උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරය පිළිබඳව හිටපු ඇමති එස්.එම් චන්ද්‍රෙස්න මහතා නැවතත් අදහස් දක්වා ඇත.
ඒ මහතා පවසා ඇත්තේ, තම සොහොයුරා වන එස්.එම්. රංජිත් මහතාට 24 වැනි දින මහ ඇමති ධූරයේ දිවුරුම්දීමට සුදානම් වන ලෙස ජනාධිපතිතුමා හා පක්ෂය දැනුම් දී ඇති බවයි.
එම කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ දැනුම්දීම හැර වෙනත් සහතිකයක් අවශ්‍ය නොවන බව ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.