ජංගම දුරකතන සොරුන්ට සෙනසුරු දසාව පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
දේශීය
2010 මැයි 10 වෙනි සදුදා, 09:53
altශ්‍රී ලංකාවේ ජංගම දුරකතන පාරිභෝගියන්ට ඇති වන ප්‍රබලතම ගැටළුව වන සිය ජංගම දුරකතනය නැතිවීම සම්බන්ධයෙන් පිළියමක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම මගින් හඳුන්වා දී ඇත. මෙහිදී විදුලි සංදේශ නියාමන කොමිසම පවසන්නේ සිය ජංගම දුරකතනය අස්ථානගත වූ හෝ සොරකම් කරන ලද හෝ නැතිවූ අවස්ථාවන්හිදී එම ජංගම දුරකතන නැවත සොයාගැනීමට උපකාර කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.
 
මේ වෙනුවෙන් සිය ජංගම දුරකතනයේ හඳුනාගැනීමේ අංකය "IMEI" අංකය දැන සිටිය යුතු අතර, එය සොයා ගැනීම සඳහා සිය ජංගම දුරකතයෙන් *#06# අංකය ඇමතීමෙන් දැනගත හැකිය. යම් ලෙසකින් සිය දුරකතනය අස්ථානගතවීමෙන් පසු IMEI අංකය නොදන්නේ නම් සිය සබඳතාවය ලබා ගත් දුරකතන ජාලයෙන් එය ලබා ගත හැකිය. එසේ ලබා ගත් IMEI අංකය සමඟ ළඟම ඇති පොලිසියට සිය නැතිවූ ජංගම දුරකතනය පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර එහි පිටපතක් හා දුරකතනයට අදාල සියලු තොරතුරු සමඟ ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතුය. මෙසේ අදාල තොරතුරු ඉදිරිපත් කිරීමෙන් සිය නැතිවූ ජංගම දුරකතනය සොයාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසම සහය දැක්වීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.
 
මෙයට අමතරව ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවේ දුරකතන අංක 011-2662215, 011-2662216, 011-2662222, 011-5376159, 011-4514067 යන අංකවලට හා ක්ෂණික අංක 1900 යන අංකයට අමතා අදාල තොරතුරු ලබා ගත හැකි බව එම කොමිසම දන්වා ඇත.

Comments (0)

Subscribe to this comment's feed

Write comment


busy
 
                     
                       
                                               

Radio LT අහන්න...


listen with Window Media Player   listen with Winamp   listen with iTunes   listen with RealPlayer

මත විමසුම

ජනාධිපතිධූර කාලය දීර්ඝ කරන, ව්‍යවස්ථාදායක සභාවේ බලතල ජනපති යටතට පවරා ගන්නා යෝජිත ව්‍යවස්ථා සංශෝධනය ඔබ අනුමත කරනවාද?
 

001.jpg

Facebook Fanbox 1.5.x.0

prageethl.jpg

අතුරුදහන්වූ මාධ්‍යවේදී එක්නැලිගොඩ පිළිබද පරීක්ෂණ කඩිනම් කරනු!