බෙලිඅත්ත ප්‍රදේශයේ පාසල් භූමියකදී සිදුවූ පිහි ඇණුමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ. ඊයේ රාත්‍රී 09.30 ට පමණ එම ඝාතනය සිදුව තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අදාළ පාසලේ ගොඩනැගිල්ලක් ඉදිරිකිරීම භාරව සිටි මාතර පොල්හේන ප්‍රදේශයේ පදංචි පෙදරේරුවෙකි.
බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරයි.
ඝාතනය සිදු කළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා බෙලිඅත්ත පොලීසිය පරීක්ෂණ පවත්වයි.