කුඹුරුවලට වැව් පතුලේ ඇති ජලය ලබාගැනීමට උත්සාහ ගත් ගොවීන් පිරිසකට පොලිස් විශේෂකාර්ය බලකාය විසින් ප්‍රහාරයක් එල්ලකර ඇතැයි වාර්තා වේ.
උඩවලව හා කිරිඉබ්බන්ආර අතර තම කුඹුරුවලට කටුපිල වැවේ පතුලේ ඇති ජලය ගැනීමට ගත් උත්සාහයේදී පොලිස් විශේෂකාර්ය බලකායේ පහරදිමෙන් ගොවීන් කීප දෙනෙකු තුවාල ලබා ඇති බව කොවුල්ආර සහ දළුක්පිටිය ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.
මෙම පහරදීමට පොලිස් විශේෂකාර්ය බලකාය සමග මහවැලි නියෝජිතයන්ද පැමිණි බව වැඩිදුරටත් වාර්තා වේ.