මෙම වසරේ ගෙවී ගිය මුල් මාස හත තුළ ශ්‍රි ලංකාව ලබාගෙන ඇති මුළු විදේශ ණය ප්‍රමාණය රුපියල් මිලියන 423,405 ක් බව මහ බැංකුව වාර්තා කර ඇත.
මෙරට බැංකු විසින් ඩොලර් මිලියන 927.5ක්ද, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විදේශයන්ට නිකුත් කිරීමෙන් ඩොලර් මිලියන 842ක්ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමීපස්ථ අවසන් ණය වාරිකය වූ ඩො.මි. 414ක්ද සහ ස්වෛරිත්වය බැඳුම්කරවලින් ඩොලර් මිලියන 1000ක් යන මූලාශ්‍ර යටතේ මෙම ණය ලබාගෙන ඇත.
මේ අනුව පසුගිය මාස හත තුළ ශ්‍රී ලංකාව විදේශයන්ගෙන් ලබාගත් ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් 21,170කින් ඉහළ ගොස් තිබේ.
පසුගිය 2011 වසර අවසන් වනවිට එක් ශ්‍රී ලාංකිකයෙකුගේ විදේශ ණය බර රුපියල් 116,464ක් වී තිබිණ. නමුත් මේ වනවිට එය 137,634 දක්වා වැඩි වී තිබේ.
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details