| මට්ටක්කුලිය හමුදා කඳවුර පසුපස කැළණි ගගේ තිබී නාඳුනන මළ සිරුරක් හමුවේ |
|
|
|
| දේශීය |
| 2010 මාර්තු 08 වෙනි සදුදා, 12:01 |
|
මට්ටක්කුලිය පර්ගියුසන් පාරේ පිහිටි යුද හමුදා කඳවුර පිටුපස කැළණි ගගේ පාවෙමින් තිබූ නාදුනන පිරිම මළ සිරුරක් මෝදර පොලීසිය විසින් සොයාගෙන ඇති බව වාර්තාවේ.පොලීසිය පවසන ආකාරයට එම සිරුරේ විස්තර මෙසේය: වයස අවුරුදු 45 ක් පමණ, උස අඩි 5 යි අඟල් 3 යි, තලෙලූ, සාමාන්‍ය සිරුර, කොණ්ඩය කොටට කපා උඩු රැවුල මඳක් වවා ඇත. උඩුකය නිරුවත්ව ඇත. යටිකයට තද දුඹුරුපාට යට ඇදුමක් ඇඳ සිටී. පිටකොන්දේ දකුණු පැත්තේ හම පුපුරා ගිය තුවාලයක්ද, වම් කකුලේ දන හිසට පහල වලලූකරට උඩින් සීරීම් තුවාල දෙකක් ඇති අතර එම තුවාලවලට ප්ලාස්ටර් අලවා ඇත. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයේ තබා ඇත.
Bookmark
Email this
Comments (3)Subscribe to this comment's feedWrite comment |
මත විමසුම
| පුවත් ගැඹුරින් |
| හීන්සැරය |
| ප්රමුඛ පුවත |
| කනින් කොනින් |
| විශේෂාංග ලිපි |
| ඩයරියෙන් පිටුවක් |
| දේශපාලන කොළම |
| මල්ලීගේ CEL ලිපිය |



මට්ටක්කුලිය පර්ගියුසන් පාරේ පිහිටි යුද හමුදා කඳවුර පිටුපස කැළණි ගගේ පාවෙමින් තිබූ නාදුනන පිරිම මළ සිරුරක් මෝදර පොලීසිය විසින් සොයාගෙන ඇති බව වාර්තාවේ.








