ජල බිල් ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසි.
එහි සභාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසා ඇත්තේ, ඔක්තෝම්බර් මස 01 වන දින සිට ජල බිල්පත් ගාස්තු 5% සිට 20% දක්වා වැඩිකිරීමට තීරණය කර ඇති බවයි.
මෙම වැඩිකිරීම් අනුව ගෘහස්ත ජල පරිභෝජන බිල්පත් ගාස්තු ඒකක 0- 05 දක්වා රු.12කින්ද, 06-10 දක්වා රු.16කින්ද, 11-15 දක්වා රු.20කින්ද, 15-20 දක්වා රු.40කින්ද, 21-25 දක්වා රු.58කින්ද ඉහළ යනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
මීට අමතරව ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා ජල සැපයුම් ගාස්තුව 15% කින්ද, කුඩා පරිමාණ කර්මාන්ත සදහා ජල සැපයුම් ගාස්තුව 5% කින්ද, නැව් සඳහා සපයන ජලය සඳහා අය කරන ගාස්තුව 20% කින් ඉහළ දැමීමටද තීරණය කර තිබේ.
නමුත් ආගමික ස්ථානවලට සපයන ජල සැපයුම සඳහා අය කරන ගාස්තුව ඉහළ දමා නොමැති බව සඳහන් වේ.