Lankatruth

A+ A A-

විදෙස් පුවත්

Image result for හිලරි ක්ලින්ටන්ඇමෙරිකානු ජනාධිපතිවරණයට දින ලංවෙමින් තිබියදී අද (27) දිනයේ පැවැති ප්‍රථම සජීවී රුපවාහිනී විවාදයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කර තිබේ.

නිව්යෝක් නුවර පැවැති මෙම විවාදය මිලියන 100 කට වැඩි ඇමෙරිකානුවන් පිරිසක් නැරඹූ මෙම රූපවාහිනි විවාදය ලොව මෙතෙක් වැඩිම පිරිසක් නැරඹූ රුපවාහිනි විවාදය බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විවාදයෙන් අනතුරුව පැවැති ඡන්ද විමසීමේදී හිලරි ක්ලින්ටන්ට 61%ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප්  වෙත ලැබී ඇත්තේ 27%ක කැමැත්තක් පමණි.

 

 

 

Read more...

කොලොම්බියාවේ ක්‍රියාත්මක වන විශාලතම ගරිල්ලා සංවිධානයක් වන කොලොම්බියාවේ විප්ලවකාරි ජනතා හමුදාව (FARC සංවිධානය) හා කොලොම්බියා රජය අතර පැවති යුද ගැටුම් අවසන් කරමින් ඓතිහාසික සාමගිවිසුමට අත්සන් තබා ඇත.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයයේ මහලේකම්වරයා හා කියුබාවේ ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ ඇතුළු ලතින් ඇමරිකාන් රටවල නායකයින් සහභාගීවීමද විශේෂත්වයකි.

මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ෆාක් නායක ටිමෝ ලියෝන් ජිමීන්ස්  පවසා ඇත්තේ මින් ඉදිරියට ආයුද සන්නද්ධ අරගලය අත්හරිණ බවත් අයුද සියලු දෙනා තම හදවත්වලින් සුද සිතුවිලි ඉවත් කර ගත යුතු බවත් ය. 

මෙම ගිවිසුම කියුබාවේ හවානා නුවර පැවති සාමසාකච්ඡාවල ප්‍රථිපළයක් බවද එහිදී සඳහන් වී තිබේ

Image result for FARCImage result for FARC

ෆාක් සංවිධානය ගිනිඅවි අත්හරයි.

ෆාක් සංවිධානය ගිනිඅවි අත්හරයි.

Posted by Lanka Truth on Monday, September 26, 2016
Read more...

දෙවියන්ට අපහාස වන ආකාරයේ කාටූනයක් තම ෆේස්බුක් පිටුවේ ෂෙයාර් කළේ යැයි පවසමින් ලේඛකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ පුවතක් ජෝර්දානයෙන් වාර්තා වේ. 

 

ඔහු විසින් ෂෙයාර් කරන ලද කාටූනය පහත දැක්වේ.

Read more...

ඉන්දියාවට අයත් කාශ්මීරයේ පිහිටි හමුදා කඳවුරකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සෙබලුන් 17 දෙනෙකු මිය ගොස්  තවත් සෙබලු රැසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම ත්‍රස්ත ප්‍රහාරය හමුදා කඳවුරට එල්ල වන අවස්ථාවේදී සෙබලුන් නින්දේ පසුවී ඇති බව පැවසෙන අතර ඉන්දීය ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රතිප්‍රහාරයන්ගෙන් ත්‍රස්තවාදීන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

දශක කිහිපයක් පුරා ඉන්දියාවේ කාශ්මීර් ප්‍රාන්තයේ වෙනම පාලනයක් වෙනුවෙන් සන්නද්ධ අරගලයක් පවතින අතර දශක දෙකකට පසුව එල්ල වූ දරුණු ත්‍රස්ත ප්‍රහාරය මෙය බව වාර්තා වේ. ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව විසින් චෝදනා එල්ල කරන්නේ පකිස්තානයේ සහාය ලබන ත්‍රස්ත කණ්ඩායම් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවටයි. ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං ප්‍රකාශ කර ඇත්තේ පකිස්තානය යනු ත්‍රස්තවාදී රාජ්‍යයක් බවටය.

මෙම ප්‍රහාරයත් සමග කාශ්මීරයේ ආරක්ෂාව තරකර ඇති අතර පකිස්තාන හා ඉන්දීය දේශසීමාවන්ගේ ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බව වාර්තා වේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.Indian paramilitary soldiers patrol a deserted street during curfew in Srinagar, Indian controlled Kashmir, Tuesday, Sept. 13, 2016.Activists of Hindu hardline origination Shiv Sena shout anti-Pakistani slogans as they burn a Pakistani flag during a protest against an attack on Indian Army camp at Uri, in Jammu, India,An Indian army helicopter flies above the army base which was attacked by suspected rebels in the town of Uri, west of Srinagar, Indian controlled Kashmir,

Read more...

