Lankatruth

A+ A A-

අර්බුදය මැද මදුරෝගෙන් කම්කරුවන්ට වැඩි වැටුප්!

Image result for maduroවැඩකරන ජනතාව වෙනුවෙන් හා විශ්‍රාමික පිරිස් වෙනුවෙන් 50% කින් වැටුප් වැඩි කිරීමට වෙනිසියුලානු ජනාධිපති මදුරෝ තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උද්ධමනය ඉහළ ගොස් අර්බුද රැසකට මුහුණ දී තිබියදී මෙලෙස වැඩුප් වැඩි කිරීමට නිකෝලොස් මධුරෝ තීරණය කර තිබීම විශේෂත්වයකි. මේ පිළිබඳ අදහස් දක්වමින් වෙනිසියුලානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම තීරණයත් සමග ජනතාවගේ රැකියාවන් මෙන්ම ආදායම් ආරක්ෂාවීමද සිදු වන බවයි. 

වෙනිසියුලාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය දරුණු අතට හැරෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබියදී වෙනිසියුලානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ. වැඩිදුරටත් අදහස් දක්වමින් මදුරේ පවසා ඇත්තේ තම පාලනයට එරෙහි දියත් වී ඇති ආර්ථික යුද්ධයේදීත් කඩාකප්පල්කාරී ක්‍රියාවන් තුළ වැඩකරන ජනතාවත්, විශ්‍රාමිකයින් සහ හමුදා සාමාජිකයින්ද මෙහි ප්‍රතිලාභ ලබන බවයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Facebook

Ad

...