ඉන්දීය කණ්ඩායම හා ලංකා කණ්ඩායම අතර ඊයේ (24) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 9 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 33යි පන්දු 3කදි සියලු දෙනා දැවි ලකුණු 138ක් ලබාගෙන ඇති අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 යි එක් පන්දුවකදි ජයග්‍රහණය වාර්තා කර ඇත.
තිසර පෙරේරා හා ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 3 බැගින් ලබාගෙන ඇති අතර ඉන්දීය පිතිකරුවන් 7 දෙනෙකුටම ලකුණු 10 සීමාව හෝ ඉක්මවා යාමට නොහැකි තිබේ.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපුල් තරංග නොදැවි ලකුණු 59ක් ලබාගත් අතර තිලකරත්න දිල්ෂාන් ලකුණු 50 ක් ලබාගෙන ඇත.
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details