාකය තුළ ඇති කළ  ම්ලේච්ඡ යුද්ධය තුළින් එම රටවල් ගොඩගැනිමට නොහැකි මට්ටමේ බරපතළ ඛේදවාචකයකට ගොදුරු වී ඇති බවයි.

සිරියානු අර්බුදයට විසඳුමක් ලෙස රුසියාව හා ඇමෙරිකාව මැදිහත්ව සටන් විරාමයක් ක්‍රියාත්මක කරනු ලැබුවත් මේ වනවිට එය බිඳ වැටී ඇත. සටන් විරාමය බිඳවැටීම සම්බන්ධයෙන් ඇමෙරිකාව වගකිව යුතු බවට රුසියාව චෝදනා එල්ල කරන අතර පසුගිය දිනෙක ඇමෙරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සිරියානු හමුදා සෙබලුන් 60ක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව එහිදී ප්‍රකාශ කර ඇත්තේ එය අත්වැරදීමකින් සිදු වූවක් බවය. 

Read more...

Image result for හිලරි ක්ලින්ටන්ඇමෙරිකානු ජනාධිපතිවරණයට දින ලංවෙමින් තිබියදී අද (27) දිනයේ පැවැති ප්‍රථම සජීවී රුපවාහිනී විවාදයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කර තිබේ.

නිව්යෝක් නුවර පැවැති මෙම විවාදය මිලියන 100 කට වැඩි ඇමෙරිකානුවන් පිරිසක් නැරඹූ මෙම රූපවාහිනි විවාදය ලොව මෙතෙක් වැඩිම පිරිසක් නැරඹූ රුපවාහිනි විවාදය බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විවාදයෙන් අනතුරුව පැවැති ඡන්ද විමසීමේදී හිලරි ක්ලින්ටන්ට 61%ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප්  වෙත ලැබී ඇත්තේ 27%ක කැමැත්තක් පමණි.

 

 

 

Read more...

කොලොම්බියාවේ ක්‍රියාත්මක වන විශාලතම ගරිල්ලා සංවිධානයක් වන කොලොම්බියාවේ විප්ලවකාරි ජනතා හමුදාව (FARC සංවිධානය) හා කොලොම්බියා රජය අතර පැවති යුද ගැටුම් අවසන් කරමින් ඓතිහාසික සාමගිවිසුමට අත්සන් තබා ඇත.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයයේ මහලේකම්වරයා හා කියුබාවේ ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ ඇතුළු ලතින් ඇමරිකාන් රටවල නායකයින් සහභාගීවීමද විශේෂත්වයකි.

මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ෆාක් නායක ටිමෝ ලියෝන් ජිමීන්ස්  පවසා ඇත්තේ මින් ඉදිරියට ආයුද සන්නද්ධ අරගලය අත්හරිණ බවත් අයුද සියලු දෙනා තම හදවත්වලින් සුද සිතුවිලි ඉවත් කර ගත යුතු බවත් ය. 

මෙම ගිවිසුම කියුබාවේ හවානා නුවර පැවති සාමසාකච්ඡාවල ප්‍රථිපළයක් බවද එහිදී සඳහන් වී තිබේ

Image result for FARCImage result for FARC

ෆාක් සංවිධානය ගිනිඅවි අත්හරයි.

ෆාක් සංවිධානය ගිනිඅවි අත්හරයි.

Posted by Lanka Truth on Monday, September 26, 2016
Read more...

දෙවියන්ට අපහාස වන ආකාරයේ කාටූනයක් තම ෆේස්බුක් පිටුවේ ෂෙයාර් කළේ යැයි පවසමින් ලේඛකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ පුවතක් ජෝර්දානයෙන් වාර්තා වේ. 

 

ඔහු විසින් ෂෙයාර් කරන ලද කාටූනය පහත දැක්වේ.

Read more...

ඉන්දියාවට අයත් කාශ්මීරයේ පිහිටි හමුදා කඳවුරකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සෙබලුන් 17 දෙනෙකු මිය ගොස්  තවත් සෙබලු රැසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම ත්‍රස්ත ප්‍රහාරය හමුදා කඳවුරට එල්ල වන අවස්ථාවේදී සෙබලුන් නින්දේ පසුවී ඇති බව පැවසෙන අතර ඉන්දීය ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රතිප්‍රහාරයන්ගෙන් ත්‍රස්තවාදීන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

දශක කිහිපයක් පුරා ඉන්දියාවේ කාශ්මීර් ප්‍රාන්තයේ වෙනම පාලනයක් වෙනුවෙන් සන්නද්ධ අරගලයක් පවතින අතර දශක දෙකකට පසුව එල්ල වූ දරුණු ත්‍රස්ත ප්‍රහාරය මෙය බව වාර්තා වේ. ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව විසින් චෝදනා එල්ල කරන්නේ පකිස්තානයේ සහාය ලබන ත්‍රස්ත කණ්ඩායම් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවටයි. ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං ප්‍රකාශ කර ඇත්තේ පකිස්තානය යනු ත්‍රස්තවාදී රාජ්‍යයක් බවටය.

මෙම ප්‍රහාරයත් සමග කාශ්මීරයේ ආරක්ෂාව තරකර ඇති අතර පකිස්තාන හා ඉන්දීය දේශසීමාවන්ගේ ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බව වාර්තා වේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.Indian paramilitary soldiers patrol a deserted street during curfew in Srinagar, Indian controlled Kashmir, Tuesday, Sept. 13, 2016.Activists of Hindu hardline origination Shiv Sena shout anti-Pakistani slogans as they burn a Pakistani flag during a protest against an attack on Indian Army camp at Uri, in Jammu, India,An Indian army helicopter flies above the army base which was attacked by suspected rebels in the town of Uri, west of Srinagar, Indian controlled Kashmir,

Read more...

