Lankatruth

A+ A A-

විදෙස් පුවත්

වත්කම් උපයා ගත් ආකාරය නිසි ලෙස අනාවරණය කිරීමට නොහැකි වීමේ චෝදනා සහ වංචා දූෂණ එල්ලවී තිබූ හිටපු තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ඇතුළු සිව් දෙනෙකුට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (14) වසර 4කට සිරදඬුවම් නියම කර තිබේ.

ජයලලිතා ජයරාම් මෙනවිය මේ වනවිට ජීවතුන් අතර නොමැති හෙයින් සෙසු විත්තිකරුවන් වන ශශිකලා නඩරාජන්, සුදාහරන් හා ඉරවරසි යන තිදෙනාට සති 4ක් ඇතුළත අධිකරණයට භාර වන ලෙස නියෝග කර ඇත. 

ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් පසු AIADMK පක්ෂයේ නායකත්වයට පත් වු ශශිකලා නඩරාජන්ට තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යධූරය හිමිවීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් අද දිනයේ ප්‍රකාශයට පත් මෙම නඩු තීන්දුව සමඟින් තමිල්නාඩුවේ දේශපාලනය තීරණාත්මක වෙනසක් අත් කර ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Image result for Sasikala holds meeting with AIADMK

Read more...

ආන්දෝලනාත්මක සිදු වීමක් වූ එක් චීනයක් යන ප්‍රතිපත්තිය මත තවදුරටත් තමන් කටයුතු කිරීමට සූදානම් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

තායිවාන ජනාධිපතිනය හමුවීමෙන් අනතුරව තායිවානය සමග වෙනම ගනුදෙනු කිරීමට ඇමෙරිකාව සූදානම් බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් චීනය සිය ස්ථාවරය දැඩිව ප්‍රකාශ කර සිටී අතර එම තත්වයත්  සමග ඇමෙරිකානු - චීන සබඳතාවයන්ගේ බිඳවැටීමේ අවධානමක්ද මතු විය.

මේ තත්වය හමුවේ ඇමෙරිකානු ජනාධිපතිවරයාට සිය ස්ථාවරය වෙනස් කිරීමට සිදුවූ අතර පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග් සමග සිදු කළ දුරකතන සංවාදයකදී ප්‍රකාශ කර ඇත්තේ එක් චීනයක්යන ප්‍රතිපත්තියට තමන් ගෞරවය පළ කරන බවයි.Image result for china & usa

Read more...

Image result for බෙන් අලීටියුනීසියාවේ හිටපු ඒකාධිපති පාලක බෙන් අලීට වසර 10 ක සිරදඬුවම් ලබා දීමට එරට අධිකරණයක් ඊයේ (10) තීන්දු කර තිබේ.

දශක කිහිපයක් තිස්සේ ටියුනීසියාව පාලනය කරනු ලැබූ බෙන් අලී එරට පාලනය කරනු ලැබුවේ සිය පවුලේ සාමාජිකයින්ගේ මූලිකත්වයෙනි. ආණ්ඩුවේ ප්‍රබල තනතුරු මෙන්ම එරට ප්‍රධාන ආයතන හසුරවනු ලැබුවේ පවුලේ සාමාජිකයින් විසිනි.

ඒකාධිපති පාලනයට එරෙහිව එල්ල වූ ජනතා විරෝධය හමුවේ බෙන් අලී ප්‍රමුඛ පවුලේ සාමාජිකයින් සෞදි අරාබියට පළා ගිය අතර බෙන් අලී නොමැතිව මෙම නඩු විභාගය පවත්වනු ලැබිණි. මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් බෙන් අලීට හා ඔහුගේ බිරිඳට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී වරදකරුවන් වීම හේතුවෙන් මෙලෙස දස වසරක සිරදඬුවම් නියම කර තිබේ.

Read more...

Image result for වායූ දූෂණයදශක ගණනාවක් තුළ ළමුන් සියගණනක්  පරීක්ෂාවකින් අනතුරුව වායු දූෂණය හේතුවෙන් ළමුන්ට දියවැඩියාව වැළදෙන බව සොයාගෙන තිබේ.