තුර්කිය තුළ ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණි අයි.එස්. ත්‍රස්තවාදීන් 20 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට තුර්කි ආරක්ෂක අංශ සමත් ව තිබේ.

මෙම ත්‍රස්තවාදීන් කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ තුර්කියේ අන්කාරා අගනුවරදී අත්අඩංගුවට ගත් අයි.එස්. ප්‍රධානියකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී බව පැවසෙන අතර ස්ථාන කිහිපයක සැඟව සිටියදි අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හෙළිවී ඇත්තේ තුර්කියේ ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීම සඳහා අයි.එස්. ත්‍රස්තවාදීන් කණ්ඩායම සැලසුම් කර තිබූ බවයි. ඊට අමතරව තුර්කි දේශසීමාව යොදා ගනිමින් වෙනත් රටවලට ඇතුළු වී ප්‍රහාරයන් එල්ල කිරීම සඳහාද සැලසුම් කර තිබූ බව අනාවරණය කර ගැනීමට සමත් ව තිබේ.Image result for turkey arested isis terrorist news

Read more...

සිරියාවේ අයි.එස්. ත්‍රස්තයින්ට එරෙහිව සටන් වදින සිරියානු හමුදා කණ්ඩායමට එල්ල කළ ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් සෙබළුන් 62 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇත්තේ අයි.එස්. ත්‍රස්තයින්ට එරෙහිව සටන් වදින නැගෙනහිර සිරියාවේ ඩීර් අල් සෝර් නම් ප්‍රදේශයේ සටන් වදින සිරියානු හමුදා කණ්ඩායමක් වෙතටය. මෙම ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජගත් ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවීමට සූදානම් බව රුසියාව ප්‍රකාශ කර තිබේ.

සිරියාව තුළ අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව එල්ල කරන ඒකාබද්ධ ප්‍රහාරයන් උත්සන්න වී ඇති අතර රුසියානු සහාය ලබන සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට පක්ෂ හමුදාව අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරන අතර ඇමෙරිකාව සහාය ලබා දෙන්නේ අසාද් පාලනයට එරෙහිව සටන් වදින් කණ්ඩායම් වෙතටය.

කෙසේ වෙතත් මෙම ගුවන් ප්‍රහාරය ඇමෙරිකාව හිතාමතාම එල්ල කළ එකක්ද යන්න පිළිබඳව සැක පහළ වී තිබේ.© Khalil Ashawi

Read more...

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන සැසිවාරයට සහභාගීවීම සඳහා මේ වන විට රාජ්‍ය නායකයින් ඇතුළු නියෝජිතයින් රැසක් පැමිණෙමින් තිබෙන අමෙරිකාවේ, නිව්යෝර්ක් නුවරට සිදු වූ පිපුරුමකින් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

නිව්යෝර්ක් නුවර, මෑන්හැටන් ප්‍රදේශයේ මෙම පිපිරුම සිදුව ඇති අතර පිපුරුමත් සමග අධික ශබ්දයක් නිකුත් වූ බව සිද්ධිය ඇසින් දුටුවන් මාධ්‍ය වෙත පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙරට වේලාවෙන් අද උදෑසන පිපුරුම සිදුව ඇති අතර ග්‍රිනීච් වේලාවෙන් අද (18) අළුයම 01.00  පමණ මෙම පිපුරුම සිදුව ඇති බව විදෙස් ප්‍රවෘත්ති වාර්තා සඳහන් වාර්තා කරයි.

පිපුරුම සිදු වූ ස්ථානයට ගිනි නිවීම් රථ සහ ගිලන් රථ යොමු කර ඇති අතර තුවල ලැබූවන් රෝහල් කරා යොමු කිරීම මේ කටයුතුද ඉතා කඩිනමින් සිදු කර තිබේ.

මේ අතර අදාළ පිපුරුමට පැය කිහිපයකට පෙර ස්වේච්ඡා සංවිධානයක් විසින් සුබසාධන වැඩසටහනක් පැවැත්වීමට නියමිතව තිබූ නිව්ජර්සි ප්‍රදේශයේ නලයක් තුළද බෝම්බයක් පුපුරාගොස් තිබුණි.

එම පිපුරුමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොතිබුණි. 

අමෙරිකානු බුද්ධි අංශ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

Image result for new york bomb blast මහා මණ්ඩල සැසියට සියල්ල සූදානම්-නිව්යෝර්ක් නුවර පිපුරුමක්Image result for new york bomb blastImage result for new york bomb blastImage result for new york bomb blast

Read more...

මෙවර නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ රාජ්‍ය නායක සමුළුව වෙනිසියුලාවේ කැරකස් අගනුවරදී අද (17) ඇරඹිණ.

එය හෙට (18) දින අවසන්වීමට නියමිතය. 

ඉරාන ජනාධිපති හසන් රොව්හානී නොබැදි ජාතීන්ගේ සංවිධානයේ පසුගිය වසර තුණේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඉදිරි වසර තුණ සඳහා එහි සභාපතිත්වය හිමිවන්නේ වෙනුසියුලානු ජනාධිපති නිකොලෝස් මධුරෝ හටය.

