දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සිදුවී ඇති මහා පරිමාණ වංචා දූෂණ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය හෙට (27) දිනයේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් බව එම සංගමයේ ලේකම් සුමතිපාල මානවඩු පවසයි.
දුම්රියයන් සඳහා පුද්ගලික අංශයට මැදිරි එක්කිරීමට ඉඩකඩ දීම,දුර ගමන් සේවා දුම්රිය ආසන වෙන්කිරීම පුද්ගලික ආයතනවලට ලබාදීම,දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉවතලන යකඩ විධිමත් ක්‍රමයකින් තොරව පුද්ගලික අංශයට ලබාදීම යන කරුණු පදනම් කරගනිමින් මෙම පැමිණිල්ල ගොණු කර ඇත.