දියවැඩියාව වැළඳුනු ළමුන් අතරින් වැඩි පිරිසකට දෙවැනි ඝනයේ දියවැඩියාව වැළඳී ඇති අතර ඊට බලපා ඇත්තේ වායු දූෂණයට නිරාවරණය වීම බවත් ඊට දූෂිත වායූවේ ඇති නයිට්‍රජන් ඩයොක්සයිඩ්, මෝටර් රථ හා විදුලි ජනක යන්ත්‍ර මගින් නිකුත් වෙන ශරීරයට අහිතකර අංශු මෙම තත්වයට සෘජුව බලපා ඇති බව දකුණු කැලිෆෝනියානු සරසවිය ප්‍රකාශයට පත් කර ඇත.

දූෂිත වායු කොටස්වලට අධිකව නිරාවරණය වීම තුළ ඇලදිව ග්‍රන්ථයේ පිහිටි ඉන්සියුලින් නිපදවෙන බීටා සෛල අක්‍රීය වීම සිදු වීමෙන් දෙවැනි ඝනයේ දියවැඩියා රෝගී තත්වය ඇති වන බව සිදු කළ පරීක්ෂණවලදී  තහවුරු කර ගැනීමට තමන් සමත්වූ බව කැලිෆෝනියා සරසවියේ පරිසර සංරක්ෂණ ඒජන්සියය පවසා තිබේ.

Read more...

Image result for තමිල්නාඩුවතමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මියගේ මරණයෙන් හිස්වූ මහ ඇමති ධූරයට මීළඟ අනුප්‍රාප්තිකයා පත් කිරීම සම්බන්ධයෙන් තමිල්නාඩුව තුළ දැඩි කැළඹීම් තත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

පසුගියාදා වැඩබලන මහ ඇමති ඕ.පන්නීර්සෙල්වම් ඉවත් වූයේ ඒ වෙනුවට ජයලලිතා ජයරාම් මහත්මියගේ යෙහෙළිය වූ සසිකලා නටරාජන් පත් කිරීමට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සූදානම් වීමත් සමගය. එහෙත් එම පත් කිරීමට එරෙහෙව මේ වනවිට අධිකරණය හමුවේ වාරණ නියෝගයක් ඉල්ලා ඇත්තේ ජයලලිතා ජයරාම්ට එරෙහි දූෂණ චෝදනා නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමට ආසන්නව ඇති බැවිණි. එම නඩුවේ විත්තිකරුවකු ලෙස ජයලලිතාගේ යෙහෙළිය වන සසිකලාද  සිටී.

මේ අතර තමාට තාවකාලික මහ ඇමතිධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූයේ ජයලලිතාගේ යෙහෙළිය වන සසිකලා නටරාජන්ගේ බලපෑම නිසා බවත් ජයලලිතා මහත්මියගේ ප්‍රාර්ථනාව වූයේ තමන් මහ ඇමතිවරයා ලෙස කටයුතු කිරීම බවත් ඕ. පන්නීර්සෙල්වම් ප්‍රකාශ කර තිබේ.

Read more...

බලහත්කාරයෙන් අත්පත් කර ගනු ලැබූ පලස්තීන භූමිය තුළ ඊශ්‍රායලය විසින් ඉදිකරනු ලැබූ නිවාස සංකීර්ණ නීත්‍යානුකූල කිරීමේ පනතක් පසුගියදා එරට පාර්ලිමේන්තුව තුළින් අනුමත කර ගෙන තිබේ.

ඊශ්‍රායලය සිදු කරන මෙම බලහත්කාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් විදෙස් නායකයින් රැසක් සිය විරෝධය පළකර ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාද පසුගියදා මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය වෙත  දැඩිලෙස විරෝධය පළකර තිබේ.

සම්මත කර ගෙන ඇති පනතට පක්ෂව ඡන්ද 60ක් ලැබෙන විට විරුද්ධව ඡන්ද 52ක් ලැබී තිබේ. එම පනතින් දක්වා ඇති එක් කරුණක් වන්නේ බලහත්කාරයෙන් අත්පත් කර ගැනුණු පලස්තීනුවන්ගේ ඉඩම් වෙනුවෙන් ඔවුන්ට වන්දියක් හෝ වෙනත් ඉඩම් ලබා දීමට කටයුතු කරන බවයි. එහෙත් පසුගිය කාලය පුරාවට ඊශ්‍රායලය සිදුකළ ක්‍රියාමාර්ගයන් දෙස හැරී බලද්දී මෙම වගන්තිය යථාර්තයක් නොවන බවයි.

