Lankatruth

A+ A A-

චීන - රුසියා සබඳතා ශක්තිමත් වන බවට සහතිකයක්!

Image result for china & russiaචීනය හා රුසියාව අතර පවතින සබඳතා 2017 වසරේදී තවදුරටත් ශක්තිමත් වන බවට රුසියානු ජනාධිපතිවරයා වෙත නව අවුරුදු පණිවිඩයක් යවමින් චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

චීන ජනාධිපති ෂී ජින් පින්ග් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් වෙත යවා ඇති නව අවුරුදු සුභ පැතුමේ සඳහන් කර ඇත්තේ පසුගිය වසරේදී දෙරටටම වඩා වාසිදායක අයුරින් ජාත්‍යන්තර කටයුතුවලදී චීනය හා රුසියාව ක්‍රියාත්මක වූ බවත් එවැනි ක්‍රියාත්මක වීම් සඳහා අවශ්‍ය සහයෝගීතාවය ගොඩනගා ගැනීම සඳහා හැකිවූ බවත්ය. නව වසරේදී දෙරට අතර සබඳතා වඩාත් ඉහළ තලයකට ගෙන ඒම සඳහා තමන් සූදානම් බවද සඳහන් කර තිබේ.

 

චීන ජනාධිපතිවරයාගේ නව අවුරුදු පණිවිඩයේ සඳහන් කර ඇත්තේ චීනය තම සමුද්‍රාශ්‍රිත  අයිතීන් වෙනුවෙන් 2017 වසර තුළද තිරසාරව බැඳී සිටීමට කටයුතු කරන බවයි. චීනය සාමකාමීව තම සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සමත් වූ අතර වඩාත් සෘජුව  දකුණු මුහුදු ප්‍රශ්නයට මුහුණ දෙමින් තම ස්වාධිපත්‍ය රැකගැනීමට සමත් වූ බවද පවසා තිබේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Facebook

Ad

...