පසුගිය ජූනි මාසයේදී උද්ධමනය 9.3%කින් ඉහළ ගොස් ඇති බව කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙන් හෙළිව තිවේ.
ජූලි මස 11 වෙනි දින ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ පුවත්පත් නිවේදනයක මේ බව සඳහන්වේ. මෙසේ ඉහළ උද්ධමනයක් පැවතීමට හේතු එම නිවේදනයෙන් දක්වා ඇත. "පවත්නා නියඟ තත්වය දේශීය නැවුම් ආහාර මිලගණන් කෙරෙහි අහිත කර ලෙස බලපෑම" යනුවෙන් ප්‍රධාන හේතුවක් එම නිවේදනයේ දක්වා ඇත.
නමුත් මෙය මහජනතාව නොමග යවන හේතු දැක්වීමකි. පසුගිය වසරේ මැද භාගයේදී කොලඹ පාරිබෝගික මිල දර්ෂකය ගණනය කරන භාන්ඩ ලයිස්තුවෙන් "නැවුම් ආහාර" ඉවත්කරන ලදී. ඒ සමගම ඉවත්කළ සියළුම අයිතමයන් මෙසේය. නැවුම් ආහාර, සහල්, පොල්, ප්‍රවාහන වියදම්, ඉන්ධන වියදම් මෙසේ ඉවත්කරන ලදී.
මෙසේ තිබියදී උද්ධමණයට හේතු දක්වමින් මහබැංකුව ප්‍රකාශකර ඇත්තේ දේශීය නැවුම් ආහාර මිල ගණන් නියඟය නිසා වැඩිවී ඇති බවය.


කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details