දඹුල්ල සහ සීගිරිය රජයේ ලොකු ලූනු මිලදී ගැනීමේ මධ්‍යස්ථානවල දිනකට මිලදී ගන්නා ලොකු ලූනු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 15,000කට සීමා කිරීම හේතුවෙන් ගොවීන්ට තම අස්වැන්න විකුනා ගැනීමට නොහැකිව දැඩි අර්බුදයකට පත්ව ඇතැයි වාර්තාවේ.
තම නිශ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව දින ගණනාවක් තිස්සේ තමන් මධ්‍යස්ථානවල රැදී සිටින බව ගොවීහු පවසති.
කෘෂිකර්ම පර්යේෂණ නිලධාරින්ගේ නිර්දේශය මත මිළදී ගනීමේ මධ්‍යස්ථානවලට රැගෙන ලොකු ලූනු කිලෝ ග්‍රෑම් 2,000ක් එක් ගොවියකුගෙන් කිලෝවක් රුපියල් 55 බැගින් ‘ලක් සතොස’ මඟින් මිලදී ගැනීම සිදුකරණු ලැබීය. එහි සිදුවූ අක්‍රමිකතා නිසා පසුව මෙහි අධීක්ෂණ කටයුතු දිස්ත්‍රික් ලේකම් වරිය යටතට පවරා ගැණින. ඒ සඳහා මාතලේ දිසා ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මිය විසින් අධිකරණ නිලධාරියෙකුද පත් කර සිටී.
කෙසේ වෙතත් එක් මධ්‍යස්ථානයකින් මිලදී ගන්නා ලූනු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 15,000කට සීමාකිරීමට සිදුව ඇත්තේ ගබඩා පහසුකම්, ප්‍රවාහන පහසුකම් මෙන්ම මුල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් අයුරින් නොමැති වීම බව එම මධ්‍යස්ථාන නිලධාරින් පවසන බව ගොවීහු කියති.
ආශ්‍රිත පුවත්
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details