Lankatruth

A+ A A-

තායිලන්තයට ගංවතුරින් හානි!

දකුණු තායිලන්තයට නොනවත්වා ඇද හැළෙන අධික වර්ෂාවත් සමග මේ වනවිට දැඩි ගංවතුර තත්වයකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගංවතුර හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 21ක් වාර්තා වී ඇති අතර දශලක්ෂයකට අධික පිරිසක් අවතැන් වී සිටින බව පැවසේ. දකුණු දිග තායිලන්තයේ සංචාරක ප්‍රදේශ වන සාමුයී සහ පැන්ගන් යන දූපත් දෙක ගංවතුරින් යටව ඇති බව පැවසෙන අතර විදෙස් සංචාරකයින් දහස් ගණනක් ගංවතුරට කොටුවී සිටින බව වාර්තා වේ.

සංචාරක කර්මාන්තයට ගංවතුරින් දැඩි හානි සිදුවී ඇති අතර දකුණු තායිලන්තයේ කෘෂිකාර්මික භූමි ප්‍රදේශ විශාල ප්‍රමාණයක් ගංවතුරට ලක්ව විනාශ වී ඇති බව පැවසේ.Related image

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Facebook

Ad

...