Lankatruth

A+ A A-

රුසියාව විවේචනය කරන ඇමෙරිකානුවන්ට ට්‍රම්ප්ගෙන් පණිවිඩයක්!

Image result for trumpඇමෙරිකා - රුසියා සබඳතාවලට විරෝධය පළකරන පිරිස් මෝඩයින් රැළක් යැයි  ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජවාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්  ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කර තිබෙන්නේ ඇමෙරිකානු ජාතික තොරතුරු අංශයේ අධ්‍යක්ෂක ජේම්ස් කලැප්පර් සහ සී. අයි. ඒ. අධ්‍යක්ෂක ජෝන් බර්නන් සමග සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරු වීම විශේෂත්වයකි.  ඇමෙරිකානු ජනාධිපතිවරණය සමයේදී එල්ල වූ සයිබර් ප්‍රහාරය රුසියානු ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත සිදු වූවක් යැයි සී.අයි.ඒ. ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙන පසුබිමක් තුළ මෙම මෙම සාකච්ඡාව පවත්වා ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ රුසියාව සමග සබඳතා තර කර ගැනීම ලෝක මට්ටමෙන් උද්ගතවී ඇති ගැටළු  සහ බාධකවලට මුහුණ දීමටත් ඊට විසඳුම් සෙවීමටත් වඩාත් ප්‍රයෝජනවත් බවයි. එසේම රුසියාව තම රට කෙරෙහි ගෞරවයක් සහිතව සැළකීමට රුකුල් දෙනු ඇතැයිද ප්‍රකාශ කර තිබේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...