ජාත්‍යන්තරයෙන් බලවත් විරෝධයක් එල්ල වෙමින් තිබියදී ඇමෙරිකානු ආරක්ෂාව හා අනුබලය සහිතව ඊශ්‍රායලය මෙලෙස හිතුවක්කාරී ලෙස හැසිරෙන අතර හිටපු ජනාධිපති බැරැක් ඔබාමාට වඩා වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ හිතුවක්කාරී ක්‍රියාමාර්ග හමුවේ නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවට චෝදනා එල්ල වෙමින් තිබේ. 

මේ වනවිට මිලියන ගණනක පලස්තීනුවන් සිය උපන් බිම තුළ සරණාගතයින් බවට පත්ව ඉතාමත් දුක්ඛිත ජීවිතයක් ජීවිතයක් ගතකරමින් සිටින අතර ඔවුන්ට අවශ්‍ය සහන සේවා කටයුතු සිදුකිරීමට ඊශ්‍රායලය බාධා කරමින් සිටී.Image result for පලස්තීනයImage result for පලස්තීනය

Read more...

යුරෝපා සංගමයෙන් වෙන් වීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතරයක් එම යෝජනාවට අනුමැතිය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අඟහරුවාදා දින මධ්‍යම රාත්‍රී වන තෙක් විවාද කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යුරෝපා සංගමයෙන් වෙන්වී යෑමේ බලය අගමැති තෙරේසා මේ හට පැවරීමේ පනත බලාත්මක කිරීමට ඡන්දය ප්‍රකාශ කර තිබේ. එහිදී පහළ මන්ත්‍රී මණ්ඩලයේ තුන්සීයය ඉක්මවූ වැඩි ඡන්ද සංඛ්‍යාවකින් එම යෝජනාව සම්මත වී තිබේ.

මෙම දෙවැදෑරුම් පනත පහළ මන්ත්‍රීමණ්ලය තුළ සම්මත වූවත් ඊට සාමී මන්ත්‍රී මණ්ලයේ අනුමැතිය හිමි වීම ප්‍රමාද වනු ඇති බව වාර්තා වේ. සාමි මන්ත්‍රී මණ්ලය තුළ අගමැති තෙරේසා මේ ගේ කොන්සවේටිව් පක්ෂයට අවම බලයක් සහිත වීම එයට බලපානු ඇති බවට පැවසේ.Related image

Read more...

එළඹෙන 2018 වසරේ සිට ඕස්ට්‍රියාවේ අධිකරණ පරිශ්‍ර, පාසල් සහ පොදු ස්ථාන වල සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන සේ බුර්කාව හැඳීම තහනම් කිරීමට ඕස්ට්‍රියාවේ පාලක සන්ධානය තීරණය කොට තිබේ.

සති දෙකක පමණ කාලයක් මේ පිළිබඳව එරට පාර්ලිමේන්තුව තුළ විවාදයක් පවත්වා ඇති අතර ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණය මේ මගින් තහනම් කිරීමට සූදානම් වේ. ඒ අනුව මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාව, නිකැබ් ඇතුළු මුහුණු ආවරණය කරන අනෙකුත් සියලුම ආවරණ මේ අනුව තහනමට ලක්කිරීමට නියමිතය.

මේ පිළිබඳව වන කෙටුම්පත ඉදිරි දිනවලදී පාර්ලිමේන්තුවේ අනුමැතියට ලක් කිරීමට නියමිත අතර ඕස්ට්‍රියාවේ මෙම සූදානමට එරෙහිව එරට වෙසෙන මුස්ලිම් ජනතාව සිය විරෝධය පළකරමින් සිටින බව වාර්තා වේ.

අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයන්ට යුරෝපා රටවල් ගොදුරු වීමත් සමග යුරෝපා රටවල් මේ වනවිට ප්‍රසිද්ධ ස්ථානවල බුර්කාව තහනම් කිරීමට ලක් කර තිබේ. ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් එරට පාසල්, අධිකරණ, රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු තුළ බුර්කාව තහනම් කරනු ලැබූ අතර ප්‍රංශය තුළද බුර්කාවට එරෙහිව විරෝධතා ඇරඹී තිබේ.

Read more...

ඊශ්‍රායලය විසින් බටහිර ඉවුරේ ජනාවාස ඉදිකිරීමට ගෙන ඇති තීරණය තම සංවිධානය බලවත් විරුද්ධත්වය ප්‍රකාශ කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.

