වහාම ක‍්‍රියාත්මක වන පරිදි පොලීසියේ උසස් නිලධාරීන් 33 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි වාර්තා වේ.
පොලිස්පතිවරයා විසින් මෙසේ මාරුකර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4ක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 7ක්, පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරිවරු 6ක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 2ක්, පොලිස් පරීක්ෂකවරුන් 11 ක් හා උපපොලිස් පරීක්ෂකවරුන් 2 ක් බවද සඳහන් වේ.
එම මාරුවීම් සිදුකර ඇති ආකරය මෙසේය.
(01) නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක මහතා - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිට අපරාධ දිසාව.
(02) නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්.ආර්.බී සෙනෙවිරත්න මහතා - ති‍්‍රකුණාමලය සිට අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව.
(03) නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතා - අපරාධ දිසාව සිට ත‍්‍රිකුණාමලය.
(04) නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා - මොණරාගල සිට බදුල්ල හා මොරණරාගල දිස්ත‍්‍රික්ක සඳහා.
(05) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා - අධ්‍යක්‍ෂ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිට කැළණිය කොට්ඨාසය.
(06) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී ගජසිංහ - නියෝජ්‍ය අධ්‍යක්‍ෂ / පරිපාලන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිට අධ්‍යක්‍ෂ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව.
(07) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී.කේ.ඒ.එච්.ජී. මතුරට - කැලණිය කොට්ඨාසය සිට කොළඹ දකුණ කොට්ඨාසය.
(08) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.පී.එස්.එම්. ධර්මරත්න - කොළඹ දකුණ කොට්ඨාසය සිට අධ්‍යක්‍ෂ ශ‍්‍රී ලංකා පොලිස් විද්‍යාලය කළුතර.
(09) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.සී. නානයක්කාර - අධ්‍යක්‍ෂ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිට විශේෂ කාර්ය බලකාය.
(10) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නාලක ද සිල්වා - රාජ්‍ය බුද්ධි ඒකකය සිට අධ්‍යක්‍ෂ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය.
(11) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත වික‍්‍රමසිංහ - අධ්‍යක්‍ෂ පොලිස්පති ගබඩාව සිට අධ්‍යක්‍ෂ අපරාධ කොට්ඨාසය.
(12) පොලිස් අධිකාරි ඩබ්.එල්.එස්. සෝමවීර - වැඩබලන අධ්‍යක්‍ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සිට එහි අධ්‍යක්‍ෂක ලෙස.
(13) සහකාර පොලිස් අධිකාරි සී.ඩබ්. රාජපක්ෂ - නුවරඑළිය කොට්ඨාසය සිට මහනුවර කොට්ඨාසය.
(14) සහකාර පොලිස් අධිකාරි ජී. විමලදාස - ගම්පොළ කොට්ඨාසය සිට නුවරඑළිය කොට්ඨාසය.
(15) සහකාර පොලිස් අධිකාරි එල්.ජී.එන්. ධර්මප‍්‍රිය - ගම්පොළ කොට්ඨාසයේ අපරාධ සහ නඩු මෙහෙයවීම සිට ගම්පොළ සහකාර පොලිස් අධිකාරි II ලෙස.
(16) සහකාර පොලිස් අධිකාරි දීප්ති දිසානායක - සැපයුම් කොට්ඨාසය සිට පොලිස්පති ගබඩාව.
(17) සහකාර පොලිස් අධිකාරි ඩබ්.කේ.ජේ.ආර් ඩයස් - පොලිස් ප‍්‍රවාහන කොට්ඨාසය සිට පොළොන්නරුව කොට්ඨාසය.
(18) සහකාර පොලිස් අධිකාරි එම්.ආර්.පී. සරත් පේ‍්‍රමා - පොළොන්නරුව කොට්ඨාසය සිට පොලිස් ප‍්‍රවාහන කොට්ඨාසය.
(19) ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ප‍්‍රදීප් කුමාර - වැල්ලවාය සිට ස්ථානාධිපති තලවකැලේ.
(20) ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වීරසිංහ - ස්ථානාධිති පුනරීන් සිට මුලස්ථාන පොලිස් පරික්ෂක කයිට්ස්.
(21) පොලිස් පරික්ෂක ජී.එච්.පී.ජී. ප‍්‍රසන්න - මුලස්ථාන පොලිස් පරික්ෂක කයිට්ස් සිට ස්ථානාධිපති මීගහතැන්න.
(22) පොලිස් පරික්ෂක ආර්.ඩබ්.එච්. රාජපක්ෂ - ස්ථානාධිපති මීගහතැන්න සිට ස්ථානාධිපති බුත්තල.
(23) පොලිස් පරික්ෂක ටී.එම්.යු. බණ්ඩාර - ස්ථානාධිපති බදුල්ල සිට ස්ථානාධිපති තිරුක්කෝවිල්.
(24) පොලිස් පරික්ෂක එච්.එම්.ඩී. සුමිත් ගාමිණි - නුවරඑළිය කොට්ඨාසය සිට කැළණිය කොට්ඨාසය.
(25) පොලිස් පරික්ෂක එච්.එච්. හැරිසන් - ප‍්‍රවාහන කොට්ඨාසය සිට ස්ථානාධිපති බොරලැස්ගමුව.
(26) පොලිස් පරික්ෂක ජී.අයි.කේ. ඇපලකොටුව - ස්ථානාධිපති බොරලැස්ගමුව සිට පොලිස් ප‍්‍රවාහන කොට්ඨාසය
(27) පොලිස් පරික්ෂක ආර්. ආරියරත්න - වැඩබලන ස්ථානාධිපති බක්කිඇල්ල සිට ස්ථානාධිපති බක්කිඇල්ල.
(28) උප පොලිස් පරික්ෂක එල්.එච්.එම්. සිරිපාල - පනාමුර සිට හබරාදූව පොලිස් ස්ථානය.
(29) පොලිස් පරික්ෂක අමරවංශ - කරන්දෙණිය සිට ස්ථානාධිපති පනාමුර.
(30) පොලිස් පරික්ෂක එස්.ඒ.එන්.එම්. ද සිල්වා - ස්ථානාධිපති යටියන්තොට සිට ස්ථානාධිපති එප්පාවල.
(31) පොලිස් පරික්ෂක එම්.ඩබ්.ඩබ්. කුමාරසිරි - එප්පාවල සිට පුත්තලම කොට්ඨාසය.
(32) උප පොලිස් පරික්ෂක අබේවික‍්‍රම - කොලොන්න සිට හිනිදුම.
(33) පොලිස් පරීක්ෂක ටී.එන්. ද සිල්වා - ඉංගිරිය සිට ස්ථානාධිපති කොලොන්න.