ජනසභා ලේකම්වරු බදවා ගැනීම දෙවැනි වතාවටත් කල් දමයි පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
දේශීය
2010 ජූලි 30 වෙනි සිකුරාදා, 08:46

graduation_1.jpgලබන සතියේදී පවත්වන බව පැවසූ ජන සභා ලේකම්වරුන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ දෙවැනි වතාවටත් කල් දමා තිබේ. ඒ අනුව අදාළ අයෑදුම්කරුවන්ට තැපැල් කිරීමට සූදානම් කර තිබු සම්මුඛ පරීක්ෂණයට කැඳවීමේ ලිපි තැපැල් කිරිම ද නවත්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
 
ආරංචි මාර්ගවලට අනුව ඊයේ මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. ජන සභා ලේකම්වරුන් බඳවා ගැනීමට අදාළව නව පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට සැලසුම් කර ඇති බවත් එම පනත සම්මත වන තුරු සම්මුඛ පරීක්ෂණ නොපැවැත්වීමටත් එහිදී තීරණය කර ඇත.
 
ජන සභා ලේකම්වරුන් ලෙස උපාධිධාරීන් බඳවා ගන්නා බව පවසමින් ආණ්ඩුව පසුගිය මැතිවරණවලදී සිය ප‍්‍රචාරක වැඩසටහන් සඳහා උපාධිධාරීන් යොදා ගත්තේය. එහිදී ඔවුන්ට මෙවර අය වැය මගින් රැකියා ලබා දෙන බව පැවසුවද පසුගියදා සම්මත කෙරුණු අය වැයේ ඒ සඳහා මුදල් වෙන් වූයේ නැත.
 
ජනසභා ලේකම්වරුන් ලෙස පත් වීමේ බලාපොරොත්තුවෙන් සිටි උපාධිධාරීන් පෙන්වා දෙන්නේ, අය වැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙමින් තිබූ විරෝධය තාවකාලිකව යටපත් කර ගැනීම සඳහා මේ ආකාරයට සම්මුඛ පරීක්ෂණ සදහා කැදවන බවට ඉගි ලබා දුන් බවයි. එසේ නැතිව එවැනි සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට හෝ බඳවා ගැනීම් සිදු කිරීමට ආණ්ඩුවට කිසිදු සැලසුමක් නොතිබූ බවට ඔවුන් චෝදනා කරයි.

Comments (3)

Subscribe to this comment's feed
...
Ranjith siyabalapitiyage baila
ashrof , ජූලි 30, 2010
...
rate wasanawata apata laebunu MAHA RAJA thawa kalayak wiraja maana kara gannawata wada... apita aathal 1k nae umbalage prashna wenuwen hithanna.
Balapan eelanga chande eanakota apitath umbalatath oawa mathaka naethi wena haeti. eathakota ape badagostharaya gaena hithala balawath eakage paeththata thamai apith umbalath kade yanne...eahew apita eaka paeththakin ohoma wela madi...
Nirosh , ජූලි 30, 2010
...
Oka ayeth kal yanawa. Aparade project deepu ayata. Paw Appa. Munta sapa wewa.................
roshan , ජූලි 30, 2010

Write comment


busy
 
                     
                       
                                               

Radio LT අහන්න...


listen with Window Media Player   listen with Winamp   listen with iTunes   listen with RealPlayer

මත විමසුම

ජනාධිපතිධූර කාලය දීර්ඝ කරන, ව්‍යවස්ථාදායක සභාවේ බලතල ජනපති යටතට පවරා ගන්නා යෝජිත ව්‍යවස්ථා සංශෝධනය ඔබ අනුමත කරනවාද?
 

18amendment.jpg

Facebook Fanbox 1.5.x.0

prageethl.jpg

අතුරුදහන්වූ මාධ්‍යවේදී එක්නැලිගොඩ පිළිබද පරීක්ෂණ කඩිනම් කරනු!