තුර්කිය තුළ ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණි අයි.එස්. ත්‍රස්තවාදීන් 20 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට තුර්කි ආරක්ෂක අංශ සමත් ව තිබේ.

මෙම ත්‍රස්තවාදීන් කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ තුර්කියේ අන්කාරා අගනුවරදී අත්අඩංගුවට ගත් අයි.එස්. ප්‍රධානියකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී බව පැවසෙන අතර ස්ථාන කිහිපයක සැඟව සිටියදි අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හෙළිවී ඇත්තේ තුර්කියේ ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීම සඳහා අයි.එස්. ත්‍රස්තවාදීන් කණ්ඩායම සැලසුම් කර තිබූ බවයි. ඊට අමතරව තුර්කි දේශසීමාව යොදා ගනිමින් වෙනත් රටවලට ඇතුළු වී ප්‍රහාරයන් එල්ල කිරීම සඳහාද සැලසුම් කර තිබූ බව අනාවරණය කර ගැනීමට සමත් ව තිබේ.Image result for turkey arested isis terrorist news

Read more...

සිරියාවේ අයි.එස්. ත්‍රස්තයින්ට එරෙහිව සටන් වදින සිරියානු හමුදා කණ්ඩායමට එල්ල කළ ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් සෙබළුන් 62 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇත්තේ අයි.එස්. ත්‍රස්තයින්ට එරෙහිව සටන් වදින නැගෙනහිර සිරියාවේ ඩීර් අල් සෝර් නම් ප්‍රදේශයේ සටන් වදින සිරියානු හමුදා කණ්ඩායමක් වෙතටය. මෙම ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජගත් ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවීමට සූදානම් බව රුසියාව ප්‍රකාශ කර තිබේ.

සිරියාව තුළ අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව එල්ල කරන ඒකාබද්ධ ප්‍රහාරයන් උත්සන්න වී ඇති අතර රුසියානු සහාය ලබන සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට පක්ෂ හමුදාව අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරන අතර ඇමෙරිකාව සහාය ලබා දෙන්නේ අසාද් පාලනයට එරෙහිව සටන් වදින් කණ්ඩායම් වෙතටය.

කෙසේ වෙතත් මෙම ගුවන් ප්‍රහාරය ඇමෙරිකාව හිතාමතාම එල්ල කළ එකක්ද යන්න පිළිබඳව සැක පහළ වී තිබේ.© Khalil Ashawi

Read more...

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන සැසිවාරයට සහභාගීවීම සඳහා මේ වන විට රාජ්‍ය නායකයින් ඇතුළු නියෝජිතයින් රැසක් පැමිණෙමින් තිබෙන අමෙරිකාවේ, නිව්යෝර්ක් නුවරට සිදු වූ පිපුරුමකින් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

නිව්යෝර්ක් නුවර, මෑන්හැටන් ප්‍රදේශයේ මෙම පිපිරුම සිදුව ඇති අතර පිපුරුමත් සමග අධික ශබ්දයක් නිකුත් වූ බව සිද්ධිය ඇසින් දුටුවන් මාධ්‍ය වෙත පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙරට වේලාවෙන් අද උදෑසන පිපුරුම සිදුව ඇති අතර ග්‍රිනීච් වේලාවෙන් අද (18) අළුයම 01.00  පමණ මෙම පිපුරුම සිදුව ඇති බව විදෙස් ප්‍රවෘත්ති වාර්තා සඳහන් වාර්තා කරයි.

පිපුරුම සිදු වූ ස්ථානයට ගිනි නිවීම් රථ සහ ගිලන් රථ යොමු කර ඇති අතර තුවල ලැබූවන් රෝහල් කරා යොමු කිරීම මේ කටයුතුද ඉතා කඩිනමින් සිදු කර තිබේ.

මේ අතර අදාළ පිපුරුමට පැය කිහිපයකට පෙර ස්වේච්ඡා සංවිධානයක් විසින් සුබසාධන වැඩසටහනක් පැවැත්වීමට නියමිතව තිබූ නිව්ජර්සි ප්‍රදේශයේ නලයක් තුළද බෝම්බයක් පුපුරාගොස් තිබුණි.

එම පිපුරුමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොතිබුණි. 

අමෙරිකානු බුද්ධි අංශ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

Image result for new york bomb blast මහා මණ්ඩල සැසියට සියල්ල සූදානම්-නිව්යෝර්ක් නුවර පිපුරුමක්Image result for new york bomb blastImage result for new york bomb blastImage result for new york bomb blast

Read more...

මෙවර නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ රාජ්‍ය නායක සමුළුව වෙනිසියුලාවේ කැරකස් අගනුවරදී අද (17) ඇරඹිණ.

එය හෙට (18) දින අවසන්වීමට නියමිතය. 

ඉරාන ජනාධිපති හසන් රොව්හානී නොබැදි ජාතීන්ගේ සංවිධානයේ පසුගිය වසර තුණේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඉදිරි වසර තුණ සඳහා එහි සභාපතිත්වය හිමිවන්නේ වෙනුසියුලානු ජනාධිපති නිකොලෝස් මධුරෝ හටය.

The president Nicolas Maduro in a meeting with his Iranian counterpart.The NAM Summit enters the final segment which brings together the heads of State and Government.

 

Read more...

Advertisement

Image may contain: text

Facebook

Ad

...