Lankatruth

A+ A A-

චීනය ට්‍රම්ප්ට අනතුරු අඟවයි!

ඇමෙරිකා එක්සත් ජනපදය දෙබිඩි පිළිවෙතක් තුළ හිදිමින්  එක චීනයක් යන ස්ථාවරය කඩ කළහොත් ඊට එරෙහිව චීනයද එකට එක කිරීමට පියවර ගනු ඇතැයි චීන ග්ලෝබල් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙතෙක් තායිවානය සම්බන්ධයෙන් චීනය සමග පැවැති එකඟතාවයන් කඩ කර කටයුතු කිරීමට වත්මන් ඇමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කිරීමට සූදානම් බවට චීනය විසින් චෝදනා එල්ල කරන අතර  තායිවාන් ජනාධිපතිනිය මධ්‍යම ඇමෙරිකාවේ සංචාරයක නිරත වන අතරතුරදී චීනය මෙම ප්‍රකාශය නිකුත් කර තිබේ.

ඇමෙරිකාවේ සංචාරය අතරතුරදී තායිවාන් ජනාධිපතිනිය හූස්ටන් නගරයේදී රිපබ්ලිකන් පක්ෂයේ නීථි විශාරදයින් මුණගැසී ඇති අතර ටෙක්සාස් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ග්‍රේග් ඇබට් සමග සාකච්ඡාවක නිරත වී ඇති බවද පැවසේ.

වත්මන තායිවාන ජනාධිපතිනිය දැඩි ලෙස චීන විරෝධී ස්ථාවරයක සිට කටයුතු කරමින් සිටින අතර චීන ග්ලෝබල් ටයිම්ස් පුවත්පත වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ එක චීනයක් යන ප්‍රතිපත්තිය ඇමෙරිකාව මත හෙළන ලද හිතුවක්කාරී ඉල්ලීමක් නොව ආසියා - පැසිෆික් කලාපයේ දැනට පැවතෙමින් එන ක්‍රියා පටිපාටිය ආරක්ෂා කර ගැනීමේ යුක්ති සහගත ඉල්ලීමක් වන බවයි. ඇමෙරිකාව හා චීනය අතර සබඳතා ශක්තිමත්ව පවත්වා ගැනීම එම ප්‍රතිපත්තිය හා බැඳී පවතින බවයි.

Image result for china & usa

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...