Lankatruth

A+ A A-

ඉරානයට එරෙහි පියවරක් ගැනීම ඊශ්‍රයලයේ අවසානය විය හැකියි

Related imageමැදපෙරදිග අස්ථාවර කිරීමට ඇමෙරිකාව මැදිහත් වී නැවතත් උත්සාහ ගනු ලැබුවහොත් එහි ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායලය විනාශ වනු ඇතැයි ඉරාන ආරක්ෂක ඇමතිවරයා  ප්‍රකාශ කර තිබෙන ප්‍රකාශයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරාන න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යුරෝපා රටවල් හා ඉරානය අතර ඇති කරගෙන තිබෙන ගිවිසුමේ පැවැත්ම සම්බන්ධයෙන් මතුව තිබෙන අර්බුදයත් සමග ඉරාන ආරක්ෂක ඇමතිවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත.

ඇමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක රැලිවලදී ප්‍රකාශ කර තිබුණේ ඉරාන න්‍යෂ්ටික ගිවිසුම වඩාත් විනාශකාරී ගිවිසුමක් බවත් තමන් බලයට පත්වූ වහාම එම ගිවිසුම ඉරා දැමීමට කටයුතු කරන බවත්ය. ඉරානය සිය න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වර්ධනය කිරීමත් සමග ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඉරානයට එරෙහිව සම්බාධක පැනවූ අතර දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ඉරාන න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කරනු ලැබූ අතර පසුව ඉරානයට එරෙහි ඇමෙරිකානු සම්බාධක වැඩිප්‍රමාණයක් ඉවත් කරගනු ලැබීය.

ඉරාන ආරක්ෂක ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඉරාන යුද හා ද්‍රව්‍යමය හැකියාවන් සම්බන්ධයෙන් වැරදි තක්සේරුවන්  සිදුකරමින් ඉරානයට එරෙහිව පියවර ගැනීමට සූදානම් වුවහොත් එය සියෝන් වාදයේ විනාශය පමණක් නොව ලෝක යුද්ධයක ආරම්භයක්ද විය හැකි බවයි. 

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...