දිවයිනේ සියලුම ප්‍රාථමික පාසල්වල "පෝෂිත සංවර්ධන වැඩසටහන්" ක්‍රියාත්මක කිරීමේ වගකීම ආර්ථක සංවර්ධන අමාත්‍යංශය යටතට පවරාගෙන ඇතැයි වාර්තා වේ.
පසුගිය 18 වන දා මුදල් අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ දී බැසිල් රාජපක්ෂ සහ බන්දුල ගුණවර්ධන යන ඇමැතිවරුන් සහභාගි වූ දිසාපතිවරුන්ගේ රැස්වීමකදී මෙම තීරණය පිළිබඳ පවසා ඇත. මේ අනුව මෙතෙක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවැති වගකීම්වලින් කොටසක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතට පත්වේ.
කෙසේ වෙතත් විචාරකයින් පවසන්නේ රටේ ආයතන විවිධ හේතු දක්වමින් රාජපක්ෂකරණය කිරීමේ තවත් එක් දිගුවක් ලෙස මෙය හැඳින්විය හැකි බවත්ය.