The president Nicolas Maduro in a meeting with his Iranian counterpart.The NAM Summit enters the final segment which brings together the heads of State and Government.

 

Read more...

Image result for north korea new missile testමෑතකදී උතුරු කොරියාව සිදුකරනු ලැබූ බවට චෝදනා එල්ල වී තිබෙන න්‍යෂ්ටික අත්හදා බැලීම් පදනම් කරගනිමින් දකුණු කොරියාව ජපානයේ හා ඇමෙරිකාවේ සහාය සහිතව උතුරු කොරියාවට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බව වාර්තා වේ.

දකුණු කොරියානු විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ එළඹෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීමට සමගාමීව දකුණු කොරියානු විදේශ ඇමති යුන් බියුන්සේ, ජපාන විදේශ ඇමති ෆුමියේ කිෂීඩා හා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අතර සකච්ඡාවක් පැවැත්වීමට සූදානම් බවත් එහිදී උතුරු කොරියානු න්‍යෂ්ටික අත්හදා බැලීම් හා ඊට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද නියමිත බවය.

කෙසේ වෙතත් උතුරු කොරියාවට එරෙහිව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැඩි සම්බාධක පනවා ඇති අතර චීනය හා රුසියාව ඇමෙරිකානු ස්ථාවරයට එකඟ නොවන පසුබිමක පසුගියදා උතුරු කොරියාව සිදුකළ ප්‍රබල න්‍යෂ්ටික පිපිරවීම සම්බන්ධයෙන්  චීනයෙන් යම් විරෝධයක් එල්ල වුවත් ඇමෙරිකාව අනුගමනය කරන ක්‍රියාමාර්ගයන්ට චීනය එකඟතාව නොදක්වයි.

උතුරු කොරියානු අර්බුදය දඩමීමා කරගනිමින් මේ වනවිට ඇමෙරිකාව චීනය ආසන්නයේ පිහිටි දකුණු කොරියාව තුළ න්‍යෂ්ටික ප්‍රහාරයන්ට ඔරොත්තු දෙන අධිතාක්ෂණික මිසයිල පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටී. මෙය අසල්වැසි චීනයේ ආරක්ෂාවට එල්ල වන තර්ජනයක් වන බැවින් ඊට චීනය විරුද්ධත්වය පළකර තිබේ.

Read more...

Image result for Israel & usaඇමෙරිකා එක්සත් ජනපදය මෙතෙක් වෙනත් රටකට ලබා දුන් විශාලාම යුද ආධාර මුදල ලෙස ඩොලර් බිලියන 38ක මුදලක් ඊශ්‍රායලය වෙත ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම මුදල ලබා දෙනු ලබන්නේ ඊශ්‍රායලයේ ඉදිරි දෙවසරේ යුද කටයුතු වෙනුවෙන් බව පැවසෙන අතර ඒ සම්බන්ධ වන ගිවිසුම හෙට (16) දිනයේදී අත්සන් කිරීමට සූදානම් බව පැවසේ.

ඇමෙරිකානු වුවමනාව වෙනුවෙන් මැදපෙරදිග කලාපය තුළ කටයුතු කරමින් සිටින ඊශ්‍රායලය පලස්තීනය ආක්‍රමණය කරමින් එහි ජීවත්වන ජනතාව රටක් අහිමි එළිමහන් සිරකරුවන් බවට පත් කරමින් සිටී. ඊට එරෙහිව පලස්තීන ජනතාවගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ලොව පුරා බොහෝ සංවිධාන හා රටවල් ඊශ්‍රායලට විරෝධය පළකරනු ලැබුවත් ඇමෙරිකාව සිය හිතවතා ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටී.

ලෝකයට මානව හිමිකම් ගැන කතා කරන ඇමෙරිකාව පලස්තීන නිරායුධ ජනතාව ඝාතනය කරමින් ඔවුගේ උපන් බිමේ සිරකරුවන්, සරණාගතයින් බවට පත්කරමින් සිදු කරන ම්ලේච්ඡ ක්‍රියා පිළිබඳව මුනිවත රකිමින් සිටින තත්වයක් හමුවේ මෙලෙසේ යුද ආධාර ලබා දීම ඇමෙරිකාවේ සැබෑ තත්වය තවදුරටත් හෙළිදරව් කරන බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ආහාර, සෞඛ්‍ය, නිවාසඅධ්‍යාපනය අහිමිකර තිබෙන පලස්තීන ජනතාවට ආධාර ලැබිය යුතු තත්වයකදී ඇමෙරිකාව ඊශ්‍රායලය වෙත මෙලෙස දැවැන්ත මුදලක් ලබා දෙන්නේ ඔවුන් සිදුකරමින් සිටින කෘෘර ක්‍රියා අනුමත කිරීමට බවයි.

Read more...

Advertisement

Facebook

Ad

...