ඊශ්‍රායලය විසින් පලස්තීන භූමිය ආක්‍රමණය කරමින් බලහත්කාරී ලෙස මෙලෙස ජනාවාස ඉදිකරමින් සිටින අතර රාජ්‍ය දෙකක් අතර සාමය ගොඩනැගීමට ඒකපාර්ශවීය තීරණ බාධාවක් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විරෝධය පළ කරමින්, එම සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස්ගේ ප්‍රකාශක  ස්ටෙෆාන් ඩුජාරික් ප්‍රකාශ කර තිබේ.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර සාම ක්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවර ආරම්භ කිරීමට නියමිත සාම සමුළුව වර්ජන කිරීමට ඊශ්‍රායලය කටයුතු කර ඇති අතර පලස්තීන හා ඊශ්‍රායල නියෝජිතයින්ට අමතරව මෙම සමුළුවට රටවල් හා ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් 70කට වැඩි පිරිසක් සහභාගී නියමිතය.

වැඩිදුරටත් අදහස් දක්වමින් එ.ජා. මහලේකම්වරයාගේ නියෝජිතයා පවසා ඇත්තේ

රාජ්‍ය දෙකක විසඳුමකට බී සැලැස්මක් මහලේකම් ළඟ නැහැ. ඒකපාර්ශවීක තීරණ රාජ්‍ය දෙකක අරමුණ කරා යන්න බාධාවක්. මහලේකම්වරයා මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් සිටිනවා

පාර්ශව දෙකම අවංකව සාකච්ඡාවල නිරත වීමේ අවශ්‍යතාවක් තිබෙනවා. රාජ්‍ය දෙකක ඉලක්කය වෙත ගමන් කිරීමට එය අත්‍යාවශයයි. ඊශ්‍රායලත් පලස්තීනයත් රාජ්‍ය දෙකක්. ජනතාව සඳහා රාජ්‍ය දෙකක්

1967 දී ඊශ්‍රායලය බටහිර ඉවුරත් නැගෙනහිර ජෙරුසලමත් අත්පත් කරගැනීමෙන් පසු මේ දක්වා කාලයේදී බලහත්කාරී ලෙස ජනාවාස 140කට වැඩි ප්‍රමාණයක් ඉදි කර ඇති අතර 500,000ක් පමණ දෙනා එහි ජීවත් වෙති. මේ වනවිට පලස්තීන ජනතාව සිය භූමිය තුළ සරණාගතයින්ගේ තත්වයකට පත්ව සිටින අතර ඊශ්‍රායලයේ මෙම හිතුවක්කාරී ක්‍රියාමාර්ග අනුමත කරමින් ඊට ඇමෙරිකාව සහයෝගය දක්වමින් සිටී.

පලස්තීන භූමිය ආක්‍රමණය කරමින් ඊශ්‍රායලය මෙලෙස ඉදිකරන ලද ජනාවාස ජාත්‍යන්තර නීතිය යටතේ  නීති විරෝධී යැයි සැලකුණද ඊශ්‍රායලය එය නොපිළිගනිමින් කටයුතු කරමින් සිටී.

 

Read more...

එළඹෙන බ්‍රහස්පතින්දා මෙක්සිකානු ජනාධිපති හා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සූදානම් කර තිබූ සාකච්ඡාවට තමන් සහභාගී නොවන බව මෙක්සිකානු ජනාධිපති එන්රිකේ පීනා නියේටෝ ප්‍රකාශ කර තිබේ.

මෙක්සිකානු හා ඇමෙරිකානු දේශසීමා හරහා තාප්පයක් ඉදිකර දෙරට වෙන් කරන බවට ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානුවන් හමුවේ පොරොන්දු වූ අතර එය ඉදිකිරීමේ ඇමෙරිකානු සූදානමට විරෝධය පළකරමින් සාකච්ඡාවට සහභාගී නොවීමට මෙක්සිකානු ජනාධිපතිවරයා තීරණය කර තිබේ. 

මේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන්ගේ යෝජනාවට මෙක්සිකානු ජනාධිපතිවරයා සහයෝගය පළ නොකරන්නේ නම් එම හමුව නිශ්ඵල එකක් වන බවයි. මෙක්සිකානු ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කර සිටියේ යෝජිත තාප්පය ඉදි කිරීම සඳහා කිසිදු ආකාරයක සහයෝගයක් තමන් ලබා නොදෙන බවයි.

Image result for donald trump mexico

Read more...

Advertisement

Image may contain: text

Facebook

Ad

...